ට්රෙන්ටෙක් විසින් බල ගැනවුණු ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම එළි දකී

Treinetic (LBN)

ශ්රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික වායු තත්ත්ව වෙබ් යෙදුම” නිල වශයෙන් ජනගත කිරීමේ උත්සවය සැප්තැම්බර් 08 වැනි දින පරිසර  අමාත්ය වෛද්ය ධම්මික පටබැඳිගේ හා නියෝජ්ය පරිසර  අමාත්ය ඇන්ටන් ජයකොඩිගේ ප්රධානත්වයෙන් මධ්යම පරිසර අධිකාරියේ ශ්රවනාගාරයේදී පැවැත්විණි. එම ජාතික වායු තත්ත්ව යෙදුම සඳහා පූර්ණ මූල්ය දායකත්වය වාහන වායු විමෝචන භාරකාර අරමුදල සපයා ඇති අතර එම යෙදුම සංවර්ධනය කර බල ගන්වන ලද්දේ ශ්රී ලංකාවේ ප්රමුඛ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන ට්රෙන්ටෙක් පෞද්ගලික සමාගම විසිනි.

මෙම අවස්ථාවට පරිසර අමාත්යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල, අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩී. එස්. සී. වැලිවත්ත, මධ්යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්, අධ්යක්ෂ ජනරාල් ආර්. එස්. පී. කපිල රාජපක්ෂ, ට්රෙන්ටෙක් පෞද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලදාරී ඉමාල් පෙරේරා, අධ්යක්ෂ ගිහාන් විජේසිංහ, ආයතනයේ ඉංජිනේරුවරුවෝ සහ පරිසර නියමු කණ්ඩායම නියෝජනය කරමින් පරිසර නියමු සිසු දරුවවෝ සහභාගී වූහ. මෙම අවස්ථාවට  පාර්ශ්වකාර ආයතන නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධ වූ අතර වැඩසටහනේ හරවත් බව ඔප නංවමින් විද්වත් දේශන දෙකක්ද පැවැත්විණි. මෙම වෙබ් අඩවිය වෙත www.aq.cea.lk වෙබ් ලිපිනය ඔස්සේ ළඟා විය හැකිය.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව