ජනශක්ති ලයිෆ් හි විශිෂ්ටයින් ඇගයූම් ලැබූ Good to Great Awards සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී

IMAGE (LBN)

ජනශක්ති ලයිෆ්, සිය විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන ලද සම්මාන උළෙල මෙවර තායිලන්තයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. සේවකයින් ආයතනය වෙනුවෙන් කරන අසීමිත කැපකිරීමට අරුතක් එක් කිරීම වෙනුවෙන් මෙලෙස විදෙස් සංචාර පිරිනැමීම සමාගමේ දීර්ඝකාලීන සිරිතකි. මෙම උළෙල මගින් සේවක අභිප්‍රේරණය මෙන්ම විශිෂ්ටත්වය සඳහා ඔවුන් තුළ වූ කැපවීමද මනාව විදහා දක්වයි. 2024 ඔක්තෝම්බර් 4 වන දින ආරම්භ වී දින පහක් පුරා පැවති මෙම උළෙල, ජනශක්ති ලයිෆ් විසින් විදෙස් රටක පවත්වන ලද සම්මාන උළෙලකදී වැඩිම විශිෂ්ටයින් පිරිසක් ඇගයීමට ලක්කළ ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාස ගතවනු ඇත.
 



 
මෙම අභිමානවත් අවස්ථාවට සමාගමේ කළමනාකාරිත්වය ඇතුළු ජයග්‍රාහකයින් 75 කට වැඩි පිරිසක් සහභාගී වූහ. මෙහිදී ඔවුන් සමාගම වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වයන් අගය කරනවාට අමතරව කණ්ඩායම් සහයෝගීතාවය වර්ධනය කරගැනීමටද අවස්ථාව සලසාදෙන ලදී. උත්සවයෙන් පසුව, විනෝදකාමී ක්‍රියාකාරකම් රැසක නිරත වී ප්‍රතිලාභ රැසක් සහ සුන්දර මතකයන් තමන් සතු කරගැනීමට ඔවුන්ට හැකිවිණි.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා ප්‍රකාශ කළේ,”දස්කම් දක්වන දක්ෂයින් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීම ජනශක්ති ලයිෆ් සංස්කෘතියේ මූලික අංගයක්. මෙම තායිලන්ත සවාරිය විශිෂ්ටත්වය ඇගයීමට සහ උද්යෝගිමත් සේවක පිරිසක් ඇතිකිරීමට අපි කරන අසීමිත කැපවීමට කදිම නිදසුනක්. අපගේ කණ්ඩායමේ සාමාජිකයින් දරන වෙහෙස මහන්සිය සහ ඔවුන්ගේ ජයග්‍රහණ හඳුනාගැනීම තුළින් ඔවුන්ව තව තවත් සාර්ථකත්වය කරා මෙහෙය වීමට හැකි බව අපි විශ්වාස කරනවා. ඉදිරියේදී අපේ ජයග්‍රාහකයින් හට තව අමතර ප්‍රතිලාභ ලබා දීමටත් ඔවුන්ට ජනශක්ති ලයිෆ් සමඟ සුන්දර අත්දැකීම් රැසක් තිලිණ කිරීමටත් අපි කටයුතු කරනවා.” යනුවෙනි.

ජනශක්ති ලයිෆ් සිය සේවකයින්ගේ හැකියාවන් නඟා සිටුවීමටත් ඔවුන්ගේ සාර්ථකත්වයන් අගය කරන ආයතනික පරිසරයක් ඇති කිරීමටත් නිරන්තරයෙන් කැපවී සිටී. සිය විශිෂ්ටයින් හඳුනාගැනීමට සහ ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව