කොළඹ විශ්ව විද්‍යාලය 99x Hacktitude 2022 හි ඉහළම ගෞරවය හිමි කරගනී

Webp.net-resizeimage

 



 

 

 

99X හි නව්‍ය තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙන් දිවයින පුරා සිටින උපාධි අපේක්ෂකයින් 600 කට අධික සංඛ්‍යාවක් පසුගිය සතියේ අන්තර් විශ්වවිද්‍යාල Hackathon තරඟාවලියක් වන Hacktitude සඳහා සහභාගී විය. පැය නවයක නොනවතින කේතීකරණයෙන් (coding) පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ (UCSC) දලන ධර්මතිලක, අශාන් රත්නවීර සහ විසල් ජයතිලක ඉහළ ගෞරව හිමිකර ගත්හ.

ලියාපදිංචි වූ කණ්ඩායම් 230 න් කණ්ඩායම් 12 කට පමණක් සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට හැකි වූ අතර පසුගිය සතියේදී කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූයේ මෙම කැපී පෙනෙන කණ්ඩායම් 12 ය. UCSC ජයග‍්‍රාහී කණ්ඩායමට ඉහළ මට්ටමේ Apple MacBooks ලැබුණි. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා ඉංජිනේරු පීඨයට (UOM-CSE) පළමු සහ දෙවැනි අනුශූරතාව හිමි වූ අතර, මෙම පීඨය වැඩිම ලකුණු ලබාගත් විශ්වවිද්‍යාලය ලෙස Hackitude Championship Trophy සම්මානයෙන් පිදුම් ලබන ලදී.

99X හි ප‍්‍රධාන මහජන නිලධාරී දමිත ජයසිංහ නිරීක්ෂණය කළේ ”බොහෝ උපාධි අපේක්ෂකයින්ට දැනුම තිබුණත් රැකියා වෙළඳපොළට පිවිසීමේදී අවශ්‍ය නිපුණතා සහ හැකියාවන් නෑ. කෙසේ වෙතත් Hacktitude සඳහා සහභාගී වීමෙන් මෙම 600 ට වැඩි සිසුන් ඔවුන්ගේ තාක්ෂණික කුසලතා වැඩි දියුණු කර ගත්තා. එහිදී සැබෑ සේවාදායක ව්‍යාපෘති වලදී මුහුණ දීමට සිදුවන ගැටළු වලට පිළියම් සෙවීමට ඔවුන්ව බලගැන් වූ අතර රැකියා වෙළඳපොළට ඇතුළු වීමට පෙර ඊට ඔවුන්ව හොදින් සූදානම් කිරීමට කටයුතු කළා.”

ඔවුන්ගේ Hacktitude අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් ජයග‍්‍රාහී ‘NamakNa’ කණ්ඩායමේ දලන ධර්මතිලක ප‍්‍රකාශ කළේ ”Hackathon තරගයේ ආකෘතිය අපි හැමෝටම අලූත් අත්දැකීමක් වුණා. එය අභියෝගාත්මක නමුත් ඉතා විනෝදජනක එකක් වුණා. මම හිතන්නේ Hacktitude කියන්නේ උපාධි අපේක්ෂකයින්ට නිෂ්පාදන-ශ්‍රේණියේ කේත (production-grade code) සංවර්ධනය කිරීමේදී ඔවුන්ගේ කුසලතා පරීක්ෂා කිරීමට සහ වැඩිදියුණු කිරීමට ඉඩහසර ලබාදෙන තරඟාවලියක්. අපි ඉදිරි වසරෙත් සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා. මෙවැනි Hackathon එකක් සංවිධානය කිරීම ගැන 99X ආයතනයට ස්තූතියි.”

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව