ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම (DSL) විසින් ලෝක ප්‍රකට Hikoki Power Tools ශ්‍රී ලංකාවේ දියත් කරයි

01 (LBN)

ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම (DSL), මෝටර් රථ අමතර කොටස් ආනයනයේ කීර්තිමත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ අමතර කොටස් ආනයනය කරනු ලබන ඩග්ලස් සහ පුත්‍රයෝ  පුද්ගලික සමාගම (DSL), ලෝක ප්‍රකට බලමෙවලම් උපකරණ නිෂ්පාදකයෙකු වන Hikoki Japan සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගන්නා ලදී. කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති එළිදැක්වීමේ උත්සවයකදී මෙම හවුල්කාරිත්වය පිළිබඳ නිවේදනය කරනු ලැබීය. ලොව පුරා දැනට භාවිත වන හොඳම බලමෙවලම් උපකරණ මාදිලීන් මෙරටට හදුන්වා දීම මෙහිදී සිදු විය. මෙම සම්භාවනීය අවස්ථාව සදහා Hikoki Power tools India පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යයක්ෂ යෝෂිකි යමොනොකුචි, ඩග්ලස් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ සරෝජ් පෙරේරා, Hikoki Power tools India පුද්ගලික සමාගමේ අපනයන ව්‍යාපාර සාමාන්‍යාධිකාරී නවීන්, ඉන්දියානු නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික හවුල්කරුවන් එක්වී සිටියහ.

 



 

උත්සව සභාව අමතා DSL හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ සරෝජ් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, ”Hikoki Japan වැනි ලෝක ප්‍රකට සන්නාමයක් සමඟ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ බලමෙවලම් උපකරණ ලබාදීමට හැකි වීම අපට ඉතාම ගෞරවයක්. DSL ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට ප්‍රමිතියෙන් ඉහළ වාහන අමතර කොටස් ලබාදීමේ දශක තුනක දිගුකාලීන ඉතිහාසයකට හිමිකම් කියයි. විශ්වාසනීය ජාත්‍යන්තර සන්නාම සමඟ ගනුදෙනු කිරීමට හැකිවීම ගැන අපට ආඩම්බරයක් ඇති වෙනවා මෙන්ම, මෙරට තුල වාහන අමතර කොටස් සපයන ප්‍රමුඛතම සැපයුම්කරු ලෙස DSL නමක් දිනාගෙන ඇත.”

Hikoki Power tools India පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යයක්ෂ යෝෂිකි යමොනොකුචි මහතා පවසා සිටියේ ” අප මෙම කලාපය තුළ අපගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් පුළුල් කිරීමට බලාපොරොත්තු වන අතර, ශ්‍රී ලංකාවේ බලමෙවලම් උපකරණ වෙළදපලට පිවිසීම අපගේ එක් අරමුණක් වේ. Hikoki Japan සතුව ප්‍රමිති සහතික ලැබූ බලමෙවලම් උපාංග රැසක් ඇත. DSL ශ්‍රී ලංකාවේ Hikoki සන්නාමය සදහා වූ බලයලත් ගෙන්වා බෙදාහරින්නා සහ අලෙවියෙන් පසු සේවා සපයන්නා බවට පත්වේ” යැයි ඔහු පැවසිය.

Hikoki හි ප්‍රධාන බලමෙවලම් උපකරණ සන්නාමය මීට පෙර Hitachi ලෙස හැඳින්වූ අතර එය දේශීය වෙළඳපොළට සමීපතම සන්නාමයකි. තාක්ෂණික දියුණුවත් සමඟ Hitachi විශිෂ්ඨත්වය වසර ගණනාවක් පුරා වැඩිදියුණු වී, පරිපූර්ණත්වයට පත් වී ඇති අතර එම නිසා ලොව පුරා විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් අත්පත් කර ගෙන ඇත. තාක්‍ෂණික නවෝත්පාදනයන්හි ඉදිරියෙන්ම සිටින, Hikoki නව නිෂ්පාදන සඳහා පේටන්ට් අයිතිය හිමි සහ පරිශීලකයින්ගේ වැඩ බර අඩු කරන විවිධ වර්ගයේ උපකරණ සහ විකල්ප ඉදිරිපත් කරයි.

Li-ion රැහැන් රහිත උපකරණ, Carbon Brush රහිත මෝටර් උපකරණ, විදුම් සහ කඩා ඉවත් කිරීමේ උපකරණ, ඔප දැමීම සහ Sander උපකරණ, කැපුම් සහ කියත් උපකරණ සහ වායුමය උපකරණ ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට ලබා ගත හැකි බලමෙවලම් උපකරණ අතරට ඇතුළත් වේ.

වසර 35කට අධික වෙළෙඳපල විශිෂ්ටත්වය සමඟින්, මෝටර් රථ, ටයර්, බැටරි, බල මෙවලම් සහ මෘදු සෙල්ලම් බඩු ආදියෙහි, DSL සිය ආනයනික වෙලදපලේ ප්‍රමුඛයා ලෙස පෙනී සිටී. මෝටර් රථ උපාංග සහ බලමෙවලම් උපකරණ සදහා විසඳුම් සැපයීමේ ප්‍රමුඛයා ලෙස ඉදිරියට එමින්, ලෝක ප්‍රකට සන්නාමයන් දිවයින පුරා ව්‍යාප්ත කර ඇත. මෙම නව උපාංග මාදිලි දිවයින පුරා පිහිටි DSL ප්‍රදර්ශනාගාරවලින් සහ බලයලත් බෙදාහරින්නන්ගෙන් ලබාගත හැක. වැඩි විස්තර සඳහා 0117 959 900 අමතන්න

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව