ක‍්‍රිස්බ්‍රෝ සමාගම කෝවිඞ් වසංගත තත්වය හමුවේ විපතට පත්වූ සිය සේවක පවුල්වෙත සහන සලසයි

Gampola chiken processing plant

 




 

 

ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම, කෝවිඞ් 19 වසංගත තත්වය හමුවේ අපහසුතාවන්ට පත් වු සිය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සුභසාධනය පවත්වාගෙන යෑම සඳහා පූර්වගාමී පියවර රැසක් ගෙන ඇත. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනය මගින් නියම කර ඇති දැඩි සෞඛ්‍ය නියාමන ක‍්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිත බව සහතික කිරීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ කැපවී සිටින අතර සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කෝවිඞ් වසංගතයෙන් ආරක්ෂා කිරීම සහ එයින් ඇති ව තිබෙන බලපෑම අවම කිරීම සඳහා මෙම ක‍්‍රියාමාර්ග සමත් ව ඇත.

‘‘ මෙම වසංගතය මෙරට සෑම ක්ෂේත‍්‍රයටම දැඩි බලපෑමක් එල්ල කර ඇති බැවින් එහි ප‍්‍රතිවිපාකයන්ට තවත් බෝහෝ කාලයක් යන තුරු අපට මුහුණ දෙන්නට සිදු වේවි. මෙවැනි අසීරු කාලවකවානුවක පවා අපගේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම වෙනුවෙන් අප ඔවුන් සමග නිරතුරුවම සිටින බව විශ්වාසයෙන් පවසන්න කැමතියි. ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ ආචාරධර්මික ප‍්‍රවේශය වන්නේත් හැකි හැමවිටම ක‍්‍රිස්බ්‍රෝ සාමාජිකයින් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සුබසාධනයයි. කෝවිඞ් වසංගත තත්වයේ ආරම්භයේ සිටම අපගේ නිෂ්පාදන ක‍්‍රියාවලිය විනිවිද බවකින් සහ රජයේ සෞඛ්‍ය නියාමනයන් දැඩි ලෙස පිළිපදිමින් අදාළ සෞඛ්‍ය බලධාරීන් සමග සමීපව කටයුතු කළ අතර අති නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුකූලව නිෂ්පාදනයන් සිදු කරන බැවින් වසංගතය විසින් එල්ල කර ඇති අභියෝග සාර්ථකව ජය ගනිමින් අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපට හැකිව තිබෙනවා. එමෙන්ම කෝවිඞ් වසංගතය හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණදී සිටින අපගේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එම අසීරූ තත්වයන්ගෙන් මුදවාගැනීමට ද ගත හැකි සියලූ පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම කෝවිඞ් වසංගතය ආරම්භ වූ අවස්ථාවේ සිටම ක‍්‍රිස්බ්‍රෝ මානව සම්පත් අංශය විසින් සෑම ව්‍යාපාරික මධ්‍යස්ථානයකම ^Business location& ආරම්භ කළ සෞඛ්‍ය සහ සුරක්ෂිතතා කමිටුව විසින් සේවකයින්ගේ අවශ්‍යතා සොයා බලා එම සහනයන් සැලසීමට දැඩි කැපවීමකින් කටයුතු කරනවා. එමෙන්ම මේ කටයුතු නිසිලෙස පවත්වාගෙන යෑම සඳහා පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලැබෙන අපමණ සහයෝගයට අපගේ කෘතඥතාව ඔවුන් වෙත පළ කරන්න කැමතියි’’ යනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ සමූහ මානව සම්පත් හා පරිපාලන කළමනාකාර රංජන මහින්දසිරි මහතා පැවසීය.

ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ කර්මාන්ත පරීශ‍්‍රයන්ගේ සුරක්ෂිතබව දැඩි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයන් පරිදි ආර්ඛසිත පියවරයන් අනුගමනය කරන අතර එම පියවරයන් පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සුපරීක්ෂනය යටතේ සිදු කෙරේ. එමෙන්ම සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලියම ආවරණය වන පරිදි දෛනිකව සිදු කෙරෙන අවදානම් කළමණාකරන පියවරයන් හේතුවෙන් සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය මෙන්ම නිෂ්පාදනයෙහි අඛණ්ඩතාව පවත්වාගෙන යෑමට හැකිව තිබේ. නිරන්තර පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීම, කෝවිඞ් ආසාදිතයකුගේ ආශ‍්‍රිතයින් අතර ක‍්‍රිස්බ්‍රෝ සේවකයින් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිටී නම් ඔවුන්ට පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීම සහ නිරෝධායනයට ලක් කිරීම මෙන්ම නිරෝධායන කාලසීමාව තුළ ඔවුන්ගේ රැුකබලා ගැනීම ආදී සුබසාධන කටයුතු සිදුකෙරේ. මෙහිදී මෙම නිරෝදායනයට ලක්වන සේවකයින් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බෝ නොවන රෝගයන්ට ගොදුරු වී ඇත්නම් ඔවුන් සඳහා අවශ්‍ය ඖෂධ ලබා දීම ද ක‍්‍රිස්බ්‍රෝ සමාගම විසින් ලබා දෙයි.

සමාජ දුරස්ථබව සහ සංචරණ සීමා පනවා ඇති කාලවකවානුවක් බැවින් ක‍්‍රිස්බ්‍රෝ සේවකයින්ට පරිබාහිර පුද්ගලයින් සමග සබඳතා පැවැත්වීමේ අවශ්‍යතාවන් අවම කිරීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ ක‍්‍රියාමාර් කිහිපයක් ගෙන තිබේ. සමාගමේ ව්‍යාපාරික මධ්‍යස්ථානයන්හි සේවය කරන සේවක සේවිකාවන් සඳහා ප‍්‍රවාහන පහසුකම් සැලසීම, හැකි හැම විටම ජෛව බුබුලක කටයුතු කිරීම තුළින් පරිබාහිරව පැමිණිය හැකි කෝවිඞ් ආසාදනයන් වළක්වා ගැනීමටත් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පවත්වාගෙන යෑමටත් දිරි ගන්වයි. එමෙන්ම සේවකයින් නිරෝධායනයට යොමු කළ විට ඔවුන්ගේ වැටුප දීමනාවන් සමග ලබා දීමටද ක‍්‍රිස්බ්‍රෝ සමාගම පියවර ගෙන ඇති අතර සේවකයින් නිරෝධායනයට යොමු කළ විට එම කාලසීමාව අවසන් වන තෙක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබා දීමට ද සමාගම වැඩ පිලිවෙළක් ක‍්‍රියාවට නංවා ඇත. එමෙන්ම කෝවිඞ් වෛරසයට ගොදුරු වූ සේවකයින් රෝහල් ගතව හෝ කෝවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක සිටින විට පුද්ගල අවශ්‍යතා සොයා ලබා එම පහසුකම් නොපමාව ලබාදීමට ද සමාගම පියවර ගෙන ඇත.

ක‍්‍රිස්බ්‍රෝ සිය මෙහෙයුම් ක‍්‍රියාවලිය තවත් ශක්තිමත් කිරීම සඳහා අවදානම් විශ්ලේෂණයක් සිදු කරන අතර වඩාත් සුමට හා ආරක්ෂිත නිෂ්පාදන ක‍්‍රියාවලියක් පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා විශාල කණ්ඩායමක් යොදවා ඇත. මෙම පිරිස නිෂ්පාදන ක‍්‍රියාවලියේ සුරක්ෂිතබව පිළිබඳව පසුවිපරම් කරන සෞඛ්‍ය බලධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කරයි.

කෝවිඞ් වෛරසයේ ව්‍යාප්තිය හා පාලනය සඳහා සමාගම් පරීෂය තුළත් ඉන් පිටතත් ආරක්ෂිත ක‍්‍රමවේද රැසක් අනුගමනය කිරීමට ක‍්‍රිස්බ්‍රෝ පියවර ගෙන ඇති අතර මේ සෑම පියවරක් තුළින්ම නිෂ්පාදනයන්හි ආරක්ෂිත බව සහ සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය ආරක්ෂා කිරීම ප‍්‍රමුඛතම අරමුණ වේ. සෞඛ්‍යාරක්ෂිත බව පවත්වාගෙන යෑම සඳහා දෑත් පිරිසිදු කිරීමේ පහසුකම් ස්ථාපනය කිරීම, පී.සී.ආර් පරීක්ෂණ නිරතුරුව පැවැත්වීම සහ පරිශ‍්‍රය විශබීජ හරණය කරමින් පවත්වාගෙන යෑම වැනි ක‍්‍රියාමාර්ග දෛනිකව සිදු කෙරේ.

වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated& තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව