ජාතික ඉදි කිරීම් විශිෂ්ටතා සම්මානයෙන් අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් පිදුම් ලබයි

pexels-jiyoung-kim-4513940

 



 

 

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන  අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී උතුරු මැද පළාතේ මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. පොළොන්නරුව නිවාඩු නිකේතනය ඉදි කිරීම උදෙසා අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයට මෙම සම්මානය හිමි විය. සම්මාන උළෙල නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කීර්තිමත් නමක් දිනා සිටින අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ගොඩනැගිලි, අධිවේගී මාර්ග, පාළම්, ඇළ මාර්ග ආදී විවිධ ඉදි කිරීම් රැසක් සාර්ථකව නිම කර ඇත. අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම වර්තමානයේදී මෙරට ප්‍රධාන පෙළේ ඉදි කිරීම් රැසකට සිය දායකත්වය සපයමින් ඉදිකිරීම් කේෂ්ත්‍රයේ අභිමානවත් ඉදිරි ගමනක නිරත වී සිටියි.

1990 සිට ව්‍යාපාර කටයුතු සිදු කරන අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම 2007දී NCASL ආයතනය පැවැත්වූ නිපුණතා තරගාවලියේදී වාරිමාර්ග අංශයෙන් දම්මින්න කන්දේගම ඒකීය ජලය බෙදා හැරීමේ හා කෙත් ඇළවල් වැඩි දියුණු කිරීමේ හා පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතියට විශිෂ්ටතා සම්මාන දිනා ගත්තේය. එවැනි ඉදිකිරීම් හා ඒ ආශ්‍රිත ව්‍යාපෘති අති සාර්ථකව නිම කිරීම වෙනුවෙන් 2008, 2010, 2011, 2014, 2015, 2016 යන වර්ෂවලදීද සම්මාන රැසකින් පිදුම් ලැබීමට අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් සමාගමට හැකි විය. 2017දී හා 2018දී ජනාභිමානී සම්මානවලින්, BWIO රන් සම්මානයෙන්, 2021දී දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායකයාට හිමි රන් සම්මානයෙන් අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බී. එම්. ඩබ්ලිව්. අබේවර්ධන මහතා පිදුම් ලැබීය. ඔවුන් ISO 9001:2015 තත්ත්ව සහතිකයද හිමි කර ගෙන ඇත. “අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ගෞරවාන්විත පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති ඉහළ විශ්වාසය මේ ජයග්‍රහණය ලැබීමට මුලික හේතුවක් වුණා. ඒ සියලු දෙනාට මාගේ කෘතඥතාව ප්‍රකාශ කරනවා.” බී. එම්. ඩබ්ලිව්. අබේවර්ධන මහතා පැවසීය.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව