ඩිජිටල් මාධ්‍ය හරහා නව බඳවා ගැනීම් හි විප්ලවීය වෙනසක් සිදු කරමින් Azend Technologies විසින් Careers360 දියත් ක‍රයි

Careers360_Logo

 



 

 

නව වෘත්තීන් සහ නව රැකියා අපේක්ෂකයින් සොයා ගැනීම සඳහා රැකියා අපේක්ෂකයින් සහ සේවායෝජකයන් එකිනෙකා හා සම්බන්ධ කරන, ශ්‍රී ලංකාවේ නවතම රැකියා ගවේෂණය කිරීමේ වෙබ් අඩවිය වන Careers360 හඳුන්වා දෙනු ලැබීය.  අන්තර්ජාතික මට්ටමේ පරිශීලක අත්දැකීමක් ලබා දෙමින්   භාවිතයට ඉතා පහසු, සරල, නව්‍ය සහ විනිවිද භාවයෙන් යුත් Careers360 වෙබ් අඩවිය Azend Technologies (Pvt) Ltd හි අද්විතීය හඳුන්වා දීමකි.

නව විශේෂාංග රැසක් ගෙනෙන Careers360.lk වෙතින් නැවුම් මුහුණුවරකින් ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික රැකියා වෙළඳපොළ වර්ණ ගන්වයි. විශාල පරිමාණයේ රැකියා බඳවා ගැනීම් ඵලදායී පිරිවැයක් සහිතව සිදු කිරීමට අපේක්ෂා කරන හෝ   තනි පුද්ගල රැකියා දැන්වීම්කරුවන්ට සහ සමාගම් වෙත එකිනෙකාට සරිලන පැකේජ කිහිපයක්ම මෙහි අඩංගු වේ.

මෙම වෙබ් අඩවිය හරහා, සියලුම මට්ටම් වල රැකියා අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් හට  ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රැකියා සෙවීමේ කර්මාන්තය සඳහා අන්තර් – ක්‍රියාකාරී විකල්පයක් සැපයීමට මෙම නවතම හඳුන්වා දීම සමත් වී ඇත.රැකියා අපේක්ෂකයින්ට තම ලිපි ලේඛන සකසා ගැනීමට සහ ඔවුන්ගේ සුදුසුකම් සහ පළපුරුද්ද අනුව ඒවා යාවත්කාලීන කිරීමට මෙන්ම පුරප්පාඩු වූ තනතුරු සඳහා සෘජුවම අයදුම් කිරීමට ද මේ හරහා අවස්ථාව හිමි වේ.එමෙන්ම Careers360 හි headhunting විශේෂාංගය හරහා ඍජුවම රැකියා අපේක්ෂකයින් හා සම්බන්ද වීමට දැන් බඳවා ගන්නන් හට  අවකාශය ඇත.  මෙම නවතම වෙබ් අඩවියට අයත්  Careers360LK හි YouTube නාලිකාව හරහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් වෘත්තීය මාර්ගෝපදේශන සහ නව රැකියා අවස්ථාවන් ගවේෂණය කිරීමේදී  අනුගමනය කල යුතු දේ පිළිබඳව ද දැනුමක් ලබා දේ. මේ සියල්ල සහ තවත් බොහෝ දේ සඳහා රැකියා අපේක්ෂකයින් හට www.careers360.lk/sign-up හි කිසිදු වියදමකින් තොරව ලියාපදිංචි විය හැක.

Azend Technologies හි ප්‍රධාන විධායක නිලධාරී රජිව් සිල්වා මෙසේ පවසන ලදී.”දිගු කාලීන වෘත්තියක් සොයන පුද්ගලයන් හට හොඳම විසඳුම වන්නේ Careers360 යි.  එය හැසිරවීමට ඉතා පහසු වන අතර අපේක්ෂකයින් නිවැරදි සේවා යෝජකයන් සමඟ සම්බන්ධ කිරීම සඳහා ඉතා ඵලදායී විසඳුමක් වෙනවා. එමෙන්ම Careers360 අපේක්ෂකයින් සඳහා දිගුකාලීන වෘත්තීන් ලබා දීමට සහ සේවා යෝජකයාට හොඳම දක්ෂතා ආකර්ෂණය කර ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ද නිරතුරුවම සහයෝගය දක්වනවා.”

විශේෂයෙන්ම මෙම වෙබ් අඩවිය හරහා සේවා යෝජකයින් හට තම රැකියා අබෑර්තු පිලිබඳ දැන්වීම් කළමනාකරණය කිරීමටත් දක්ෂතාවයෙන් අනූන රැකියා අපේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමටත් එක් අවකාශයක් ලබා දී ඇත. ගෝලීය බඳවා ගැනීමේ මෙවලම්වල එන headhunting, profile matching, සහ pre-screening questions වැනි හුරුපුරුදු විශේෂාංග ද මෙම  දේශීය  මෙවලමේ දැක ගත හැකිය. Careers360, ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් මාධ්‍ය හරහා බඳවාගැනීමේ විප්ලවීය වෙනසක් ඇති කරමින්, සාමාජිකයින්ට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට සහ blockchain විශේෂාංග වැනි අඛණ්ඩ නවෝත්පාදන ප්‍රවාහයකට දොරටු විවර කර දෙයි. මෙය දියත් කර කෙටි කාලයක් තුළ බඳවා ගන්නන් 100 ඉක්මවා ඇති අතර MacBooks සිට iPhone දක්වා විශේෂ දීමනා දිනා ගැනීමට ද එහි ලියාපදිංචි වන පුද්ගලයින් හට අවස්ථාව ලැබේ.

වැඩි විස්තර සඳහා www.careers360.lk වෙත පිවිසෙන්න නැතහොත් 0727 360 360 අමතන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව