තම එකම දරුවාගේ හදිසි ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා දෙමාපියන් මූල්‍ය ආධාර අපේක්ෂා කරයි

Image 01

 




 

 

තැලිසීමියා රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳින තම එකම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට පූර්ණ ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කිරීම සඳහා අනුරාධපුරයේ ජීවත් වන පවුලක් හදිසි මූල්‍ය ආධාර අපේක්ෂා කරයි. තැලිසීමියා රෝගීන් රුධිර පාරවිලයනයෙන් යැපෙන අතර ශරීරයේ හිමොග්ලොබින් මට්ටම අඩු වීම වළක්වා ගැනීම සඳහා ජීවිත කාලය පුරාවට දිනපතා රුධිර පාරවිලයනය සිදු කිරීමට අවශ්‍ය වේ.

මීගස්සෑගම නම් දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශයක ජීවත් වන 13 හැවිරිදි ශෂික උමයංග හට උපතින් පසු මාස 6 සිට සෑම මසකම නොකඩවා ලේ ලබා දීම සිදු කරනු ලබයි. කුරුණෑගල මූලික රෝහලේදී රුධිර පාරවිලයනය සඳහා කිසිඳු මුදලක් අය නොකරන නමුත් එම රුධිර පාරවිලයන ක‍්‍රියාවලියට අදාල වියදම් සඳහා මාසිකව රුපියල් 20,000 ක පමණ මුදලක් අවශ්‍ය වේ.

‘‘වෛද්‍යවරු පවසන පරිදි මගේ පුතාට වයස අවුරුදු 14 (අවුරුද්දක් තුළ) සම්පූර්ණ වීමට පෙර හදිසි ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍යයි. මගේ සැමියා රැකියාවක් ලෙස කරනු ලබන්නේ වෙළෙඳසැල්වල නාම පුවරු සෑදීමයි. මා ගෘහණියක්. අපට ස්ථිර ආදායමක් නෑ. මේ සැත්කම කිරීම සඳහා රජයේ රෝහල්වල අවශ්‍ය පහසුකම් නොමැති බැවින් එම සැත්කම පෞද්ගලික රෝහලකින් සිදු කිරීමට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමට අපට නොහැකි වී තිබෙනවා.’’ යනුවෙන් දරුවාගේ මව වන සාගරිකා උදයංගනී පැවසුවාය.

ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති පරිදි, මෙම ශල්‍යකර්මය සඳහා රුපියල් මිලියන 7 ක (ලක්ෂ 70 ක) මුදලක් අවශ්‍ය වේ. ශල්‍යකර්මයෙන් පසුව ප‍්‍රතිකාර සඳහාද අමතර මුදල් අවශ්‍ය වේ. මේ වන විට මෙම ක‍්‍රියාපටිපාටිය සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 1.5 ක ප‍්‍රතිපාදනයන් ජනාධිපති අරමුදලෙන් සහ අනිකුත් පාර්ශව මගින් ලබා දෙන බව ඔවුන්ට පොරොන්දු වී ඇත.

තැලිසීමියා රෝගය පිළිබඳ දැනුවත්භාවය හා සැලකිල්ල මේ වන විට වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර, ඇට මිදුළු බද්ධ කිරීම් හා සම්බන්ධ අමතර වියදම් සැලකීමේදී බොහෝ පවුල් ඒ සම්බන්ධයෙන් අසරණ වී සිටී. දෙමව්පියන්ගෙන් උරුම වන ජානමය රෝගී තත්වයක් වන තැලසීමියා රෝගයෙන් පෙළෙන්නන්ගේ ආයු කාලය වැඩි කරගත හැකි එකම දිගුකාලීන විසඳුම වන්නේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමයි.

මූල්‍ය අගහිඟකම්වලින් පෙළෙන මෙම පවුල සිය දරුවා බේරා ගැනීම සඳහා රුපියල් 100ක් වැනි මුදලකින් හෝ උදව් උපකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටී.

ඔබ මුදල් පරිත්‍යාගයක් කිරීමට කැමති නම් ඔබගේ පරිත්‍යාග පහත බැංකු ගිණුම්වලට බැර කරන්න;

ජේ. එම්. සාගරිකා උදයංගනී ජයකොඩි

ගිණුම් අංකය – 116857861723, සම්පත් බැංකුව, අනුරාධපුරය

ගිණුම් අංකය – 1702-0010-0055370, මහජන බැංකුව, එප්පාවල

ඔබට මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම්, කසුන් කුමාර සහ සාගරිකා උදයංගනී යන ශෂික පුතුගේ දෙමාපියන් 071- 1222251, 076-042225 හා 071- 275225 යන දුරකතන අංක ඔස්සේ ඔවුන්ව ඇමතිය හැකිය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව