
ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයන්ට විසඳුම් ලබාදීමේ ප්‍රමුඛයෙකු වන ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි විශ්වසනීය සන්නාමය වන ඩේවිඩ් පීරිස් සෝලා එනජි විසින් ලීමා ක්‍රියේෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි කර්මාන්තශාලා පරිශ්‍රයේ වහලයේ අති දැවැන්ත සෝලා ව්‍යාපෘතියක් පසුගියදා සාර්ථකව සම්පූර්ණ කළේය. ලීමා ක්‍රියේෂන්ස් යනු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගෘහ අලංකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට නමක් දිනු ආයතනයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කාර්මික හා වාණිජ ආයතන සඳහා මහා පරිමාණ සූර්ය බලශක්ති විසඳුම් ලබාදීමට ඩේවිඩ් පීරිස් සෝලා එනර්ජි සතු හැකියාව සදහා තවත් එක් උදාහරණයක් ලෙස මෙම ව්‍යාපෘතිය හැදින්විය හැකිය.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ විදුලිය සඳහා මාසිකව දැරීමට සිදුවන පිරිවැය සම්පුර්ණයෙන්ම ඉවත් කොට වඩාත් තිරසාර හා පරිසර හිතකාමී ක්‍රමවේදයකට යොමු වීමයි. මෙහි 590W Jinko N වර්ගයේ PV සෝලා මොඩියුල 848ක් භාවිත කර ඇති අතර එය කිලෝවොට් පැය 500ක ධාරිතාවයෙන් යුක්ත වේ. තවද මෙය Huawei 100kW ඉන්වර්ටර් හතරකින් බලගැන්වෙන නිසා උපරිම කාර්ය සාධනයක් සහ බලශක්ති කාර්යක්ෂමතාවක් සහතික කරයි. මෙම පද්ධතිය වාර්ෂිකව කිලෝවොට් පැය 660,422ක පමණ විදුලිය නිපදවනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් හරිතාගාර වායු විමෝචනය වාර්ෂිකව 429.27 tCO₂e කින් පමණ අඩු වනු ඇත.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ගීත් සමරනායක මහතා මෙසේ පැවසුවේය. “ලීමා ක්‍රියේෂන්ස් කර්මාන්තශාලා පරිශ්‍රයේ මහා පරිමාණ හා නවීන සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේම මෙවැනි දැවැන්ත ව්‍යාපෘති සිදු කිරීමට අවශ්‍ය ධාරිතාව, විශේෂඥතාව සහ තාක්ෂණය අප සතු වනවා. මෙවැනි ව්‍යාපෘති කිහිපයක් නුදුරු අනාගතයේදීත් දියත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඩේවිඩ් පීරිස් සමූහයේ 40 වසරක විශ්වාසය රැගත් අලෙවියෙන් පසු සේවය සමග පාරිභෝගිකයින්ට දිගුකාලීන වටිනාකමකින් යුතු විශ්වසනීය සේවාවක් අපෙන් ලබාගන්න පුළුවන්.”
සූර්ය බලශක්ති පද්ධතියක ආයෝජනය කිරීම තුළින් බලශක්ති පිරිවැය ගැන කිසිඳු වදවීමකින් තොරව ඕනෑම විදුලි උපකරණයක් භාවිත කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවේ. එපමණක් නොව බලශක්ති ඉතිරිය සහ එය ජාතික පද්ධතියට ලබා දීම හරහා අමතර ආදායමක්ද හිමිකරගත හැකිය. එමනිසා මෙය පාරිභෝගිකයින් සිය අනාගතය උදෙසා ගනු ලබන බුද්ධිමත් සහ තිරසාර තීරණයක් බවට පත්වනු නිසැකයි.
ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි ඔබේ බලශක්ති අවශ්‍යතා සඳහා ලබාදෙන තිරසාර විසඳුම් පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට www.dpre.lk වෙත පිවිසෙන්න. එසේ නැතහොත් 0114700440 සහ 0114700444 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ විකුණුම් සහ තාක්ෂණික අංශයන්හි සහාය ලබාගන්න.