ඩර්ඩන්ස් රෝහලේ අක්ෂි ආරක්ෂණ ඒකකයේ කටයුතු සඳහා නවතම තාක්ෂණයේ ZEISS OPMI Lumera 700 ශල්‍ය අන්වීක්ෂයක්

ZEISS-OPMI-Lumera-700

දේශීය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට නවීන තාක්‍ෂණය හඳුන්වා දීමේ කාර්යය නිරන්තරයෙන් ඉටු කරන ඩීමෝ හි වෛද්‍ය ඉංජිනේරු කණ්ඩායම විසින් කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අක්ෂි ප්‍රතිකාර තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් ජාත්‍යන්තර තත්ත්වයේ ZEISS OPMI Lumera 700 ශල්‍ය අන්වීක්ෂයක් එම රෝහලේ ස්ථාපනය කිරීම පසුගියදා  සාර්ථකව නිම කරන ලදී.

ZEISS OPMI Lumera 700, අක්ෂි වෛද්‍ය අංශයේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කරන ශල්‍ය අන්වීක්ෂයක් වන අතර, ඇසේ සුද ඉවත් කිරීමේ හා දෘෂ්ටි විතානයේ සැත්කම් සඳහා එය විශේෂයෙන් නිපදවා තිබේ. මෙම ශල්‍ය අන්වීක්ෂය මගින් ඉතා පැහැදිලි දර්ශන ලබා දෙන අතර, ඒ හේතුවෙන් සායනික වශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ළඟා කර දේ. මෙම නවතම ශල්‍ය අන්වීක්ෂය භාවිත කිරීමෙන් ඉතා විශිෂ්ට පූර්ව-දැනුවත් තීරණ ගැනීමට වෛද්‍ය වෘත්තිකයින්ට හැකියාව ලැබෙන බැවින්, සිදු කරනු ලබන ශල්‍ය කර්මයන් සම්බන්ධයෙන් ඉතා හොඳ පැහැදිලිභාවයක් මෙන්ම, සමස්ත ශල්‍යකර්ම ක්‍රියාවලිය පිළිබඳව විවේචනාත්මක අවබෝධයක්ද ලැබේ.

ශල්‍ය අන්වීක්ෂ නිරන්තරයෙන් පරිණාමය විය යුත්තේ නව්‍යතම ශල්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් හා සමාන්තර වන පරිදි, රෝගීන්ගේ අවශ්‍යතාවන් සපුරාලනු උදෙසා මෙන්ම ශල්‍යාගාරයක් පවත්වාගෙන යාමේදී පිරිවැය අඩු  වන පරිදිය. ZEISS OPMI Lumera 700, එහි වැඩිදියුණු කළ අංග සමගින් මෙම කාරණා සම්බන්ධයෙන් මාහැඟි විසඳුම් සපයයි. මෙම ශල්‍ය අන්වීක්ෂය, වෛද්‍යවරුන්ට ශල්‍ය කර්මයේදී, බහුකාර්ය පද්ධතියක් මෙන්ම ප්‍රශස්ත මෙවලම් කට්ටලයක් සැපයෙන පරිදි ඉහළම තත්ත්වයේ මූලික ආකෘතියක් හා පුළුල් විසඳුම් ඒකාබද්ධ කරමින් නිපදවන ලද්දකි.

මේ පිළිබඳව අදහස් දක්වමින්, ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“දැන් ශ්‍රී ලංකාවට නවීනතම අක්ෂි වෛද්‍ය ඉංජිනේරු තාක්ෂණයේ ප්‍රතිඵල ඩර්ඩන්ස් රෝහලේදී අත් විඳිය හැකියි. වෛද්‍ය ඉංජිනේරු ක්ෂේත්‍රයේ තාක්‍ෂණය නිරන්තරයෙන් විකාශනය වන දෙයක් නිසා එම තාක්ෂණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක්. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ තාක්‍ෂණික විසඳුම් ගෙන ඒමට ඩීමෝ නිරන්තරයෙන් පෙරමුණ ගෙන කටයුතු කරනවා. ශ්‍රී ලාංකිකයින්ට ලබා දෙන ප්‍රතිකාර ගුණාත්මකභාවයෙන් ඉහළ නැංවීම සඳහා ඩර්ඩන්ස් රෝහල නවීන වෛද්‍ය ඉංජිනේරු තාක්‍ෂණය හා සම්බන්ධ කිරීම ආඩම්බරයට කරුණක්.”

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව සඳහන් කරමින් ඩර්ඩන්ස් රෝහලේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හර්ෂ බරණගේ මහතා සඳහන් කළේ, ඩර්ඩන්ස් රෝහලේ විශිෂ්ටතම අක්ෂි වෛද්‍ය මධ්‍යස්ථානය නිරවද්‍යතාවය පදනම් කරගත් ප්‍රතිකාර සඳහා නිරන්තරයෙන් යොමු වන බවයි. “අපගේ රෝහලේ සේවය කරන ලෝ-ප්‍රකට වෛද්‍යවරුන්ට හොඳම ප්‍රතිඵල ළඟා කර ගැනීමට සහය වීම සඳහා අපි සැම විටම නවතම තාක්ෂණය වෙනුවෙන් ආයෝජන සිදු කරනවා.” ඔහු පැවසීය.

මෙම අන්වීක්ෂයේ විශේෂ ලක්ෂණ පිළිබඳව විස්තර කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එහි පවතින කෙරටොස්කෝප් ඇමිණුම් සහ ඒකාබද්ධ මොනිටරය ආදී සුවිශේෂී අංග දැනට රටේ වෙනත් තරගකාරී ශල්‍ය අන්වීක්ෂවල පවා නොමැති බවයි.

මෙම ශල්‍ය අන්වීක්ෂය මගින් නිරන්තර දීප්තිය සහ දීප්තිමත්භාවය පවත්වා ගැනීම සඳහා  Stereo Coaxial Illumination (SCI) විශේෂාංගය පවතින බැවින් රෝගියාගේ ඇසේ සෑම විස්තරයක්ම වෛද්‍යවරයාට පැහැදිලිව දැකීමේ හැකියාව පවතී. The RESIGHT® fundus viewing system සමගින් OPMI Lumera 700 මගින් බාධාවකින් තොරව ඒකාබද්ධ වන අතර, එමගින් අසමසම ක්ෂේත්‍ර ගැඹුරක් සහ පැහැදිලි බවක් ලබා දෙයි.

ZEISS යනු දෘෂ්ටි හා අක්ෂි ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ ලොව සුපතල සන්නාමයකි. වෛද්‍ය ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුමක් සහිත ඩීමෝ, ශ්‍රී ලංකාවේ ZEISS සඳහා බලයලත් නියෝජිතයා ලෙසින්, අලෙවියෙන් පසු අවශ්‍ය සියලු සේවාවන් සැපයීමට සෑම අතින්ම සූදානම්ව සිටී.

ඩිමෝ වෛද්‍ය ඉංජිනේරු විසඳුම්, ලොව හොඳම වෛද්‍ය උපකරණ නිෂ්පාදකයින් සමග කටයුතු කරමින්, රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවල ගුණාත්මකභාවය නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමට කටයුතු කරන අතරෙහි ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් සහිත පුළුල් පරාසයක නිෂ්පාදන ඉදිරිපත් කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව