තාක්ෂණික කුසලතා පිළිබඳ වන ඩීමෝ ඇකඩමිය (DATS) 2019 උපාධි ප්‍රදානෝත්සවය පවත්වයි.

IMG_2976

ඩීමෝ තාක්ෂණික කුසලතා සඳහා වන ඇකඩමියේ (DATS) 28 වැනි උපාධි ප්‍රදානෝත්සවය, ඩීමෝ 800 අති නවීන Mercedes-Benz මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණ.කොළඹ සහ යාපනයේ පිහිටි ඩීමෝ තාක්ෂණික කුසලතා පිළිබඳ වන ඇකඩමි දෙකෙහි ඔටෝමොබයිල් මෙකැට්‍රොනික්ස් තාක්ෂණය හැදෑරූ සිසුන් 31 දෙනෙකුට මෙහිදී සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි.

ඩීමෝ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා, ශ්‍රී ලංකාවේ ජර්මානු වාණිජ මණ්ඩලයේ වෘත්තීය පුහුණු ප්‍රධානී Josef Tschöp මහතා සහ ඩීමෝ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමණාකාරිත්වය, දෙමව්පියන් සහ DATS හි කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිරි නැමුණු වසර දෙකක පාඨමාලාවක් වන ඔටෝමොබයිල් මෙකැට්‍රොනික්ස් පාඨමාලාව, තාක්ෂණික කුසලතා  පිළිබඳව වන ඩීමෝ ඇකඩමිය (DATS) මගින් මුළුමනින්ම නොමිලයේ පවත්වයි. DATS සහතික පත්‍රලාභීන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් ඉහළ පිළිගැනීමකටද පාත්‍ර ව සිටිති,

මෙම උත්සවයේදී අදහස් දක්වමින් සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා ජර්මානු ආදර්ශ පෙන්වා දෙමින්, රටක සංවර්ධනය උදෙසා වෘත්තීය පුහුණුවෙහි හා කර්මාන්ත පාදක කරගත් වෘත්තීය පුහුණු අධ්‍යාපනයෙහි වැදගත්කම පෙන්වා දුන්නේය.

තවද ඩීමෝ හි ප්‍රධාන මානව සම්පත් නිලධාරීනී, දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය තරුණ වෘත්තිකයින් ලෙසින් වෘත්තීය ඉලක්ක කල්තියා සැලසුම් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සඳහන් කළාය.

1990 වසරේ Daimler AG හා එක්ව ඩීමෝ විසින් පිහිටුවන ලද DATS ආයතනය මෙරට තරුණ තරුණියන් උදෙසා උසස් තත්වයේ වෘත්තීය පුහුණුවක් ලබා දීම සඳහා ආරම්භ කෙරිණි. එමෙන්ම එහි ආරම්භයේ පටන්ම, ශ්‍රී ලංකාවෙහි පුද්ගලික ආයතනයක් මගින් සිදු කරන පූර්වාදර්ශ සපයන ආයෝජනයක් ලෙසින් 500 කට අධික සිසු පිරිසකට නොමිලයේ පුහුණුවද ලබා දී තිබේ.

තරුණ පරපුර, නවතම තාක්ෂණය වෙත විවර කරමින් 2010 වසරේදී තාක්ෂණික කුසලතා පිළිබඳ වන ඩීමෝ ඇකඩමිය යාපනයේදී විවෘත කෙරිණි. යාපනය හා කොළඹ ආයතන දෙකම තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම (TVEC) මගින් අනුමත ආයතන ද්විත්වයක් වන අතර, Daimler AG මගින් හඳුන්වා දුන් කාලීන ශිෂ්‍ය කේන්ද්‍රීය, ස්වයං- අධ්‍යයන සංකල්ප අනුගමනය කරයි. මෙරට ඔටෝමොබයිල් මෙකැට්‍රොනික්ස් කාර්මික ශිල්පය පිළිබඳ පුහුණුව ලබා දෙන එකම ආයතනය DATS වන අතර මෙහි අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට කාර්මික, විදුලි, ඉලෙක්ට්‍රොනික යන ක්ෂේත්‍ර පිළිබඳව වන පුහුණුව පමණක් නොව තොරතුරු තාක්ෂණය ආදී නවීන තාක්ෂණික අංග පිළිබඳව හැදෑරීමට ද අවස්ථාව උදා වෙයි. DATS ආයතනය විසින් පිරි නමන Automobile Mechatronics වසර තුනක ඩිප්ලෝමා පාඨමාලාව, තරුණ පරපුර සඳහා ලොව පුරා වෘත්තීය අවස්ථාවන් විවර කරමින්, ජර්මානු වාණිජ මණ්ඩලයෙහි පිළිගැනීමටද පාත්‍ර වී තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව