ජාත්‍යන්තර සාන්ත ඩෙනිස් රියුනියන් බැඩ්මින්ටන් ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ රනිත්මා ලියනගේ දෙවැනි වටයට සුදුසුකම් ලබයි

IMG-20240705-WA0003

ජාතික බැඩ්මින්ටන් ශූරිය රනිත්මා ලියනගේ සාන්ත ඩෙනිස් රියුනියන් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා ඒකල තරග අංශයේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත් වූවාය. ප්‍රංශයට අයත් රියුනියන් දූපත් රාජ්‍යයේ සාන්ත ඩෙනිස් අගනුවර පැවැත්වෙන මේ ශූරතාවලියේදී රනිත්මා දෙවැනි වටයට පිවිසියේ කාන්තා ඒකල පළමු වටයේදී මිනිත්තු 14ක් ඇතුළත ප්‍රතිවාදී ක්‍රීඩිකාව වන මැඩගස්කර් ක්‍රීඩිකා ලාලිසියාරසෝලොනොයිලිනා ලකුණු 21-3ක් සහ 21-5ක් ලෙස පරාජය කරමිනි.

ලෝක බැඩ්මින්ටන් කාන්තා ශ්‍රේණිගත කිරීම්වල 183 වැනි ස්ථානයේ පසුවන 17 හැවිරිදි රනිත්මා දෙවැනි වටයේදී රියුනියන් දූපත් රාජ්‍යයේ එමානුවෙලි ආමෙටි සමඟ තරග වැදීමට නියමිතය.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ වාර්ෂික තරග කැලැන්ඩරයේ ප්‍රමුඛතම තරගාවලියක් වන සාන්ත ඩෙනිස් රියුනියන් ජාත්‍යන්තර විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් විසිපන්දහසක මුදල් ත්‍යාග ‍පිරිනැමෙන අතර,  ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරිම්වල පළමු 50 දෙනා අතර සිටින විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක් වී සිටිති.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව