ජනශක්ති ලයිෆ්, රක්ෂණ වාරික ආදායම්වල 45%ක සහ අනෙකුත් මෙහෙයුම් ආදායම්වල 111%ක වර්ධනයක් වාර්තා කරයි

IMAGE 01 - RAVI LIYANAGE

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, 2024 වසරේ පළමු අර්ධ වාර්ෂිකය සඳහා විශිෂ්ට මූල්‍ය ප්‍රගතියක් වාර්තා කිරීමට සමත් වී ඇත. 2023 වසරට සාපේක්ෂව දළ ලිඛිත වාරිකයෙහි (GWP) 45% ක කැපී පෙනෙන වැඩිවීමක් සමඟින් ප්‍රධාන කාර්ය සාධන දර්ශක වල වාර්තාගත වර්ධනයක් අත්පත් කරගැනීමට සමාගමට හැකිවී තිබේ. මෙම වර්ධනයන් තුළින් සමාගමේ ස්ථාවර වර්ධනය සහ පුළුල් වන පාරිභෝගික පදනම මනාව පිළිබිඹු කරයි.

GWPහි ආකර්ෂණීය වර්ධනයට අමතරව, අනෙකුත් මෙහෙයුම් ආදායම්ද පෙර වසරට සාපේක්ෂව 111%කින් ඉහළ ගොස් ඇති අතර සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ද 2023 වසරේ පළමු අර්ධ වාර්ෂිකයට සාපේක්ෂව මෙම වසරේ 43% කින් වැඩිවී ඇත. මෙම මූල්‍ය ජයග්‍රහණයන් තුළින් පිළිඹිබු වන්නේ සමාගමේ උපාය මාර්ගික ආයෝජන, විවිධාංගීකරණය වූ ආදායම් මාර්ග සහ ආයෝජකයින්ගේ අඛණ්ඩ විශ්වාසයයි.
 



 

පළමු කාර්තු දෙක තුළ, සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ වගකීම් සහ අපේක්ෂාවන් ඉටුකිරීම සඳහා රුපියල් බිලියන 2.2 කට අධික රක්ෂණ හිමිකම් ද ආයෝජකයින්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට ප්‍රතිලාභ වශයෙන් රුපියල් බිලියන 3ක ලාභාංශ ද ජනශක්ති ලයිෆ් විසින් ලබා දී ඇත. එය සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය සහ කැපවීම තවදුරටත් විදහා දක්වයි.

“රක්ෂණ වාරික, අනෙකුත් ආදායම් සහ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයේ හිමිකරගත් වර්ධනයත්, රක්ෂණ හිමිකම් ගෙවීම් සහ ලාභාංශ ගෙවීම් වල සිදූවූ වැඩිවීමත් අපගේ පාර්ශවකරුවන්ට වැඩි වටිනාකමක් ලබා දීමට අපි දරන උත්සාහය පිළිබඳ කදිම සාක්ෂියක්.” යැයි ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා පැවසීය.” අපිට මෙම මූල්‍ය වර්ෂය සඳහා අරමුණුගත සැලසුම් තිබෙනවා වගේම ඒවා සාක්ෂාත් කරගැනීමට අපි කැපවී සිටිනවා.” ඔහු තවදුරටත් පවසන ලදී.

“ජීවිත නඟා සිටුවීම සහ සිහින සවිබල ගැන්වීම”යන ආයතනික අරමුණ පෙරදැරි කරගත් ජනශක්ති ලයිෆ්, සදාචාරාත්මකව සහ විනිවිදභාවයෙන් යුතුව සිය පාර්ශ්වකරුවන් වෙත වැඩි වටිනාකමක් ලබා දීමට නිරන්තරයෙන් උත්සාහ කරයි. තවද පාරිභෝගික ජීවිතයේ සෑම අදියරකදීම වර්ධනය වන විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරන විශිෂ්ට රක්‍ෂණ විසඳුම් සහ සේවාවන් තුළින් සිය ගනුදෙනුකරුවන් වෙත විශාල දායකත්වයක් ලබාදෙයි. මෙම අරමුණ පුළුල් ලෙස සමාජයට ව්‍යාප්ත කරමින් සමාජ තිරසාරභාවය සඳහා වැඩි දායකත්වයක් ලබා දීමට ජනශක්ති ලයිෆ් අපේක්ෂා කරයි.

වසර 29කට අධික කාලයක් පුරාවට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියටම ගමන් කිරීමට ජනශක්ති රක්ෂණ සමාගම සමත්ව ඇත. ශාඛා 79කින් යුතු දීප ව්‍යාප්ත ශාඛා ජාලය සෑම තරාතිරමකම පුද්ගලයන්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව