ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සුරක්ෂිත ඖෂධ බෙදා හැරීමේ ප‍්‍රවර්ධන ක‍්‍රියාදාමයට හෙල්ත්ගාඞ් සහය ලබා දේ

Healthguard Store at One Galle Face

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඔසුසැල් ජාලය වන හෙල්ත්ගාඞ් (Healthguard) ආයතනය, දේශීය ඔසුසැල් අතර ආරක්ෂිතව ඖෂධ බෙදා හැරීමේ පියවරයන් ශක්තිමත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අඛණ්ඩ උත්සාහයන් සඳහා සිය සහයෝගය ප‍්‍රකාශ කළේය. මේ අනුව, පවතින තත්වයන් වඩ වඩාත් උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට කටයුතු කරමින් සෞඛ්‍යාරක්ෂිතව ඖෂධ බෙදා හැරීම තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සඳහා මුල පිරීම් කිහිපයක් ආරම්භ කිරීමට හෙල්ත්ගාඞ් සූදානම් වන අතර, එම ක‍්‍රියාදාමයන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සැකසූ ‘Guidelines on Good Pharmacy Practice (GPP) ලේඛනයේ නිර්දේශයන්ට අනුකූල වේ.

මෙම ප‍්‍රයත්නයේ කොටසක් ලෙස, හෙල්ත්ගාඞ් විසින් හෙල්ත්ගාඞ් කෙයාස්’ (Healthguard Cares) දියත් කරනු ලබන අතර, එමගින් දේශීය ඔසුසැල් ප‍්‍රජාව තුළ තම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් හරිහැටි හඳුනාගනිමින් ඔවුන් හට ඖෂධ පිළිබඳව මනා දැනුමක් ලබාදෙමින් සහ සෞඛ්‍යාරක්ෂිතව ඖෂධ බෙදා හරිමින්, වගකීම් සහගත ඖෂධසැල් සහ ඖෂධවේදීන් ඇති කිරීමේ දීර්ඝකාලීන අරමුණ වැඩිදුරටත් ප‍්‍රචලිත කිරීමට බලාපොරොත්තු වේ. මේ අනුව, සෑම විටම බෙහෙත් වට්ටෝරුව ඖෂධවේදියා වෙත ඉදිරිපත් කිරීමේ ඇති වැදගත්කම, ඖෂධ නිකුත්කිරීමට අදාළ නියාමනයන් මෙන්ම ඖෂධ ආරක්ෂිතව ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව තම පාරිභෝගිකයන් දැනුවත් කිරීමට හෙල්ත්ගාඞ් බලාපොරොත්තු වේ. ඔක්තෝබර් මාසය පුරාම හෙල්ත්ගාඞ් විසින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා (social media platforms) හරහා සහ කොළඹ දිස්ත‍්‍රික්කය පුරා පිහිටා ඇති ඔවුන්ගේ ඔසුසැල් තුළදී ඉහත මාතෘකා පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.




මීට අමතරව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහාය සහිතව Healthguard Cares වැඩසටහන යටතේ, තම ඖෂධවේදීන්ගේ දැනුම සහ පුහුණුව ඉහල නංවමින්, ක‍්‍රමවත්ව සහ සෞඛ්‍යාරක්ෂිතව ඖෂධ සකස් කිරීමේ ක‍්‍රියාවලිය තත්වයෙන් උසස් බවට පත් කිරීමටත් පියවර ගෙන ඇත. හෙල්ත්ගාඞ් හි අරමුණ වන්නේ ඖෂධවේදියෙකුගේ කාර්යභාරය වගකිවයුතු ඖෂධවේදියෙකු වෙත ඔසවා තැබීමයි.

‘හෙල්ත්ගාඞ් කෙයාස්‘ ගැන අදහස් දක්වමින්  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පවසා සිටියේ, හෙල්ත්ගාඞ් වැනි ප‍්‍රමුඛ පෙලේ ඖෂධ සැපයීමේ ආයතනයක්, නිවැරදිව සහ සුරක්ෂිතව ඖෂධ ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව රෝගීන් දැනුවත් කිරීමට කටයුතු කිරීම සතුටට කරුණක් බවයි.

”හෙල්ත්ගාඞ් වැනි ප‍්‍රමුඛ පෙළේ ආයතනයක් ඖෂධ ලබා ගැනීමට වෛද්‍යවරයාගේ නිර්දේශය සඳහන් බෙහෙත් වට්ටෝරුව ඉදිරිපත් කිරීමේ වැදගත්කම හා ඖෂධ ලබා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව රෝගීන් දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. එමෙන්ම, ඖෂධවේදීන් නිවැරදි ඖෂධ, නිසි උපදෙස් සහිතව රෝගීන්ට ලබාදීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බැවින්, ඔවුන්ගේ දැනුම සහ කුසලතා ඉහල නැංවීම සඳහා ප‍්‍රශංසනීය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මෙරට මහජනයාට සහ රෝගීන්ට ආරක්ෂිත, තත්වයෙන් උසස්, ගුණාත්මක ඖෂධ සැපයීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අරමුණු සමග සමගාමීව කටයුතු කරන්නට පියවර ගැනීම අගය කල යුතුයි.”

හෙල්ත්ගාඞ් ප‍්‍රධාන විධායක නිලධාරී ඉන්ෆියාස් අලි මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ”ඖෂධවේදීන් ඔවුන්ගේ පුළුල් දැනුම භාවිතා කරමින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ඖෂධවලින් උපරිම ප‍්‍රයෝජන ලබා ගැනීම සහතික කරනවා. හෙල්ත්ගාඞ් හිදී, අපගේ ඖෂධවේදීන් සියළුම ගනුදෙනුකරුවන් සඳහා ඖෂධ ආරක්ෂිතව බෙදා හැරීම සහතික කිරීම, ආරක්ෂිත මාර්ගෝපදේශ පිළිපැදීම වැඩිදියුණු කිරීම සහ තවත් බොහෝ දේ සඳහා පුළුල් පුහුණුවක් ලබනවා. වෙන කවරදාකටත් වඩා, ඖෂධවේදියෙකුට රෝගියෙකු ඖෂධයක් භාවිතා කරන විට එයින් කිසිදු හානියක් සිදු නොවන බවට වග බලා ගත යුතුය. හෙල්ත්ගාඞ් කෙයාස් හරහා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සුරක්ෂිත ඖෂධ බෙදා හැරීමේ ප‍්‍රවර්ධන ක‍්‍රියාදාමයන්ට සහයෝගය ලබාදෙමින්, බෙහෙත් වට්ටෝරු කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ ඒ වටා හරබර කතිකාවතක් ගොඩනැගීම සඳහා අපි අපේක්ෂා කරනවා.”

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව