ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග බිමේ පදක්කම් දිනූ හසිනිට සහ හසාරාට උණුසුම් පිළිගැනීමක්

1733278628286

සැම්බියා, බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරමින් පැවැති ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලි ත්‍රිත්වයේදී කැපී පෙනෙන දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම කාන්තා බැඩ්මින්ටන් යුගලය වන හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න පසුගියදා නැවත මව්බිමට පැමිණියහ. එම තරගාවලි ත්‍රිත්වයේදී අධිෂ්ඨානශීලීව ක්‍රීඩා කරමින් රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගත් මෙම යොවුන් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන් අතර, ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග බිමේ සිය දස්කම් මැනවින් විදහා දැක්වීමට සමත්වූහ.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ලේකම් අජිත් විජයසිංහ සහ උපලේකම් ලක්ෂ්මි පුංචිහේවා මහත්ම මහත්මීන්ගේ උණුසුම් පිළිගැනීම මැද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් පිළිගැනීමට ක්‍රීඩාලෝලීන්ද  එක්ව සිටියහ.
 



 
අනතුරුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයට පැමිණි හසිනි සහ හසාරා එහිදී සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු විධායක කමිටු සාමාජිකයන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ඔවුන් ක්‍රීඩාව වෙනුවෙන් පෙන්නුම් කරනු ලැබූ කැපවීම අගය කරමින් එම ජයග්‍රහණ පිළිබඳ සහ අනාගත බලාපොරොත්තු පිළිබඳ සුහද කතාබහක ද නිරත වූහ.

දකුණු අප්‍රිකානු කලාපයේ වෙහෙසකාරී සහ දීර්ඝ සංචාරයේ සාර්ථකත්වය වෙනුවෙන් ලැබූ උණුසුම් පිළිගැනීම සහ ඇගැයුම් පිළිබඳ ඔවුහු සිය කෘතවේදීත්වය පළ කළහ. හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න ලැබූ ජයග්‍රහණ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පූර්වාදර්ශයක් බවට පත්වූ අතර, එය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග බිමේ සිය ස්ථානය ශක්තිමත්ව තහවුරු කරගැනීමට මනා පිටුවහලක් ද සපයනු ඇත.

  



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව