කෝවිඞ්-19 හමුවේ ජීවිත රක්ෂණ වෙළෙඳපොළ අභියෝග

softlogic-life

 

කෝවිඞ්-19 වසංගතය තරම් ශ්‍රී ලාංකීය ආර්ථිකයට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද අහිතකර බලපෑම් එල්ල කල කාල පරිච්ෙඡ්දයක් මෑත ඉතිහාසය තුළ නොවූ බව අවිවාදයෙන් පිළිගන්නා සත්‍යයකි. ලෝකයේ දැවැන්තම ආර්ථිකයන් සියල්ලම පාහේ කිසි විටෙක කිසිවෙකු අපේක්ෂා නොකළ අයුරින් ඇදවැටීමට ලක්වී ඇති අතර, එහි බලපෑමට ගෝලීය ආර්ථිකයන්ට ශක්තිය ලබා දෙන මූලික ආර්ථික ක්ෂේත‍්‍රවලින් 90% කට වැඩි ප‍්‍රමාණයක් යටත් වී තිබෙන බව නවතම සමීක්ෂණ තුළින් පැහැදිළි වී තිබේ.

එසේ වුවද, කොවිඞ් අර්බුදය හමුවේ මෙන්ම ඒ තත්වය සමනය වීමෙන් පසුවද වේගවත් හා ක්ෂණික වර්ධනයක් අපේක්ෂා කරන සීමිත ආර්ථික ක්ෂේත‍්‍ර කිහිපය අතරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය ඇතුළත් වී තිබීම එම ක්ෂේත‍්‍රයේ නියැලෙන ආයතන හා වෘත්තිකයන්ට මෙන්ම පොදුවේ ගෝලීය ආර්ථික වර්ධන ක‍්‍රියාවලියට ද සහනයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

 

ශ්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත‍්‍රයට වූ බලපෑම

මාර්තු මස අග භාගයේ ඇඳිරි නීතිය ප‍්‍රකාශ කිරීම සමඟ රටේ අන් සියලූම ක්ෂේත‍්‍රයන්ට මෙන්ම දැඩි බලපෑමක් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට ද ඇති විය. ව්‍යාපාරික, වෘත්තීය හා අනෙකුත් ක්ෂේත‍්‍රයන්හි නියුතුවූවන්ගේ ආදායම් කඩා වැටීම, ආයතනයන් හි රක්ෂණ වාරික ආදායම් එකතුවට විශාල බලපෑම් ඇති කළේය. අපේ‍්‍රල්, මැයි හා ජූනි මාසයන් තුළ තම අලෙවි හා සේවා කාර්ය මණ්ඩලයට නිසි ලෙසට ගෙවීම් සිදු කිරීම, අලෙවි කටයුතු කළමනාකරණය, වන්දි ගෙවීම් නොකඩවා සිදු කිරීම සහ නීතිමය හා අනුකූලතා අවශ්‍යතාවයන් නිසි ලෙස සපුරා ගනිමින් ව්‍යාපාරික සංවර්ධනය පවත්වාගැනීම සෑම ජීවිත රක්ෂණ ආයතනයකටම මුහුණ දීමට තිබූ මූලික අභියෝග අතර විය.

 

සොෆ්ට්ලොජික් ලයිෆ්

ඉහත අභියෝගයට මුහුණ දීමේදී සහ ව්‍යාපාරික මට්ටම නැවත ගොඩ නැංවීමේදී අප සමාගමේ වර්තමාන නව්‍ය කළමනාකරණ ව්‍යුහය විශාල පිටිවහලක් වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

වාරික එකතුව, බැංකුගත කිරීම් හා ගිණුම්කරණය, අලෙවි හා බෙදාහැරීම් පරිපාලන කටයුතු, අලෙවි හා පුහුණු සැසි පැවැත්වීම මෙන්ම ක්ෂේත‍්‍රයේ අලෙවි ක‍්‍රියාවලිය සම්බන්ධ සියලූ කටයුතු තාක්ෂණික ක‍්‍රමවේදයන් හරහා (e-platform මත) ක‍්‍රියාත්මක කිරීම ඒ වන විටත් ආයතනයේ ව්‍යුහයට අන්තර්ගත වී තිබූ පසුබිමක කෝවිඞ්-19 අගුලූ දැමීමේ ක‍්‍රියාවලිය තුළ අපගේ ව්‍යාපාරික කටයුතුවලට අවම බලපෑමක් සිදුවූ අතරම වේගවත්ව නැවත යථා තත්වයට ගොඩනැංවීම අසීරු කාර්යයක් නොවීමට එම ස්ථාවරත්වයට මහඟු පිටිවහලක් ද විය.

වර්තමානය වන විට අපගේ ආයතනයේ සියලූ අංශ අපේක්ෂිත ව්‍යාපාර ප‍්‍රතිඵල මට්ටම් වලට ගොඩනැංවීමට හැකිවීමම අපගේ විශාල ජයග‍්‍රහණයක් බව ප‍්‍රකාශ කළ යුතුයි. එසේම කෝවිඞ් මුල් කාල සීමාව තුළ සිදු කරන ලද ‘‘නිවසේ සිට රැකියා කටයුතුවල නිරත වීමේ ^Working from Home& නව සංකල්පය තව දුරටත් ස්ථාපනය කිරීම තුළින් ආයතනික වියදම් කළමනාකරණයට විශාල දායකත්වයක් ලද අතර ආයතනික කාර්ය මණ්ඩලයට වඩා තෘප්තිමත් සහ ඵලදායි අයුරින් සේවය සැළසීමේ අවස්ථාව නව ක‍්‍රමවේදයන් හරහා ගොඩනැංවුණ බවද සඳහන් කළ යුතුයි. ඉහළ ක‍්‍රමවේදයන් හරහා අපේ‍්‍රල්, මැයි, සහ ජූනි මාසයන් තුළ අපේක්ෂිත ආයතනික ව්‍යාපාරික මට්ටම්වලට සාපේක්ෂව 60%, 70% සහ 90% කාර්යඵල මට්ටම්වලට ලඟා කරගැනීමට හැකිවීම කෝවිඞ් අර්බුදය හමුවේ සොෆ්ට්ලොජික් උපායමාර්ගවල සාර්ථකත්වය පෙන්නුම් කරන ප‍්‍රබලම සාක්ෂි වේ.

කෝවිඞ් වසංගතයේ අවසානය ජීවිත රක්ෂණයේ අවශ්‍යතාවය තව දුරටත් වෙළෙඳපොළ තුළ තීව‍්‍ර ව ස්ථාපනය වන කාල සීමාවක් වන බව සියලූ සමීක්ෂණයන්ගෙන් පැහැදිලි වන පසුබිමක, ජීවිත රක්ෂණ ආයතනයන්හි ව්‍යාපාරික වගකීම් තවදුරටත් පුළුල් වන අතර, රක්ෂිතයින්ගේ අවශ්‍යතාවයන් නිවැරදිව හඳුනාගනිමින් සහ ඔවුන් බලාපොරොත්තු වන සේවය උසස් අන්දමින් ලබාදෙන ආයතනයන්හි වේගවත් වර්ධනයක් පෙන්නුම් කරනු ඇත.

තාක්ෂණික ක‍්‍රමවේදයන් හරහා නියමිත මිල පරාසයන් තුළ ගණුදෙනුකරුවන් අපේක්ෂා කරන රක්ෂණ වරයන් ලබාදීම සහ වේගවත් පසු සේවා හා වන්දි ලබාදීමේ ක‍්‍රියාවලිය අනවරත ලෙස කාර්යක්ෂම කිරීමට වෙළෙඳපොළ වේගවත් වර්ධනයක් කිරීමට බලාපොරොත්තුවන සියලූ රක්ෂණ ආයතනයට සිදුවනු ඇති. සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය ඒ සඳහා සැමවිටම කැපවෙමින් කටයුතු කරන අතර රක්ෂණ ක්ෂේත‍්‍රයේ අද්විතීය ස්ථානයට නුදුරේම ලඟා වීමේ අදිටනින් පෙළගැසී සිටිමු.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව