ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රජා අරුණ යටතේ නව නිවාස 34 ක් ඉදි කෙරෙයි

Crysbro Praja Aruna CSR 1

 




 

 

ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළුමස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ සමූහය තුළ නිවාස නොමැති සේවකයින් 6 දෙනෙකු සඳහා නව නිවාස ඉදිකර දී  දැනට පවතින නිවාස 24 ක් මුළුමනින්ම පිලිසකර කර ඔවුන් වෙත භාර දී ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක‍්‍රියාත්මක කරන ප‍්‍රජා අරුණ සමාජ සත්කාරක වැඩසටහන හරහා මෙම ව්‍යාපාතිය දියත් කරන ලදි.

ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් සිදු කරනු ලබන ප‍්‍රධාන සමාජ සත්කාරක වැඩසටහන් 6 අතරට ගැනෙන ප‍්‍රජා අරුණ තුළින් ක‍්‍රිස්බ්‍රෝ සේවක සේවිකාවන්ගේ ජීවන තත්වය ඉහළ නංවාලීමට අවශ්‍ය කරුණු කෙරෙහි අවධානය යොමු කෙරේ. මේ දක්වා ප‍්‍රජා අරුණ වැඩසටහන මගින් නව නිවාස 34ක් සහ පහසුකම් නොමැති නිවාස 84ක් පූර්ණ නිවාස ලෙස පිළිසකර කර ඇත.

‘‘ නිවාස මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකක්. තමන්ගේම කියා නිවසක අභිමානවත්ව ජීවත් වීමට හැම දෙනා තුළම විශාල සිහිනයක් තිබෙනවා. මේ අවශ්‍යතා හොඳින් වටහා ගත් ව්‍යාපාර සමූහයක් ලෙසට ක‍්‍රිස්බ්‍රෝ සිය සේවකයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන ප‍්‍රජා අරුණ වැඩසටහන වැඩසටහන දියත් කළ අතර පසුගිය වසර තුළ පමණක් නිවාස නොමැති ක‍්‍රිස්බ්‍රෝ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකුට නව නිවාස 6ක් ඇතුළුව සමාජිකයින්ගේ නිවාස 24ක් පිළිසකර කිරීමට පියවර ගනු ලැබුවා. මෙය හුදෙක්ම සමූහයේ මුදල් පරිත්‍යාගය මත සිදු කෙරෙන ව්‍යාපෘතියකට එහා ගිය මනුසත්බවක් සහිත ව්‍යාපෘතියක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකියි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය අනුමතිය ලබා දීමෙන් අනතුරුව , ක්ෂේත‍්‍ර පරීක්ෂාවන් සිදු කිරීම, නිවාස සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා දීම, ඉදිකිරීමට සහාය වීම යන අංශයන් සඳහා ක‍්‍රිස්බ්‍රෝ සේවකයින් ස්වෙච්ඡුාවෙන්ම සිය ශ‍්‍රම දායකත්වය ලබා දීම මෙහිදී සඳහන් කළයුතුයි.’’ යනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ හි සමූහ මානව සම්පත් සහ පරිපාලන කළමනාකර රංජන මහින්දසිරි මහතා පැවසීය.

ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රජා අරුණ වැඩසටහන සඳහා වන මූල්‍ය ප‍්‍රතිපාදන ක‍්‍රිස්බ්‍රෝ සුභසාධන සංගමය විසින් ලබා දෙන අතර මේ යටතේ ප‍්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා මේ සඳහා සුදුසුකම් ලබන සේවක සේවිකාවන් අයදුම්පත් යොමු කළ යුතුවේ. ඉන් අනතුරුව එම සේවකයාගේ සේවා කාලසීමාව, කාර්යසාධනය, ජීවන තත්වය සහ වර්තමානයේ පදිංචිව සිටින ස්ථානය යන නිර්ණායකයන් සැලකිල්ලට ලක් කොට අදළ ව්‍යාපෘතිය සඳහා අවසන් අනුමැතිය ලබා දෙයි.

මුළුමනින්ම දේශීය ව්‍යාපාර සමූහයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට හා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ප‍්‍රමුඛ දායකත්වයක් දක්වන ක‍්‍රිස්බ්‍රෝ සමූහය සිය මූලික ප‍්‍රජා සත්කාරක ප‍්‍රවේශයන් 6 ඔස්සේ ග‍්‍රාමීය ආර්ථිකය සවිබල ගන්වමින් දිළිඳු බව තුරන් කිරීම සඳහා සිය දායකත්වය අඛණ්ඩව ලබා දෙමින් සිටී. ක‍්‍රිස්බ්‍රෝ දිරි සවිය, ප‍්‍රජා අරුණ, සිසුදිරිය, සුවශක්ති, හරිත සක්තාර සහ ක‍්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප් ලෙස මෙම ප‍්‍රජා සත්කාරක ප‍්‍රවේශයන් හඳුනාගත හැක.

ක‍්‍රිස්බ්‍රෝ දිරි සවිය මගින් ක‍්‍රිස්බ්‍රෝ සමූහය සමග එක්ව සිටින වී සහ බඩ ඉරි`ගු ගෝවීන් 1200කට සහ කුඩා කුකුළු ගොවිපල හිමියන් 250 දෙනෙකුගේ ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ තාක්ෂණය ලබා දෙයි. ක‍්‍රිස්බ්‍රෝ සමග ගනුදෙනු කරන ගොවිජනතාවට අතරමැදියන්ගෙන් තොරව සිය අස්වැන්න සඳහා වෙළෙඳ පොළ මිල සෘජුවම ලබා දෙයි.

ක‍්‍රිස්බ්‍රෝ සිසුදිරිය වැඩසටහන ඔස්සේ සමූහයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ දරුදැරියන් ඇතුළුව පාසල් සිසුසිසුවියන් 6000කට පාසල් වාරය සඳහා අවශ්‍ය පාසල් උපකරණ ලබා දෙන අතර සරසවිය වරම් හෝ වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව පිරිනමයි. හරිත ෂත්කාරක වැඩසටහන මුළුමනින්ම පරිසර සංරක්ෂණය වෙනුවෙන් යොමු වූ වැඩසටහනක් වන අතර මේ යටතේ පැළ 5000ක් දිවයිනේ සංවේදී පරිසර කලාපයන් ඉලක්ක කර ගනිමින් සිටුවීමට අපේක්ෂා කෙරේ.

“ NOCSL- Crysbro Next Champ” ශිෂ්‍යත්ව වැඩසටහන මගින් තෝරා ගනු ලබන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණ, ගමන් වියදම්, පුහුණු කරුවන්ගේ ගාස්තු, නේවාසික ගාස්තු, ක‍්‍රීඩා ඇ`ගළුම් සහ ක‍්‍රීඩා උපකරණ, පුහුණු වීම් කටයුතු වලදී අවශ්‍ය  වන වියදම් ආවරණය කෙරේ. මෙහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩා උපකරණ, සහ පුහුණු අවස්ථාව හිමිවනු ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමාගමේ 50 වැනි වසරට සමගාමීව දියත් කළ මෙම ජාතික වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සමග එක් වෙමින් දීපව්‍යාප්තව සිටින දක්ෂතා සහිත පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර පදක්කමක් හිමිකර ගන්නා තෙක් ඔවුන්ව රැකබලා ගන්නා මෙරට ක‍්‍රියාත්මක දැවැන්තම ශිෂ්‍යත්ව වැඩසටහන ලෙස හැඳින්විය හැක. ශිෂ්‍යත්ව වැඩසටහනට සමගාමීව දියත් කළ  “ NOCSL- Crysbro Next Champ web portal ‘. අන්තර්ජාල බිහිදොර ඔස්සේ  ඕනෑම අයකුට මෙම වැඩපිලිවෙළට, ග‍්‍රාමීය පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සහ පාසල් ක‍්‍රීඩා සංගම්වලට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමේ හැකියාව ලබා දී ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව