ජාතික බැඩ්මින්ටන් සංචිතය නම් කරයි

national pool (LBN)

 



 

 

ජාතික හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා බැඩිමින්ටන් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ජාතික සංචිතය නම් කර තිබේ. ජ්‍යෙෂ්ඨ පිරිමි බැඩ්මින්ටන් සංචිතය ඒකළ තරග අංශයට 6 දෙනකු සහ ජ්‍යෙෂ්ඨ පිරිමි යුගල සංචිතයට යුගල 14ක් ලෙස ක්‍රීඩකයන් 28 දෙනකු ද ඇතුළත් වන ලෙස සංචිතගත කර ඇති අතර, ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් ජාතික සංචිතය නම් කර තිබේ.

ජාතික ශ්‍රේණීගත කිරීම්වල පෙරමුණේ පසුවන ලෝචන ද සිල්වා සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයත්, අවුරුදු 19න් පහළ කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයත් අත්කරගෙන සිටින ආශිංස හේරත්  ඒකල හා යුගල සංචිත ද්විත්වයටම ඇතුළත් වෙති. මීට අමතරව බැඩිමින්ටන් ජාතික සංචිත කමිටුවේ නිර්දේශ මත සෙසු ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් කර තිබේ.

කනිෂ්ඨ පිරිමි බැඩ්මින්ටන් සංචිතයට අවුරුදු 19න් පහළ ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයන් මෙන්ම අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෝ එක්වී සිටිති. මීට අමතරව ජාතික කනිෂ්ඨ ශූරතාව දිනූ සහ අනුශුරතාව දිනූ ක්‍රීඩකයන් ද සංචිතයට ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක සංචිතය

ඒකල – ලෝචන ද සිල්වා, සවිනක වීරසේකර, ජේසන් හාමර්, ආශිංස හේරත්, විරේන් නෙත්තසිංහ, බුවනෙක ගුණතිලක, දුමිඳු අබේවික්‍රම

යුගල- දිනුර රෂ්මික / ළහිරු වීරසිංහ, හංස ද සිල්වා / යොහාන් වීරසූරිය, සජීඩ් මජීඩ් / මන්තුක රූපතුංග, විෂාන් ප්‍රනාන්දු / දුලාජ් උලුවිටිගේ, හසරංග සූරියආරච්චි /ටී.චාල්ස්, ආශිංස හේරත් /විදූෂ සුමනදාස, අචින්ත්‍ය ඉමේෂ් / පසිඳු පීරිස්, හරිත් රෙෂාන් / අකිඳු ජයතිලක, ලෝචන පෙරේරා /ආර්.පී.එස්.රත්නායක, සංජුල හඳපාන්ගොඩ / තිළිණ රාජකරුණා, ශෙනුක් සමරරත්න /පුළිණ වෙල්ලාලගේ, එන්. රන්දීප / චොනිද ලක්හිරු, ෂමාල් ආකාෂ් / තේජන හේරත්, ජනීෂ ද සිල්වා / මිහිල ජයවීර.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කනිෂ්ඨ ක්‍රීඩක සංචිතය

සචින් ප්‍රනාන්දු, මහේන් විජේසුන්දර, හරිත් රෙෂාන්, තිඩස වේරගොඩ, හිරුක සහන්මිත්, පුළිණ වෙල්ලාලගේ, තිලිණ රාජකරුණා, සෙනුත් සෙත්මිණ, පමුදු රන්දිලිගම, තේජන හේරත්

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව