ජනශක්ති ලයිෆ්, මෙවර TAGS සම්මාන උළෙලෙහි දී රනින් පිදුම් ලබයි

Janashakthi Life wins Gold Award at CA Sri Lanka’s TAGS Awards 2022 (LBN)

 



 

 

පුරෝගාමී ජීවිත රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA  Sri Lanka) විසින් සංවිධානය කරන ලද ‘TAGS සම්මාන 2022′ සම්මාන උළෙලෙහි දී  රක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුරන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසුවේ ය. “කීර්තිමත් CA Sri Lanka ආයතනය සංවිධානය කළ TAGS සම්මාන උලෙළේ දී ඇගයීමට ලක් වීම අපට ගෞරවයක් වගේ ම, මෙම සම්මානය මඟින් අපගේ ආයතනික ස්ථාන ගත කිරීම රක්ෂණ ක්ෂේත්‍රයේ සම්මානලාභී සමාගමක් බවට උසස් වුණා. මෙම ජයග්‍රහණය ජනශක්ති ලයිෆ් සමාගම සතු ශක්තිමත් ප්‍රතිපත්ති, විනිවිදභාවය, මනා පාලනය සහ වටිනාකම් පිළිබඳ සාක්ෂියක්. අපගේ සියලු ම පාර්ශ්වකරුවන්ට නිවැරදි සහ ප්‍රමිති ගත වාර්ෂික වාර්තාවක් ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන බව පැවසීමට කැමතියි. ඒ වගේ ම මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ අපගේ කණ්ඩායමට සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.”

ජීවිත නඟා සිටුවමින් සහ සිහින සවි බල ගැන්වීමේ ආයතනික අරමුණ පෙර දැරි කරගනිමින් ක්‍රියාත්මක වන ජනශක්ති ලයිෆ් සෑම විටම තම පාර්ශවකරුවන්ට සදාචාරාත්මකව සහ විනිවිදභාවයෙන් යුතුව වැඩි වටිනාකමක් ලබා දීමට කටයුතු කරයි.  පාරිභෝගික ජනතාවගේ ජීවිතයේ සෑම අදියරක දී ම පැන නඟින විවිධ අවශ්‍යතා සඳහා ​​රක්ෂණ විසඳුම් සහ සේවාවන් ලබා දෙන ජනශක්ති ලයිෆ් මෙම අරමුණ සිය  සේවකයින් දක්වා පුළුල් කරමින්, තම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ සිහින සහ අපේක්ෂාවන් බලගැන්වීමට සහ සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගය ලබා දීමට සුදුසු සේවා පරිසරයක් ගොඩනඟා ඇත.

ජනශක්ති ලයිෆ් ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘ශ්‍රී ලංකාවේ හොඳ ම ජීවිත රක්ෂණකරු’ ලෙස පසුගිය දා ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් විය. ලන්ඩනය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් ව ඇති කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) විසින් පිරිනමනු ලබන මෙම කීර්තිමත් සම්මානය මඟින් ආර්ථිකයේ වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වෙමින්, සියලු පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් එකතු කරන ආයතන හඳුනා ගනිමින් ඇගයීමට ලක් කරයි. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම වටිනාකම් වර්ධනයක් වාර්තා කරමින්, ‘ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකීය සන්නාමවලින් එකක්’ ලෙස TOP 10 ගෞරවය ලැයිස්තුවට ඇතුළත් වූ ජනශක්ති ලයිෆ් එම ජයග්‍රහණය හිමි කර ගත් මෙරට  එක ම රක්ෂණ සන්නාමය ලෙසින් ද හඳුන්වා දිය හැකි ය.

ජනශක්ති ලයිෆ් 2021 වසරේ දී පැවැත් වූ 3 වැනි ICC නැගී එන ආසියානු රක්‍ෂණ සම්මාන උළෙලේ දී, ‘රක්ෂණ ව්‍යප්තිය වෙනුවෙන් හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය දිනා ගත්තේ, විශිෂ්ට රක්ෂණ විසඳුම් තුළින් කලාපීය රක්‍ෂණ  ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා දක්වන දායකත්වය වෙනුවෙනි.  තවද, ජනශක්ති ලයිෆ් ‘වසරේ ගෘහස්ථ රක්ෂණකරු’ ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ අතර, 2022 රක්ෂණ ආසියා සම්මාන උළෙලෙහි දී   ‘වසරේ විශිෂ්ටතම ජංගම යෙදවුම’ ට හිමි සම්මානය  දිනා ගැනීමට ද සමත් විය.

වසර 28ක කාලයක් පුරා, ජනශක්ති ලයිෆ් පීඑල්සී මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියටම ගමන් කිරීමට සමත්ව ඇති අතර, එම සමාගමේ 75 කට අධික දීප ව්‍යාප්ත ශාඛා ජාලය හරහා සෑම තරාතිරමක ම පුද්ගලයින්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව