තවත් සෙලින්කෝ ලයිෆ් විකුණුම් නිළධාරීන් 43ක් මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගනියි

SLIM Diploma - 2nd graduation (LBN)

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් දියත් කරන ලද ඩිප්ලෝමා වැඩසටහන යටතේ සමාගමේ විකුණුම් නිළධාරීන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෑතකදී මූල්‍ය විකුණුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා ලබා ගත්හ.

මූල්‍ය සැලසුම්කරණය, සන්නිවේදනය, විශ්ලේෂණ කුසලතා සංවර්ධනය, කාලය කළමනාකරණය, මූල්‍ය වෙළඳපල සහ බදුකරණය ඇතුළු තවත් විෂයන් රැසක් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් විසින් ඔවුනට ම අවේණික වන ලෙස මෙම ඩිප්ලෝමා වැඩසටහන හඳුන්වා දෙනු ලැබුවේ තම විකුණුම් නිළධාරීන්ගේ කුසලතා, දැනුම සහ නිපුණතා වැඩි දියුණු කිරීමටත්, ප්‍රමුඛ පෙලේ වෙළඳපලවලට පිවිසීමට මෙන් ම ගනුදෙනුකරුවන්ට සුවිශේෂී සේවාවන් සැපයීමට හැකියාව ඇති දක්ෂ විකුණුම් බලකායක් ඇති කිරීම සඳහා යි.




ඩිප්ලෝමා අපේක්ෂකයින් සඳහා හොඳ අධ්‍යාපනයක් සහතික කිරීම වෙනුවෙන් මෙම මාස නවයක පාඨමාලාව සඳහා සමකාලීන පාඨමාලා කටයුතු, විභාග සහ පැවරුම් ඇතුලත් වේ.

ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් හි විධායක අධ්‍යක්ෂක හා ප්‍රධාන මෙහෙයුම් නිළධාරී සමිත හේමචන්ද්‍ර මහතා පැවසුවේ සමාගම ආරම්භයේ සිටම තම විකුණුම් බලකායේ සාමාජිකයින්ගේ වෘත්තීයභාවය වර්ධනය කිරීම සහ ප්‍රතිලාභ ලබා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බවයි. “අපගේ විකුණුම් වෘත්තිකයින් ඩිජිටල් මෙවලම්වලින් සන්නද්ධ කිරීමට අපි පෙරමුණ ගෙන කටයුතු කළ අතර ජීවිත රක්ෂණයට අදාළ ප්‍රමුඛ ජාත්‍යන්තර ආයතනවලින් වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සඳහා යොමු කිරීම, ‘Million Dollar Round Table’ හි සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරාදීම මෙන් ම මූල්‍ය ක්ෂේත්‍රයේ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට ද අපි කටයුතු කළෙමු.” යනුවෙන් ඔහු පැවසීය. “එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බාහිර ප්‍රජාවන්ගේ සහ ක්ෂේත්‍රයේ නියුතූ අයගේ ගෞරවය දිනාගෙන ඇති අතර සෙලින්කෝ ලයිෆ් සමඟ ස්ථාවර හා ලාභදායී වෘත්තීන් ද ගොඩනගා ගෙන තිබේ.”

SLIM හි සභාපති මහාචාර්ය ජයන්ත එන්. දේවසිරි මහතා මෙසේ පැවසීය: “අපේ රටේ ආර්ථික වර්ධනයට දායක වන අයෙකු ලෙස වෘත්තීය නිපුණතාවය ප්‍රවර්ධනය කිරීම SLIM හි එක් අරමුණකි. අපි සෑම වසරකම ශ්‍රී ලාංකිකයින් දහස් ගණනකට වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්නෙමු. වෘත්තීය සංවර්ධනය තුළින් සෙලින්කෝ ලයිෆ් සිය අලෙවි නිළධාරීන්ගේ වෘත්තීය වැඩි දියුණු කිරීමට දරණ උත්සාහයට අපි සතුටින් සහයෝගය දක්වන්නෙමු. මෙය අනෙකුත් ආයතන වලට ද ආදර්ශයකි.”

සෙලින්කෝ ලයිෆ් ශ්‍රවණාගාරයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයට සෙලින්කෝ ලයිෆ් හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරුන් වන දේවාන් කුරේ සහ පාලිත ජයවර්ධන මහත්වරුන්, අධ්‍යක්ෂක හා නියෝජ්‍ය ප්‍රධාන විධායක නිළධාරී රංග අබේනායක මහතා, SLIM උප සභාපති – අධ්‍යාපන හා පර්යේෂණ ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා, ප්‍රධාන විධායක නිළධාරී චමිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ.

2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව