ගනුදෙනුකරුවන්ගේ පහසුව පිණිස ATL වෙතින් ගෙවීම් සඳහා පොළී රහිත වාරික සැලැස්මක් (0%) සහ ඔන්ලයින් ක‍්‍රමයට රක්ෂණයන් අලූත් කිරීමේ දී විශේෂ වට්ටම්

Image-1

නිපැයුම් හා සේවා සම්පාදනයේ දී ගනුදෙනුකරුවන්ට මුල් තැන දෙන අමානා තකාෆුල් (ATL) සමාගම ගණුදෙනු කරුවන්ගේ පහසුව සැලසීම සඳහා නිබඳව කටයුතු කරයි. සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් වෙනස් වන වේගය අනුව ATL නිපැයුම් මාලාව හා ඒවායේ ආවරණය ද වර්ධනය වී ඇත.ගණුදෙනු කරුවන්ගේ රක්ෂණ අත්දැකීම පහසු කිරීමෙන් ATL සමාගම සිය ගනුදෙනුකරු පදනම සාර්ථක ලෙස වර්ධනය කර ගෙන ඇත.

ගණුදෙනු කරුවන්ගේ කාර්ය බහුල  ජීවන රටාව අවබෝධ කර ගත් ATL සමාගම පහසුවෙන් නියමිත ගෙවීම් කිරීමට හැකියාව ලැබෙන විවිධ ක‍්‍රම ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමට පියවර ගෙන ඇත. නියමිත ගෙවීම් කිරීම සඳහා ශාඛාවකට යාමට කැමැති ගනුදෙනුකරුවන්ට සමාගමේ මිත‍්‍රශීලී, කාරුණික කාර්ය මණ්ඩලයේ සහය ඇතිව සිය ගෙවීම් කවුන්ටරය ඔස්සේ ඉතා පහසුවෙන් කර ගැනීමට ද පුළුවන.

මේ අතර  සිය ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමක් අත් කර දීමට දරන උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට පොළී රහිත වාරික ක‍්‍රම යටතේ තම රක්ෂණ වාරිකයන් ගෙවීමේ පහසුව ලබාදි ඇත. ATL සමාගමේ මෙම පොළී රහිත වාරික ක‍්‍රම යටතේ (0%* රක්ෂණ සැලැස්ම ගනුදෙනුකරුවාට කිසිදු අමතර හෝ සැඟවුණු වියදමක් දැරීමට සිදු නොවන ඇත.

ATL සමාගම මාස 3, 6 හා 12 වශයෙන් විකල්ප ගෙවීම් කාල පරිච්ඡේද තුනක් සිය ගනුදෙනුකරුවන් වෙත පිරිනමයි. රක්ෂණ ගාස්තු වාරිකවලින් ගෙවිය හැකි වන පරිදි ගෙවීම් විකල්ප පුළුල් කිරීම නිසා දැන් ATL ගනුදෙනුකරුවන්ට එක වර සම්පූර්ණ රක්ෂණ ගාස්තු ම ගෙවීමට සිදු වීමේ මූල්‍ය බර හා අපහසුතාව දැරීමට සිදු නොවේ.

ATL සමාගම අදාළ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 0% පොළී රහිත වාරික ක‍්‍රම පහසුකම පිරිනැමීම සඳහා ලංකා බැංකුව, සම්පත් බැංකුව, නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව හා HSBC  බැංකුව වැනි රට තුළ ක‍්‍රියාත්මක ප‍්‍රමුඛ බැංකු ගණනාවක් සමඟ ආකර්ෂණීය හවුල්කාරිත්වයන් ගොඩ නගා ගෙන ඇත. මෙම ක‍්‍රමයෙන් ගනුදෙනු කිරීමේ දී අදාළ වන්නේ ක්‍රෙඩිට් කාඞ්පත නිකුත් කරන සමාගමේ සාමාන්‍ය නියමයන් හා කොන්දේසි පමණකි.

ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ අත්දැකීම තව දුරටත් වැඩි දියුණු කරමින් ATL සමාගම සිය කාර්ය බහුල ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන් රක්ෂණ ගනුදෙනු සිදු කර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා ඩිජිටල් තාක්ෂණ ක‍්‍රමවේදයන් සඳහා ද ආයෝජනය කර ඇත. එම නිසා ATL Total Drive Motor Policy රක්ෂණ ඔප්පු ඔන්ලයින් ක‍්‍රමයට අලූත් කිරීමට හැකියාව ලැබී ඇත. ගනුදෙනුකරුවන් කළ යුතු වන්නේ ATL වෙබ් අඩවියට පිවිස අදාළ විස්තර පුරවා ඔන්ලයින් ක‍්‍රමයට රක්ෂණ ඔප්පුව අලූත් කිරීම පමණකි. සියලූ මෝටර් රථ රක්ෂණ ඔප්පු සඳහා මූලික වාරිකයෙන් 7.5%ක වට්ටමක් මේ සමඟ පිරිනැමේ. ඔබ www.takaful.lk වෙබ් අඩවියට පිවිසෙන්නේ නම් ATL සමාගමේ ‘කෘතගුණ,’ ‘Travel Pal’ හා ‘තුන් වන පාර්ශවීය මෝටර් රථ (3rd party) රක්ෂණබ ඔන්ලයින් ක‍්‍රමයට මිල දී ගැනීමට ද අවස්ථාව සලසා ඇත.

ATL සමාගම සෑම ශී‍්‍ර ලාංකිකයෙකුයම  සමීප වීම සඳහා අඛණ්ඩව කටයුතු කරන අතර පහසු, දැරිය හැකි, විශ්වසනීය, නවෝත්පාදක හා නවීනතම රක්ෂණ නිපැයුම් ඔවුන් වෙත පිරිනමයි. ATL සමාගම සඳහා කරන කැප වීමේ කොටසක් ලෙස විවිධ ජනවර්ගවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සැදුම් ලත් සිය ශාඛා ජාලය ඔස්සේ රටේ සියලූ ප‍්‍රජාවන් වෙත සමීප වෙයි. ATL සමාගම සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හා පහසුවට මුල් තැන දෙන නිසා දශක දෙකක් තිස්සේ ශ‍්‍රී ලංකාව තුළ නවෝත්පාදක රක්ෂණ නිපැයුම් හඳුන්වා දී ඇත.

රක්ෂණ ඔප්පු හිමියන්ට වැඩි පහසුවක් අත් කර දීමෙහි ලා ඉමහත් උනන්දුවෙන් කටයුතු කරන ATL සමාගම රක්ෂණ ඔප්පු හිමියන්ට පැය 24 පුරා ම සේවාවන් සම්පාදනය කෙරෙන බව සහතික කිරීම සඳහා ඔන්ලයින් හා  ඕෆ්ලයින් සහාය සහ පැය 24 පුරා ක‍්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකයක් සම්පාදනය කරයි. දුරකථන අංක 011 7 501 000 සහ www.takaful.lk වෙබ් අඩවිය ඔස්සේ දවසේ  ඕනෑ ම වේලාවක ATL සහාය කණ්ඩායම ඇමතිය හැකි අතර රක්ෂණ ඔප්පු හිමියන්ට මෙන් ම නව ගනදෙනුකරුවන්ට ද ඔවුන්ගේ අවශ්‍යතාව අනුව  ඕනෑ ම සහායක් හෝ මග පෙන්වීමක් ලබා දීමට එම කණ්ඩායම සූදානමින් සිටිති.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව