ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සහ Daraz ඊ-වාණිජ්‍ය සේවාව මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සවි බල ගැන්වීම වෙනුවෙන් අත්වැල් බැඳ ගනී

Daraz-1 (LBN)

 



 

 

දකුණු ආසියාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන මාර්ග ගත (Online) වෙළෙඳපොළක් වන Daraz විසින්, තමා සමඟ එක් වී සිටින සුළු හා මධ්‍යම පරිමාණ විකුණුම් කරුවන් වෙත විකුණුම් ණය පහසුකම් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නැඟීගෙන එන ඩිජිටල් මූල්‍ය සමාගමක් වන ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී  සමඟ මෑතක දී සහයෝගීතාවක් ගොඩනඟා ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහා  අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණයි.

මේ යටතේ, ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී විසින් Daraz සේවාව හා සම්බන්ධ විකුණුම් කරුවන්ට කාරක ප්‍රාග්ධන මූල්‍ය පහසුකම් ලබා දෙන අතර, එය වෙබ් අඩවිය තුළ ඔවුන්ගේ නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට සහ ඔවුන් අන්තර්ජාල වෙළෙඳසැල් සංකල්පය සමඟ එක් වීමේ ප්‍රවණතාව ඉහළ නැංවීම අරමුණු කරයි.  ‍Daraz හා සම්බන්ධ  විකුණුම් කරුවන්ට වැඩි පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගැනීම, ඔවුන්ගේ විකුණුම් ආදායම් තත්ත්වය වැඩි කර ගැනීම, පුළුල් පාරිභෝගික පදනමක් කරා ළඟා වීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීම ආදී ඉලක්ක සඳහා සහයෝගය ලබා දීම මෙමගින්  අපේක්ෂිත අනෙකුත් ප්‍රතිලාභයි. ඊට අමතරව ඩිජිටල් මූල්‍යකරණ සේවාවන් යනු සාම්ප්‍රදායික ණය පහසුකම්වලින් ඔබ්බට ගිය, වඩාත් පහසුවෙන් ලබා ගත හැකි මෙන් ම කාර්‍යක්ෂම ක්‍රමවේදයක් නිසා එමඟින් වේගවත්ව ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව ඇත.

මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Daraz Sri Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, “අපගේ සේවාව මගින් විකුණුම් කරුවන්ට අත්‍යවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන්  ඩයලොග් ෆයිනෑන්ස් පීඑල්සී සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. Daraz වැනි විද්‍යුත් වාණිජ්‍ය සේවාවන් සමඟ එක් වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ පිරිවැය කාර්යක්ෂමතාව වර්ධනය කිරීම, පුළුල් වෙළෙඳපොළ  ප්‍රවේශය හා දත්ත විශ්ලේෂණ ක්‍රියාවලිය සක්‍රීය කිරීම හරහා  වර්ධනීය අවස්ථා නිර්මාණය සහ  සම අදහස් සහිත ව්‍යාපාර සමඟ  හවුල්කාරිත්වයන් ගොඩනැංවීම වැනි අවශ්‍යතා සඳහා  ශක්තිමත් සහයෝගයක් මෙම නව හවුල්කාරිත්වය හරහා ලබා දීමට අපට හැකියාව ලැබෙනවා කිව්වොත් මා නිවැරදියි. ඒ වගේ ම  ශ්‍රී ලංකාව ප්‍රධාන දකුණු ආසියානු කලාපය තුළ ජීවත් වන විවිධ ජන කණ්ඩායම් වෙත නව්‍ය හා වැඩිදියුණු කළ මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීමේ හැකියාව මෙමඟින් ලැබෙන බවත් පැවසිය යුතුයි. ” යනුවෙනි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී  හි ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ නසීම් මොහොමඩ් මහතා පැවසුවේ, “විද්‍යුත් වාණිජ්‍ය සේවාවෙහි ලියාපදිංචි විකුණුම් කරුවන්ට, විකුණුම් ණය පිරිනැමීම සඳහා  Daraz සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටියයි. එම නිසා ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ වර්ධනයට සහය දැක්වීම වෙනුවෙන් අපි කැප වී සිටිනවා. ව්‍යාපාර සඳහා මුල්‍ය විසඳුම් ලබා දීම පිළිබඳ අපගේ පුළුල් පළපුරුද්ද සමඟින්, Daraz සමඟ සම්බන්ධ විකුණුම් කරුවන්ගේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමේ හැකියාව අප සතු වන බව මම විශ්වාස කරනවා.” යනුවෙනි.

මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය සහ විද්‍යුත් වාණිජ්‍යය අංශ තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය මෙරට ආර්ථික වර්ධනයට, ජනතාව තුළ වටිනාකම් ගොඩනැංවීමට මෙන් ම නව සමාගම් අතර සහයෝගීතා නිර්මාණය කිරීමට ද ශක්තිය ලබා දෙයි.  Daraz සහ ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී මෙරට  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට දැරිය හැකි මට්ටමේ ණය සඳහා ප්‍රවේශය ලබා දීම හරහා ඔවුන් සවි බල ගන්වමින් රටේ ආර්ථිකයේ සමස්ත සංවර්ධනයට දායක වන බව ද පැවසිය යුතුය.  මෙම හවුල්කාරිත්වය, සහයෝගීතාවේ බලය පිළිබඳ හොඳ ම සාක්ෂියක් වන අතර, මෙමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත සහයෝගය ලබා දීම මෙන් ම රටේ  ආර්ථික සංවර්ධනයට දායක වීම ද  අනෙකුත් සමාගම් හා කර්මාන්තවලට ආදර්ශයකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව