ඩැන්ඩෙක්ස් වෙතින් නව ඩැන්ඩෙක්ස් Head & Hair 2-in-1 නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි

Dandex Head Hair range (LBN)

 



 

 

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ ප්‍රමුඛතම ඉස්සොරි මර්දන ෂැම්පු නිෂ්පාදනයක් වන  ඩැන්ඩෙක්ස් ශ්‍රී ලංකාවේ කාන්තා පාර්ශවයට ගැලපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට අදාළ විසඳුම් ලබා දෙමින් ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ හඳුන්වා දෙයි.  හිසකෙස් රැකවරණය පිළිබඳ වසර 30ක විශේෂඥ දැනුමෙන් පරිපූර්ණ  ඩැන්ඩෙක්ස්හි, නව ඩැන්ඩෙක්ස් Head & Hair වෙළඳපොළට හඳුන්වා දෙන්නේ 2 in 1 නිෂ්පාදනයක් ලෙසයි. එනම් එය ඉස්සොරිවලට එරෙහිව සටන් කරන අතරම, නිරෝගී හිස්කබලක් සහ සිනිඳු, සුමුදු කෙස් කළඹක් ලබා දෙයි.

ඩැන්ඩෙක්ස් Head & Hair නව නිෂ්පාදන පෙළ Power Moisture, Strong & Nourish සහ  Healthy & Fresh යන අද්විතීය ෂැම්පු ප්‍රභේද  03කින් සමන්විතයි. මෙම සෑම ප්‍රභේදයක්ම හිස්කබල සහ හිසකෙස් පෝෂණය, මොයිස්චරයිසින් සහ පිරිසිදු කිරීම සඳහා සකස් කර ඇති අතර පාරිභෝගිකයාගේ ජීවන රටාව මත පදනම්ව මතු වී ඇති විවිධ පාරිභෝගික අවශ්‍යතා රැසකට විසඳුම් සපයයි. ඩැන්ඩෙක්ස් මූලික ප්‍රභේදයේ මෙන් ම ඩැන්ඩෙක්ස් – Head & Hair හි සෑම ප්‍රභේදයකම Climbazole අඩංගු වන නිසා  Malassezia ඇති කරන ඉස්සොරි තත්ත්වයන්ට එරෙහිව කටයුතු කරන බව සායනිකව සහතික කර ඇත. එසේම මෙම සෑම ප්‍රභේදයකම Provitamin B5 සහ ස්වභාවික සාරයන් ද  අඩංගු වෙයි.

Power Moisture ප්‍රභේදය හිස්කබලේ සහ හිසකෙස් මූලවලට තෙතමනය එක් කිරීම සහ මොයිස්චරයිසින් කිරීම අරමුණු කර ගෙන ඇත. එහි අඩංගු ස්වභාවික සාරයන් වන ඔලිව් ඔයිල් සහ බ්ලැක් සීඩ් සිනිඳු සහ දිලිසෙන හිසකෙස් ලබා දෙන බව සහතික කරයි. Strong & Nourish ප්‍රභේදය හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය සහ ශක්තිය ලබා දෙමින් හිසකෙස් වැටීම අවම කිරීම සහතික කරයි. තෙල්, බැක්ටීරියා, දුහුවිලි ඉවත් කර, හිස් කබල මෘදු ලෙස පිරිසිදු කරන Healthy & Fresh ප්‍රභේදය හිස්කබලට ප්‍රතිජීවයක් එක් කරමින් හිසකෙස්වලට නැවුම් බවක් ලබා දෙයි.

ඩැන්ඩෙක්ස් – Head & Hair පරාසයේ මිලි ලීටර් 80 බෝතලයක් රුපියල් 370ක් ලෙස ද, මිලි ලීටර් 175 බෝතලයක මිල රුපියල් 650ක් ලෙස ද මිල කර ඇති අතර දිවයින පුරා අලෙවිසැල් මගින් ලබා ගත හැක.  වැඩි දියුණු කළ නව ඩැන්ඩෙක්ස් මූලික ප්‍රභේදයට වඩා ඩැන්ඩෙක්ස් – Head & Hair හි ඇසුරුම්කරණය සැලකිය යුතු ලෙස වෙනස් වේ. මෙම සෑම නව ප්‍රභේදයකම සායනික තොරතුරු හා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය පිළිබඳව ඇසුරුමේ සඳහන් වී ඇති නිසා පාරිභෝගිකයාට විශ්වාසයෙන් යුතුව භාවිත කිරීමේ හැකියාව ලැබෙයි.

ඉස්සොරි ගැටලු අවම කිරීම, හිස්කබල සහ හිසකෙස් මොයිස්චරයිසින් කිරීම, පෝෂණය ලබා දීම සහ හිසකෙස් මෘදු, සිනිඳු සහ දිදුලන බවට පත් කරන අද්විතීය ගුණාංගයන් සැපයීම සඳහා ඩැන්ඩෙක්ස් – Head & Hair හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින් සායනික පර්යේෂණවලට ලක් කර නිෂ්පාදනය කර ඇත. ඩැන්ඩෙක්ස්  Head & Hair 2 in 1, රූපලාවන්‍ය වශයෙන් ඵලදායි සහ ඉස්සොරි ඉවත් කිරීමට දායක වන නිෂ්පාදනයක පාරිභෝගික අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණෙන් හඳුන්වා දී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව