ජාතික බාර්ටෙන්ඩර්වරුන්ගේ තරගාවලිය: අවසාන මහා තරගය උත්කර්ෂවත් අන්දමින් පවත්වයි.

PRESS Image (LBN)

29 වැනි වරටත් සංවිධානය වුණු ජාතික බාර්ටෙන්ඩර්වරුන්ගේ තරගාවලියේ (National Bartenders Competition) අවසාන මහා තරගය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී., ශ්‍රී ලංකාවේ Locally Manufactured Foreign Liquor (LMFL) හි වෙළඳපල ප්‍රමුඛයා වන International Distillers Limited (IDL) සහ Sri Lanka Hospitality Graduates Association (SLHGA) සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද මෙම තරගාවලිය මගින් දිවයින පුරා විසිරී සිටින බාර්ටෙන්ඩර්වරුන්ගේ සුවිශේෂී කුසලතා සහ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීමට සමත් විය.

 


 

මෙම තරගාවලිය මාස ගණනාවක් පුරා කලාප මට්ටමින් පැවති උද්වේගකර තරග වට සහ පුහුණු සැසිවල කූටප්‍රාප්තිය මෙහිදී සනිටුහන් කළ අතර, ඒ ඔස්සේ තරගකරුවන්ගේ කැපවීම සහ කුසලතාවන් ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ද නිර්මාණය කරන ලදී. අවසාන මහා තරගය හෝටල් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන්, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති අතර, ප්‍රධාන ආරාධිතයින් ලෙස Sri Lanka Hospitality Graduates Association (SLHGA) සභාපති පැට්‍රික් පෙරේරා, International Distillers Limited (IDL)  හි අධ්‍යක්ෂ ඉන්දු සෙල්වරත්නම්,  සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) සභාපති ශිරන්ත පීරිස්,  යන මහත්ම මහත්මීන් සහභාගී විය.

මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් IDL හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය කෙමාල් ද සොයිසා අවධාරණය කළේ: මෙම වසරේ දී නැවත වතාවක් මෙම තරගාවලිය සමඟ හවුල් වීමට ලැබීම පිළිබඳව සමාගමක් ලෙස අපි සතුටු වන අතරම, කලාප මට්ටමෙන් පැවැති උණුසුම් තරග වට සහ පුහුණු සැසි හරහා තරගාවලියේ ප්‍රමිතිය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හැකිවීම පිළිබඳව IDL අපි සතුටු වන්නෙමු.  එසේම, ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමකම සහ සෑම ප්‍රදේශයකම සිට පැමිණ ජයග්‍රහණ අත්කරගත් සියලු දෙනාටම  සුබ පැතීමට මෙය අවස්ථවක් කරගන්නා අතරම, මෙම තරගාවලිය ඔස්සේ බාර්ටෙන්ඩර්වරුන් ලෙස සිය අනාගත ජීවිතය හැඩගස්වා ගැනීමට බලාපොරොත්තු වන සියලු දෙනාටම ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කර ගැනීමට මෙය අවස්ථාවක් වූ බව අපගේ විශ්වාසය යි. එමෙන්ම දේශීය දක්ෂතා පෝෂණය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ mixology කලාවේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට සමාගමේ ඇති කැපවීමද මෙම තරගාවලිය ඔස්සේ පිළිබිඹු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අවසන් මහා තරගයේදී විවිධ කාණ්ඩ යටතේ ජයග්‍රාහකයින් බිහිවූ අතර, නිර්මාණශීලීත්වය පෙන්නුම් කරමින් ක්ලැසික් (Classic) කාණ්ඩයේ ශූරයා බවට ශාන් හුසේන් පත් විය. තම කුසලතා දැක්වීම් මගින් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ B.M.C.D බණ්ඩාර  ෆ්ලෙයාර් (Flair) කාණ්ඩයේ ශූරයා බවට පත් විය. වඩාත්ම ජනප්‍රිය බාර්ටෙන්ඩර්වරයා (Online) යන සම්මානය ද B.M.C.D බණ්ඩාර  විසින් දිනා ගත්තේය. නැගී එන බාර්ටෙන්ඩර්වරයාට හිමි සම්මානය ආදිල් සාමා හට හිමිවිය.

මෙම වසරේ පැවැති තරගාවලිය මගින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන සත්කාරක ක්ෂේත්‍රය කෙරෙහි mixology කලාවේ ඇති වැදගත්කම අවධාරණය කරන ලද අතරම, දිවයිනේ සිටිනා බාර්ඩෙන්ඩර්වරුන්ගේ සුවිශේෂී කුසලතා සහ නිර්මාණශීලීත්වය ඉස්මතු කිරීමට ද එය සමත්විය. International Distillers Limited (IDL) සහ Sri Lanka Hospitality Graduates Association (SLHGA) සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද, ජාතික බාර්ටෙන්ඩර්වරුන්ගේ තරගාවලිය, ශ්‍රී ලංකාවේ mixology කලාවේ සංවර්ධනය සඳහා උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කරමින් පවතී.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව