ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලේ නිර්මාතෘ පවුලේ සාමාජිකයෝ එහි සියවස් සැමරුමට එක්වෙති

IMG_9773 (LBN)

 



 

 

ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල ආරම්භ වී වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 2023 අගෝස්තු 24 දින විශේෂ උත්සවයක් පවත්වන ලදි. ජෝසෆ් ෆ්‍රේසර් මහතාගේ මිණිබිරිය වන පැට්‍රීෂියා මොලී මහත්මියද සමගින් පවුලේ සාමාජිකයින් එම අවස්ථාවට සහභාගී වීම විශේෂත්වයක් විය. අභාවප්‍රාප්ත වූ සිය සැමියා නමින් 1923 වසරේදී ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල ආරම්භ කරන ලද්දේ ජෝසෆ් ෆ්‍රේසර් මහතාගේ බිරිඳ වූ ක්‍රිසී ෆ්‍රේසර් මහත්මිය විසිනි.

ෆ්‍රේසර් පවුලේ වර්තමාන පරම්පරා කිහිපයක සාමාජික සාමාජිකාවන් එක් වූ මෙම අවස්ථාවට ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු සහ ජෝසෆ් ෆ්‍රේසර් අනුස්මරණ පදනමේ භාරකරු තෝමස් ඩෙට්වයිලර් යන මහත්වරුන්ද සහභාගී වූ අතර, එහිදී තියෝ ප්‍රනාන්දු මහතා සහ තෝමස් ඩෙට්වයිලර් මහතා විසින් පැට්‍රීෂියා මොලී මහත්මිය වෙත සමරු ඵලකයක්ද ප්‍රදානය කරන ලදි.

මෙම සුවිශේෂී අවස්ථාව සැමරීම මෙන්ම ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල මගින් මෙරට කාන්තාවන් හා දරුවන් වෙත ලබාදෙන සත්කාරයේ ගුණාංග සංකේතවත් කිරීමක් වශයෙන්, ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල් උද්‍යානයේ නෙල්ලි පැළයක් රෝපණය කිරීමද සිදුකෙරිණි.

මෙම උත්සවයේදී ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලේ සියවසක ගමන් මග තුළ පසුකළ සුවිශේෂී සන්ධිස්ථාන ඇතුළත් වාර්තා වැඩසටහනක් පවත්වන ලදි. සියවසක මහඟු උරුමය සමගින් ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල තවත් චිරාත් කාලයක් මෙරට කාන්තාවන්ට හා දරුවන්ට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබාදෙනු ඇත.

“මගේ මී මුත්තාගේ උරුමයට ගරු කිරීමටත් එය වර්තමානයේ සිට අනාගතය දක්වා විහිද යන ආකාරය දැකගැනීමටත් හැකිවීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වනවා. එමෙන්ම මෙම ඓතිහාසික රෝහල මගින් සපයනු ලබන සුවිශේෂී සත්කාරයන් තුළ මගේ මිත්තණියගේ දැක්ම මූර්තිමත් වනු දැකීම මට ආඩම්බරයක්.” පැට්‍රීෂියා මොලී මහත්මිය පැවසුවා ය.

“මේ උරුමය ඉදිරියට රැගෙන යමින්, දිගින් දිගටම රටේ කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන්ම සිටීම අපගේ අරමුණයි.” ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු මහතා පැවසී ය.

මේ ආකාරයට සියවසක සාඩම්බර උරුමය තුළින් පන්නරය ලබමින්, මෙරට කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීම ජෝසෆ් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහලේ අනාගත ඉලක්කය සනිටුවන් වී තිබේ

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව