
පසුගිය දා පැවති ගුණාත්මකභාවය සහ ඵලදායීතාව පිළිබඳ ජාතික සමුළුවේදී (NCQP 2025) සියැට් කැලණි සමාගමෙහි පසුගිය වසර තුළදී ක්‍රියාත්මක වූ ගුණාත්මකභාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති (QIP) 17ක් සඳහා රන් සම්මාන හිමි විය. එය 2024 වසරේ මෙම උළෙලේ දී සමාගම දිනාගත් රන් සම්මාන ගණනට වඩා දෙගුණයකටත් වැඩි සංඛ්‍යාවකි.
මෙහි විශේෂයක් වූයේ, සියැට් කැලණි සමාගම විසින් මෙම වසරේ සම්මාන සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති 17 අතරට නිෂ්පාදන ක්ෂේත්‍රයට අයත් ව්‍යාපෘති නොවන දෙකක ප්‍රතිඵල ද ඇතුළත් කර තිබිමයි. එම ව්‍යාපෘති දෙකම රන් සම්මාන දිනා ගත් අතර ජාතික සමුළුවේ කොටසක් ලෙස පවත්වන ලද කයිසෙන් (වඩා හොඳ වෙනසක් සඳහා) තරඟයේ දී ද සියැට් කණ්ඩායමට විශේෂ සම්මාන දෙකක් හිමි විය.
“මෙහෙයුම් ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සහ කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීම සඳහා අපගේ කැපවීම පිළිබඳ මෙම සම්මානවලට වඩා හොඳ ප්‍රකාශයක් තවත් නැහැ,” යනුවෙන් සියැට් කැලණි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. “සෑම මට්ටමකම සේවකයින්ගේ හෘදයාංගම සහභාගීත්වයත් සමඟින්, සියැට් කැලණි සමාගම ගුණාත්මකභාවය සහ ඵලදියීතාවය වැඩිදියුණු කිරීමේ මිණුම් සලකුණු අඛණ්ඩව ස්ථාපිත කර ඇති අතර, කර්මාන්තයේ විශිෂ්ඨත්වය කරා යන ගමන තුලින් සිය නායකත්වය හා කැපවීම තවදුරටත් ශක්තිමත් කර ඇත.”
රන් සම්මානය දිනාගත් නිෂ්පාදන නොවන ව්‍යාපෘති දෙකෙන් පළමුවැන්න වූයේ, මාර්ගගත ඉගෙනුම් ක්‍රමය භාවිතා කර සියැට් කැලණි ආයතනය පුරා ඩිජිටල් ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම යි. එම කාණ්ඩයේ දෙවැනි ව්‍යාපෘතිය වූයේ දිගුකාලීන අහිතකර කාලගුණික තත්වයන් හේතුවෙන් සැපයුම් දාමවලට බාධා වීම සහ ඉහළ යන අමුද්‍රව්‍ය පිරිවැය යන ගැටළුවලට විසඳුම් වශයෙන් ආරම්භ කළ ස්වභාවික රබර්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියයි.
ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි සමාගම 2025 වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණ පරිචයන් සඳහා වන ටයර් නිෂ්පාදන සමාගම ලෙසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් ද සම්මානයට පාත්‍ර විය. එසේම ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය සහ ජාත්‍යන්තර තත්ත්ව පාලන කව පිළිබඳ සම්මේලනය මගින් පිරිනමන බහුවිධ සම්මාන රැසකින් ද සමාගම පිදුම් ලබා ඇත.
සියැට් සමාගමේ ඉහළ මට්ටමේ නෛතික හා මෙහෙයුම් අනුකූලතාව සමඟින් ශක්තිමත් සැපයුම් දාම ආරක්ෂාව අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් සමාගමට බලයලත් ආර්ථික ක්‍රියාකරු (AEO) Tier – I තත්ත්වය පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැලණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැලණි සමාගම ඉටු කරනු ලබයි.
සියැට් කැලණි සමාගම දැනට දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තයට වාර්ෂිකව නිෂ්පාදකයා විසින් සපයන (OE) ටයර් 150,000 කට වඩා සපයන අතර මේ තුළින් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවලින් සියයට 90 කටත් වඩා ආවරණය කරයි. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන සන්නාම 11ක නිෂ්පාදකයා විසින් සපයන උපාංග ලෙස භාවිත වේ. ඒ අතරට මාදිලි 30කට අධික SUV වාහන, මෝටර් රථ, බස් රථ, ලොරි, පිකප් ට්‍රක් රථ, යතුරුපැදි සහ ස්කූටර් අයත් වේ.