‘තුරු පිරි රටක්’ වැඩසටහනේ දෙවන අදියරේ අවධානය ජල පෝෂක ප්‍රදේශ වෙත
නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) සමඟ එක්ව රටපුරා තවත් ගස් 100,000ක් සිටුවීමේ දැවැන්ත ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් දියත් කර ඇත.
බැංකුවේ ‘තුරු පිරි රටක්’ වැඩසටහනේ දෙවන අදියර වන මෙයින් අවධානය යොමු කෙරෙන්නේ වනාන්තර විනාශය, ඛාදනය, හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අවදානම් කලාප බවට පත් වී ඇති ජල පෝෂක ප්‍රදේශ බවත්, මෙම ව්‍යාපෘතියෙන් සමාජයීය හා ආර්ථික ප්රතිලාභ උත්පාදනය කරන අතරතුර, වාර්ෂිකව පරිසරයෙන් CO2 ටොන් 2,000ක් පමණ ඉවත් කරනු ඇති බවත්, බැංකුව පැවසීය.
කොමර්ෂල් බැංකුවේ ‘තුරු පිරි රටක්’ වැඩසටහනේ පළමු අදියර 2023 නොවැම්බර් 11 වැනි දින දියත් කරන ලද අතර මාස 12ක් තුළදී ගස් 100,000ක් සිටුවන ලදී.
2025 දී පැවැත්වෙන NWSDB හි 50 වන සංවත්සර සැමරුම් උත්සවයේ කොටසක් ලෙස දියත් කෙරෙන නව ව්‍යාපෘතියට කොමර්ෂල් බැංකුව අරමුදල් සපයනු ඇත. මෙම වැඩසටහනේ ප්‍රධාන නියමුවා වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන පරිදි, දේශගුණික විපර්යාස හේතුවෙන් ජල චක්‍රය වෙනස් වී වර්ෂාපතනයේ කාල පරාස හා තීව්‍රතාවය වෙනස් වී ඇති අතර එය විවිධ පාර්ශවයන්ට ලැබෙන ජල සැපයුම් වල ප්‍රමාණය හා ගුණාත්මකභාවයට සෘජුව ම බලපායි.
ජල පෝෂක ප්‍රදේශවල තවත් ගස් 100,000ක් සිටුවීම ඉදිරි පරම්පරා වලටත් අත්‍යවශ්‍ය වන ජල මූලාශ්‍ර දිගුකාලීන ව සංරක්ෂණය වීම සහතික කරනු ඇති බව මණ්ඩලය පවසයි.
දේශගුණික විපර්යාස හා සම්පත් සංරක්ෂණය වැනි අභියෝග වලට මුහුණ දීමේදී හවුල්කාරීත්වයක ඇති වැදගත්කම මෙම මුලපිරීමෙන් අවධාරණය වන බව, කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් පැවසීය. “බැංකුවක් වශයෙන් අපි තිරසාර සංවර්ධන ඉලක්ක (SDG) අටක් කෙරෙහි අවධානය යොමු කරන අතර මෙම සහයෝගීතාවය හරහා SDG 13 – දේශගුණය හා සම්බන්ධ ක්‍රියා, SDG 17 – ඉලක්ක වෙනුවෙන් වූ හවුලකාරීත්වයන්, SDG 6 – පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව සහ SDG 14 – ජලජ ජීවීන්ගේ ජීවිත යන තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා සෘජුව ම දායක වනවා,” යැයි ඔහු පෙන්වා දුන්නේ ය.
“අපගේ බැංකුවේ තිරසාරබව යන්න තනි උත්සාහයක් නොවේ. තිරසාරබව දැන් අප ගන්නා සෑම තීරණයකම මෙන් ම ක්‍රියාවකම මූලික අංගයක් වී තිබේ,” යනුවෙන් ද මනතුංග මහතා ප්‍රකාශ කලේය. ඔහු පැවසුවේ කොමර්ෂල් බැංකුව පාරිසරික, සමාජයීය හා යහපාලන (ESG) මූලධර්ම ඒකාබද්ධ කරමින් තිරසාරභාවය ළඟාකර ගැනීම වෙනුවෙන් පරිපූර්ණ තුන් කොන් ප්‍රවේශයක් අනුගමනය කරන බවයි. ඒ තුළ පාරිසරික භාරකාරත්වය ඇතුලත් වූ වගවීම, සම්පත් කාර්යක්ෂමතාවය, බැංකුවේ කාබන් පියසටහන අඩු කිරීම, සහ විවිධත්වය, සමානාත්මතාවය, හා අන්තර්ගත කිරීම මෙන් ම අර්ථවත් ව්‍යාපෘති හා මුලපිරීම් හරහා සමාජයීය හා පාරිසරික අවශ්‍යතා සපුරාලමින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීම සිදු කරයි.
“මෙම මුලපිරීම සාර්ථක කර ගැනීමට ඉතාමත් ඉහළ උනන්දුවක් ඇති තැනක් වන ජාතික ජල සම්පාදන මණ්ඩලය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා,” යැයි ඔහු තවදුරටත් පැවසීය. “මෙම සහයෝගීත්වය තුළින් ගස් සිටුවීමට සුදුසු හොඳම ස්ථාන තෝරා ගැනීමට අපට හැකි වන බව විශ්වාසයි. මෙම ව්‍යාපෘතිය සඳහා අපගේ පූර්ණ සහයෝගය හා ක්‍රියාකාරී සහභාගීත්වය සහතික කිරීම සඳහා එසේ ගස් සිටුවීමට තෝරා ගන්නා ස්ථාන අපගේ ශාඛා ජාලය සමඟ සම්බන්ධ කරනු ඇත.”
මෙම ව්‍යාපෘතිය නිසාවෙන් කාබන් විමෝචනය අඩු කිරීම, ජෛව විවිධත්වය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම, පංශු ඛාදනය අවම කිරීම, ස්පොන්ජ් ස්ථරයක් වර්ධනය වීම මගින් ඇතිවන මතුපිට ගලායාම් වැඩි කිරීම, සහ ගංගා ඇළ දොළ වල වියළි කාළගුණයේ දී ප්‍රවාහය වැඩි කිරීම යන ක්‍රියාවලි සඳහා උපකාර වනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ජල පිරිපහදු කිරීමේ දී රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම අඩු කළ හැකි අතර වාතයේ හා ජලයේ ගුණාත්මකභාවය ද වැඩිදියුණු වනු ඇත.
2024 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ ‘වසරේ හරිත සන්නාමය’ ලෙස කිරුළු පළඳවන ලද කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු ද වේ.