ගෞතම් අදානි සහ ඔහුගේ ඥාති පුත් සාගර් අදානි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ අල්ලස් චෝදනාවලින් නිදහස්

Gautam Adani, Chairman of Adani Group

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ වෝදනාවන් යටතේ ගෞතම් අදානි, ඥාති පුත් සාගර් අදානි සහ විනීත් ජායින් වෙත කිසිදු අල්ලස් චෝදනාවක් නොමැති බව තහවුරු වේ

  • එක්සත් ජනපද විදේශ දූෂිත පිළිවෙත් පනත (FCPA) උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරනු ලැබූ නඩුවේ ගෞතම් අදානි, සාගර් අදානි සහ විනීත් ජායින් යන කිසිවෙකුට චෝදනා එල්ල වී නොමැත.
  • එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තු චෝදනා පත්‍රයේ අල්ලස් චෝදනා එල්ල වී ඇත්තේ Azure සහ CDPQ නිලධාරීන්ට පමණි.
  • අදානි නිලධාරීන්ට එල්ල වී ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා අසත්‍ය බව Adani Green Energy Ltd. පෙන්වා දෙයි.

ගෞතම් අදානි, ඔහුගේ බෑණනුවන් වන සාගර් අදානි සහ ජ්‍යෙෂ්ඨ විධායක විනීත් ජායින් වෙත  එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් එල්ල කරනු ලැබූ චෝදනාවලින් නිදහස් කොට ඇති බව  Adani Green Energy Ltd. (AGEL) සමූහය විසින් කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කළ නවතම ගොනු කිරීම් වන සඳහන් කර ඇත.
 



 

එම ගොනු කිරීම්වලදී AGEL පෙන්වා දුන්නේ, අදානි සමාගමේ නිලධාරීන්ට එරෙහිව වංචා සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය ආයතන මඟින් කළ වාර්තා “අසත්‍ය” බවයි. AGEL විසින් ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙන පරිදි, “අපගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන ගෞතම් අදානි, සගර් අදානි සහ වීනීත් ජායින් යන අය ඇමරිකානු විදේශ දූෂණ නීතිය (FCPA) උල්ලංඝනය කළේ යැයි මාධ්‍ය විසින් වාර්තා කරන ලද ප්‍රකාශය අසත්‍ය වන අතර, ගෞතම් අදානි, සගර් අදානි සහ වීනීත් ජායින් යන අය ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව හෝ ඇමරිකානු කොටස් හුවමාරු කොමිසම (SEC) විසින් නඩු පැවරූ උල්ලංඝන කටයුතු හෝ සිවිල් පැමිණිලිවලින් කිසිදු චෝදනාවකට ලක්ව නොමැත” යනුවෙන් මෙහි වැඩි දුරටත් සඳහන් වේ.

නීත්‍යානුකූල චෝදනා පත්‍රයක, Count යනුවෙන් අදහස් කරන්නේ විත්තිකරුවෙකුට එරෙහිව කරන ලද තනි චෝදනා පිළිබඳවයි.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ චෝදනා 5ක් ඇතුළත් වන අතර, “FCPA උල්ලංඝනය කිරීමට සැලසුම් කිරීම” ලෙස සඳහන් පළමු චෝදනාවෙහි (Count One) හෝ “නීතිය අඩපණ කිරීමට සැලසුම් කිරීම” ලෙස සඳහන් පස්වන චෝදනාවෙහි (Count Five – 41 වන පිටුව) ගෞතම් අදානි, සගර් අදානි, හෝ වීනීත් ජායින් යන අය පිළිබඳ කිසිවක් සඳහන් කර නොමැත.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ පළමු චෝදනාව, දූෂණ සහ ලංසු වංචා චෝදනා සම්බන්ධයෙන් වන අතර, එය Azure Power සහ CDPQ (Caisse de dépôt et placement du Québec – කැනේඩියානු ආයෝජන ආයතනයක් වන අතර Azure යනු විශාලතම කොටස් හිමියෙකි) ආයතනවලට සම්බන්ධ රන්ජිත් ගුප්තා, සයිරිල් කැබැනස්, සෞරභ් අගර්වාල්, දීපක් මල්හෝත්‍රා සහ රුපේෂ් අගර්වාල් යන අයගේ නම් පමණක් සඳහන් කරයි. අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මේ අංශය යටතේ කිසිදු අදානි නිලධාරියෙකුගේ නම සඳහන් කර නොමැත.

මෙම පුවත වරදවා තේරුම් ගත්, විදේශීය සහ ඉන්දීය මාධ්‍ය ආයතන කිහිපයක් විසින් මෙය අසත්‍ය හා වගකීමකින් තොරව ප්‍රචාරය කර තිබුණේ අදානි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් එල්ල කළ ලංසු වංචා සහ දූෂණ චෝදනා පහම ඇතුළත් කරමිනි.

අදානි නිලධාරීන්ට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු කර ඇත්තේ විශේෂිත චෝදනා 3ක් යටතේ පමණි. එනම්, “සුරැකුම්පත් වංචා කුමන්ත්‍රණය”,  “වයර් වංචා සැලසුම” සහ “සුරැකුම්පත් වංචාව” සම්බන්ධයෙන් පමණකි.

අදානිට එරෙහි සාක්ෂි ගැන සඳහනක් නැත

අධිකරණ දෙපාර්තමේන්තුවේ අධිචෝදනා පත්‍රයේ, අදානි සමාගමේ විධායකයින් විසින් ඉන්දීය රජයේ නිලධාරීන්ට අල්ලස් ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරයි.  අධිචෝදනා පත්‍රය සහ පැමිණිල්ල හුදෙක්ම අල්ලස් පොරොන්දු වූ හෝ සාකච්ඡා කළ බවට වූ යම් යම් ප්‍රකාශයන් මත රඳා පවතී.

“මේ සියල්ලට පදනම් වී ඇත්තේ Azure Power සහ CDPQ හි හිටපු සේවකයින්ගේ ප්‍රකාශයන් වන අතර අදානිට එරෙහිව අධිකරණ දෙපාර්තමේන්තුවේ සහ US SEC ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්වල ඇති සදාචාරාත්මකව සහ නීත්‍යානුකූලව ද භයානක ලෙස ආන්දෝලනයට ලක් වී ඇත.”

වැරදි පදනමක් සහිතව එක්සත් ජනපදය විසින් සිදු කළ මේ ක්‍රියාව සහ නොසැලකිලිමත් ලෙස අසත්‍ය තොරතුරු වාර්තා කිරීම නිසා ජාත්‍යන්තර ව්‍යාපෘති අවලංගු වීම්, මූල්‍ය වෙළඳපොළ බලපෑම සහ උපායමාර්ගික හවුල්කරුවන්, ආයෝජකයන් සහ ජනතාවගේ හදිසි පරික්ෂාවන්ට ලක්වීම වැනි ප්‍රතිවිපාක රැසකට ද මුහුණ දීමට සමාගමට සිදුවී ඇත.

අදානි – එක්සත් ජනපදය සහ චීන බලවතුන් සමඟ සෘජු තරඟයක

Adani Group යනු ගෝලීය බලශක්ති සහ සැපයුම් අවකාශයේ සැලකිය යුතු මෙහෙයුම් සහිත ඉන්දියාවේ විශාලතම යටිතල පහසුකම් සපයන්නා වේ. පසුගිය වසර කිහිපය තුළ, ඉන්දියානු සමූහ ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳපල තුළ සිය මෙහෙයුම් පුළුල් කර ඇති අතර අප්‍රිකාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, ඊශ්‍රායලය, ඕස්ට්‍රේලියාව වැනි රටවල එක්සත් ජනපද සහ චීන ආයතන කිහිපයක් සමඟ කෙලින්ම තරඟ කරයි.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ අධිචෝදනා පත්‍රය දැනුම් දීමෙන් පසු, සමූහයට එහි ලැයිස්තුගත සමාගම් 11 හරහා එහි වෙළඳපල ප්‍රාග්ධනීකරණයේදී ඇමරිකානු ඩොලර් බිලියන 55කට ආසන්න අලාභයක් සිදුවී ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව