යහපත් අනාගත පරපුරක් බිහිකිරීම උදෙසා කැපවෙන ශ්‍රී ලංකාවේ ගුරු පරපුර වෙනුවෙන් උත්තමාචාර පුදන Atlas Axillia ‘ගුරුගරු’ ගුරු උපහාර උළෙල මෙවරද ඔක්තෝබර් 10 වැනි දින Waters Edge හෝටලයේදී ගුරුවරුන් 250කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
Atlas Axillia සමාගම, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එක්ව මෙම ‘ගුරුගරු’ ගුරු උපහාර උළෙල ලෝක ගුරු දිනය මූලික කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. දුෂ්කර අභියෝග හමුවේ පවා නොසැලී හිඳිමින් අනාගත පරපුරේ නැණස පෑදීමට අතිමහත් කැපවීමෙන් යුතුව කටයුතු කරන ගුරු පරපුර ඇගයීම මෙම ගුරු උපහාර උළෙලේ මූලික අරමුණයි.
මෙවරද Atlas Axillia ‘ගුරුගරු’ ගුරු උපහාර උළෙල සඳහා දිවයිනේ විවිධ පළාත්වලින් ගුරුවර ගුරුවරියන් එක්ව සිටි අතර බස්නාහිර පළාත් අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් නිරූපා මානගේ, බස්නාහිර පළාත් අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ අතිරේක අධ්යක්ෂ පී. ආර්. දේවබන්දු, බස්නාහිර පළාත් අධ්‍යාපන අතිරේක අධ්යක්ෂ නයනි පෙරේරා, සහ අධ්‍යාපන අමාත්‍ය පෞද්ගලික ලේකම් විශාකා අබේරත්න යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ. මෙබඳු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම වැඩසටහන සහභාගී වීමම, ගුරු වෘත්තියට නිසි ගෞරවය ලබාදෙමින් ඔවුන්ගේ මෙහෙවර නිසි ඇගයීමට ලක්කිරීමේ වැදගත්කම කියාපාන සාධකයක් විය.
ශ්‍රී ලංකාවේ අංක එකේ අධ්‍යාපනික සන්නාමය වන Atlas හි මූලික අරමුණ වන්නේ අධ්‍යාපනය දරුවන්ට සතුටුදායක අත්දැකීමක් බවට පත්කරමින් ඔවුන්ගේ තේමාව වන ‘සතුටින් ඉගෙන ගන්න’ යන්න යථාර්ථයක් බවට පත්කිරීමය. මේ යටතේ සැමට සමාන අධ්‍යාපනික අවස්ථා ලබාදීම, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ දරුවන් සහ ගුරුවරුන්ගේ මානසික යහපැවැත්ම තහවුරු කිරීම යන අංශ තුන සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමුකෙරේ. ඒ අනුව ‘ගුරුගරු’ ගුරු උපහාර උළෙල යනු මෙම උදාර මෙහෙවරෙහි එක් වැදගත් අංගයකි.
එමෙන්ම Atlas Axillia සමාගම විසින් වාර්ෂිකව ගුරුවරුන් 7,000 කට අධික පිරිසක් පුහුණු කිරීම සඳහාද සිය දායකත්වය ලබාදෙයි. මේ යටතේ දරුවන් වෙනුවෙන් වඩාත් තෘප්තිමත් හා ඵලදායී ඉගෙනුම් වාතාවරණයක් සහතික කිරීම සඳහා අවශ්‍ය දැනුම හා පුහුණුව මෙම ගුරුවරුන් වෙත ලබාදෙනු ලැබේ. එමෙන්ම පුහුණු වන ගුරුවරුන්ට සිය අනාගත ඉලක්ක සපුරාගැනීමට අත්වැලක් වීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමටදට Atlas පියවර ගනියි.
“අපගේ දරු පරපුරට මෙන්ම මුළුමහත් රටටම දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා ගුරුවරුන් කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරන බව අප විශ්වාස කරනවා. එහෙත් ඔවුන්ගේ කැපවීම නිසි ඇගයීමකට ලක්වන්නේ ඉතාම කලාතුරකින්. ‘ගුරුගරු’ උපහාර උළෙල ඔස්සේ අප මේ උත්සාහ කරන්නේ ඒ කැපවීමේ මහිමය ලොවට පෙන්වා දීමටයි. මේ ආකාරයට ගුරුවරුන් ඇගයීම සහ ඔවුන්ට නිසි අත්වැලක් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම අපට මහත් සතුටක්.” Atlas Axillia සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අසිත සමරවීර මහතා පැවසී ය.
‘ගුරුගරු’ ගුරු උපහාර වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් Atlas Axillia දක්වන අඛණ්ඩ කැපවීමෙහි තවත් වැදගත් සන්ධිස්ථානයකි. මීට අමතරව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එක්ව, ගුරුවරුන්ගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත නගාසිටුවීම සඳහා තවත් වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමටද Atlas Axillia පියවර ගෙන තිබේ. මෙම වසරේ ‘ගුරුගරු’ උපහාර උළෙලේදී මෙරට ගුරු පරපුරේ ජයග්‍රහණ සැමරීමට අමතරව, රටේ අධ්‍යාපන ඉලක්ක ළඟා කරගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීත්වය පවත්වා ගැනීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාව අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධාකාර අභියෝගවලට මුහුණ දෙමින් සහ එම අභියෝග ජයගනිමින් සිටින මොහොතක, ‘ගුරුගරු’ උපහාර උළෙල වැනි වැඩසටහන් අධ්‍යාපන ක්ෂේත්රයේ අනාගතය පිළිබඳව සුභවාදී හැඟීම් ඇතිකරනු නිසැක ය. මේ ආකාරයට ගුරුවරුන්ගේ කැපවීම වෙනුවෙන් නිසි ඇගයීමක් ලබාදෙන අතරම ඔවුන් අඛණ්ඩව සවිබල ගන්වමින්, රටේ අනාගත පරපුරේ සුභසිද්ධිය සහතික කිරීම Atlas Axillia හි අරමුණ වී තිබේ.
ඉදිරියටත් ‘අධ්‍යාපනයේ විශ්වාසනීය සහකරු’ ලෙස කටයුතු කරමින්, ගුරුවරුන්ට සිය මෙහෙවර සාර්ථක ලෙස ඉටුකිරීම සඳහා අවශ්‍ය අත්වැල ලබාදෙන අතරම ඒ උදාර මෙහෙවර ඇගයීමට ලක්කිරීම සඳහා Atlas Axillia කැප වී සිටී.