ජනප්‍රිය ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නව පෙනුමකින් PEPSI® ගිම්හානය සාදරයෙන් පිළිගනී

Pepsi X Jacqueline_Sri Lanka Campaign_Image_ (LBN)

ප්‍රබෝධමත් බව හා නව Bold පෙනුම අවධාරණය කරමින් Pepsi® ජැකලින් ෆර්නැන්ඩස් සමඟ ගිම්හානය වෙනුවෙන් ජාත්‍යන්තර වෙළෙඳ දැන්වීමක් එළිදක්වයි.

ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගත්  සිසිල් බීම  සන්නාමයක් වන Pepsi® විසින්   ගිම්හාන සමය වෙනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් සමඟ නවතම වෙළෙඳ දැන්වීමක් එළිදැක්වීමට සැලසුම් කර තිබේ. ‘ප්‍රබෝධමත් Pepsi® සමඟ නව Bold පෙනුමක්’ යන ‘තේමාව මුල්කරගනිමින් නිර්මාණය කර ඇති මෙම වෙළෙඳ දැන්වීම පැරණි ජනප්‍රිය Pepsi® වෙළෙඳ දැන්වීමක් වූ Cindy Crawford දැන්වීමේ ආභාසය සමඟින් නවීන ආකාරයට ප්‍රතිනිර්මාණය කර ඇත.  මෙමඟින්  Bold පෙනුමක් සහිත නව Pepsi®  නිෂ්පාදන ඇසුරුම් ප්‍රදර්ශනය කෙරේ.

 



 

වෙළෙඳ දැන්වීම ආරම්භ වන්නේ  හුදකලා මිදි වත්තක පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක දර්ශනයකිනි.  එහිදී තරුණයින්  දෙදෙනෙකු ඔවුන්ගේ ඉන්ධන ටැංකි පුරවා ගනිමින් සිටින අතර මෝටර් බයිසිකලයක නැගුණු   තරුණියක් ඉන්ධන  පිරවුම්හල අසලට පැමිණේ. පසුව එම තරුණිය තම බයිසිකලය නවතා හිස් ආවරණය ඉවත් කරන අතර එම තරුණිය සුප්‍රසිද්ධ  ජැකලින් ෆර්නැන්ඩස් බව එහිදී ප්‍රදර්ශනය වේ. ඇය sporting cut-off  කොට කලිසමක් සහ සුදු පැහැති අත්කොට ටී ශර්ට් එකකින් සැරසී සිටියි. ඉන්පසුව එහි පිහිටි Pepsi® බීම කෑන් යන්ත්‍රයෙන් Pepsi® බීම එකක් ගෙන ඇය පානය කරන අතර විස්මයට පත්ව තරුණයින් දෙදෙනා ඒ දෙස බලා සිටියි.මෙහිදී ඔවුන් කුල්මත් වී සිටින්නේ ජැකලීන්ගේ පැමිණීම පිළිබඳ ද, නැතහොත් නවීකරණය කරන ලද   Pepsi® නව නිමවුම පිළිබඳව ද යන්න අනුමාන කිරීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදෙමින් වෙළෙඳ දැන්වීම අවසන් වේ. මේ තුළින් තරුණයින් දෙදෙනා Pepsi®වලට කෙතරම් ආකර්ෂණය වී සිටින්නේද යන්න සියුම්ව ප්‍රදර්ශනය කෙරේ.

මෙම දැන්වීම එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින්, PepsiCo හි ශ්‍රී ලංකා කලාපයේ සහකාර අධ්‍යක්ෂ අනුජ් ගොයල් මහතා මෙසේ සඳහන් කළේය.  “ ‘ප්‍රබෝධමත් Pepsi® සමඟ  නව Bold පෙනුමක්’ යන තේමාව පදනම් කරගත් අපගේ ප්‍රචාරණ දැන්වීම ඇතුළත් නවතම Pepsi® ගිම්හාන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ එළිදැක්වීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. රසික ආකර්ෂණය නොඅඩුව හිමිකරගත් ජැකලින් ෆර්නැන්ඩස්  Cindy Crawford වෙළෙඳ  දැන්වීම ප්‍රතිනිර්මාණය කිරීමේ අපගේ අරමුණට බෙහෙවින් ගැළපෙනවා. එබැවින් ඇය සමඟ අප ගොඩනඟා ගත් සහයෝගීතාවය මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබිඹු කරනවා.ඇයගේ සිත් ඇදගන්නා සුළු පෙනුම සහ ජවය සමඟින්, මෙම නව වෙළෙඳ දැන්වීම  නව රැල්ලක් ඇති කරමින් Pepsi® සන්නාමය සහ එහි නව පෙනුම ප්‍රේක්ෂකයන් වෙත රැගෙන යමින් ජනතාව අතර ප්‍රචලිත කරවනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

නව වෙළෙඳ දැන්වීම පිළිබඳව අදහස් දක්වමින් රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් මෙසේ ප්‍රකාශ කළාය. “මම කවදත් අගය කරන සන්නාමයක් වන Pepsi® සමඟ එක්ව වැඩ කිරීමට ලැබීම මට සතුටක්. ප්‍රේක්ෂක හදවත් අතර  සදාකාලිකව රැදී තිබෙන Cindy Crawford දැන්වීම ප්‍රතිනිර්මාණය කිරීම  සුවිශේෂී ගමනක්. එවැනි විශේෂ නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් සම්බන්ධවීමට ලැබීම මට ඉමහත් ගෞරවයක්. ප්‍රබෝධමත් Pepsi® සමඟ ගිම්හාන සැමරුම් ව්‍යාපාරයක කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. විනෝදය, ජවය සහ වින්දනය මුසු කර සැකසූ මෙම වෙළෙඳ දැන්වීම රසවිදීමට මගේ ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ට අවස්ථාව උදාවන තුරු මම නොඉවසිල්ලෙන් බලා සිටිනවා. මෙම දැන්වීම  නැවුම් හා ආකර්ෂණීය ආකාරයෙන්  ඉදිරිපත් කර ඇති නවීකරණය කරන ලද නව Bold පෙනුමේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා.”

Pepsi® නව වෙළෙඳ දැන්වීම රූපවාහිනී, ඩිජිටල්, සහ සමාජ මාධ්‍ය හරහා සමාජ ගත කිරීමට බලාපොරොත්තු වන අතර ශක්තිමත් අංශක 360ක ව්‍යාපාරයක් හරහා එය ව්‍යාප්ත කරනු ඇත. එමෙන්ම දිවයින පුරා පිහිටි වෙළෙඳසැල් හරහා මෙන්ම ප්‍රමුඛ පෙළේ  ඊ-වාණිජ්‍ය වේදිකාවලින් මෙම Pepsi® නිශ්පාදනයන් අවශ්‍ය ප්‍රමාණවලින් ලබා ගත හැකිය.

(Link to view the TVC- https://youtu.be/g40lY2iOhTE_

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව