ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Ruwanpura Facet පිදුම් ලබයි

RUWANPURA FACET

මැණික් කැපීමේ සහ ඔප දැමීමේ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Ruwanpura Facet පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මැණික් කැපීම සහ ඔප දැමීම යන අංශයේ මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති සම්මාන උළෙලේදී Ruwanpura Facet අධ්‍යක්ෂ සංජීව ෆොන්සේකා මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ෂරික් හසේන්, මොහොමඩ් මුස්තාක්, මොහොමඩ් අරෝෆ් යන මහත්වරු Ruwanpura Facet සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරති.

 



 

නවීන තාක්ෂණය සහ යන්ත්‍ර භාවිත කර මැණික් කැපීමේ සහ ඔප දැමීමේ කර්මාන්තය නූතනත්වයට රැගෙන යාමට සෑම විටම කටයුතු කරන Ruwanpura Facet සමාගම කලාත්මකව මැණික් කැපීම සහ ඔප දැමීම පිළිබඳව දෙස් විදෙස් කිර්ති නාමයක් දිනා ඇත. නවසීලන්තය, හොංකොං, ජපානය, චීනය, තායිලන්තය, ඇමෙරිකාව වැනි රටවලින් ලැබෙන මැණික් කැපීම සහ ඔප දැමීම මෙන්ම ඇමෙරිකාව, චීනය සහ යුරෝපය ආදී ලොව පුරා රටවල් රැසකට කපා ඔප දැමූ මැණික් අපනයනය සිදු කරන Ruwanpura Facet සමාගම දේශීය ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයයි. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන ප්‍රමුඛ ව්‍යාපාරයක නියැලෙන Ruwanpura Facet සමාගමේ ප්‍රධාන කර්මාන්ත ශාලාව කුරුවිට ඒදණ්ඩවල ප්‍රදේශයේ පිහිටා ඇත. “ශ්‍රී ලංකාවේ නාමය ලෝකයට ගෙන යන සුවිශේෂ සම්පතක් ලෙස මැණික් සඳහන් කළ හැකියි. මැණික් කැපීම සහ ඔප දැමීම එම සම්පතට අගය එකතු  කරන ප්‍රධාන අංශයක්. එය නිර්මාණශීලීව සහ සියුම්ව කරන කලාවක් සේම විද්‍යාත්මක ක්‍රමවේදයක්. අපගේ සමාගම නවීන තාක්ෂණය භාවිතයෙන් ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව මැණික් කපා ඔප දමන නිසා අපට ඇති දෙස් විදෙස් ඉල්ලුම අඛණ්ඩව ඉහළ යනවා. මෙම ජයග්‍රහණයට දායක වුණ කාර්ය මණ්ඩලයටත්, වටිනා පාරිභෝගිකයන්ටත් මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” Ruwanpura Facet අධ්‍යක්ෂ සංජීව ෆොන්සේකා මහතා පැවසීය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව