ජාත්‍යන්තර පළමු මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ වැඩසටහන ඇරැඹේ

20230717_090618 (LBN)

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුව විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර බැඩ්මින්ටන් පළමු මට්ටමේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේදී පසුගියදා ආරම්භ විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම අනුව එම වැඩසටහන බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික සිල්වා මහතා ඇතුළු එම කමිටුව විසින් මෙහෙයවනු ලැබීය. බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි විය.

පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ සුදුසුකම්ලත් පුහුණුකරු පවිත්‍ර අබේසිරිවර්ධන මහතා යටතේ සිදු කළ අතර, මේ යටතේ තෝරාගන්නා ලැබූ 16 දෙනකු එම වැඩසටහනනේ පළමු කණ්ඩායමට එක්වී සිටිති. ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ ඉදිරියේදී තවත් කණ්ඩායම් දෙකක් පුහුණු කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සැලසුම් කර තිබේ.

පළමු කණ්ඩායම – ඊ. වාසනා මල්තාරිකා, ඩබ්.එම්.ඒ.පී. ප්‍රනාන්දු, කේ.එච්.දිසානායක, යූ. එරන්දි ජයවර්ධන, භාග්‍යා දීමන්ති සිල්වා, ටී.එච්.රොෂාන් පද්මකුමාර, ඒ.ඒ.සී.ආර්.ජී.අමුගොඩආරච්චි, ඒ.පී. හරිඳු උදයංග, ඉරේෂ් මධුරංග ද සිල්වා, ඩී.එන්.එස්.එස්. ගුණවර්ධන, අයි.එස්.ඩී.සිරිවර්ධන, එච්.වයි.ආර්.පෙරේරා, එච්.එම්.ලසන්ත තිලකවර්ධන, එම්.ඩී.එස්.ලක්රංග, ඩබ්.ඒ.අනූෂක ලක්ෂාන්, ඒ.සී.මාතරආරච්චි

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව