ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් Flexiprint නැවත වරක් පිදුම් ලබයි

FLEXIPRINT (LBN)

 



 

 

ශ්‍රී ලාංකේය ඇසුරුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Flexiprint පෞද්ගලික සමාගම ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා NBE 2022 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කාවින්ද රාජපක්ෂ මහතා අතින් Flexiprint සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා ඇතුළු කණ්ඩායම සම්මාන ලබා ගත්හ.  Flexiprint සමාගම දේශීය සහ විදේශීය තේ වෙළෙඳපොළට අනර්ඝ ප්‍රමිතියෙන් සහ උසස් තත්වයෙන් සපිරි තේ බෑග් ටැග් සහ තේ බෑග් කවර නිෂ්පාදනය කරයි. ෆ්ලෙක්සොග්‍රැපි තාක්ෂණය සහ ජලය සමඟ මිශ්‍ර කර ගත් තීන්ත (Water Base) භාවිතයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අගනා තේ ඇසුරුම් නිෂ්පාදනය ආරම්භ කළේ Flexiprint සමාගමයි.

1994දී එක් යන්ත්‍රයක් භාවිත කර සේවක සේවිකාවන් 10 දෙනෙකුගෙන් ඇරැඹූ Flexiprint ආයතනය වර්තමානයේදී යන්ත්‍ර අටකින් සහ 275කට ආසන්න කාර්ය මණ්ඩලයකින් සමන්විත දෙස් විදෙස් කීර්තිය දිනූ සමාගමකි. ඕනෑම ප්‍රමාණයක ඇණැවුමක් කලට වේලාවට සැපැයීමට අවශ්‍ය විශිෂ්ට තාක්ෂණික දැනුම සමාගම සතුය. තේ බෑග් ටැග්, තේ බෑග් කවර සහ පිරමීඩ හැඩැති තේ කවර ඇතුළු විවිධාකාරයේ තේ ඇසුරුම් රැසක් ත්‍කැංසචරසබඑ සමාගමේ නිෂ්පාදන කළඹට අයත් වේ. එක් එක් පාරිභෝගික අවශ්‍යතා වෙන වෙනම හඳුනා ගෙන ඔවුන් අතර මනා සම්බන්ධතාවක් පවත්වමින් සේවා සැපයීම සමාගමේ සුවිශේෂත්වයකි. “ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අඛණ්ඩ ඇගැයීමකට ලක් වීම අපගේ විශිෂ්ට නිෂ්පාදන සහ සේවා පිළිබඳව පවසන කදිම නිදසුනක්. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාර ක්ෂේත්‍රයක කටයුතු කරන අපි ඉදිරියටත් විශිෂ්ට නිෂ්පාදන ඔස්සේ ජාත්‍යන්තරය ජය ගැනීමට සුදානම්. මේ අවස්ථාවේදී මෙම සුවිශේෂ ජයග්‍රහණයට දායක වුණ අපගේ සේවක මණ්ඩලයට කෘතවේදීත්වය පිරිනමනවා.” කළමනාකරණ අධ්‍යක්ෂ සතිස් අබේවික්‍රම මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව