කොළඹ දෛනික වැටුප් ලබන ජනතාවට සෙලින්කෝ ලයිෆ් වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි

Dry rations distribution

 




 

 

කොවිඞ්-19 වසංගතය පැතිරයාම වැලැක්වීම සඳහා ජුනි මාසයේදී පැනවූ සංචරණ සීමා කාලයේදී ප‍්‍රමාණවත් ආහාර පාන සපයා ගැනීමට අපහසුවූ කොළඹ දිස්ත‍්‍රික්කයේ දෛනික ආදායම් ලබා ගන්නා ජනතාවට සහ ඔවුන්ගේ පවුල් වලට සෙලින්කෝ ලයිෆ් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලදී. මේ අනුව, රුපියල් 1000 ක වටිනාකමින් යුතු වියලි ආහාර මළු 1500 ක ප‍්‍රමාණයක් සමාගමේ කාර්ය මණ්ඩලය විසින් කොළඹ කොම්පඤ්ඤවීදිය සහ ටොරින්ටන් සහ අවට ප‍්‍රදේශවල වාසය කරන ජනතාවට බෙදා දෙන ලදී. මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගමට, ද කොන්සෝටියම් ඔෆ් හියුමෙනිටේරියන් ඒජන්සීස් හි, (CHA) මානුෂීය කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයේ සහ ශ‍්‍රී ලංකා පොලීසියේ සහයෝගය හිමිවිය. මෙහිදී, බෙදාදුන් වියලි ආහාර මළු වලින් අඩකට ආසන්න ප‍්‍රමාණයක පිරිවැය සමාගමේ ස්ථීර සේවකයින් 324 දෙනෙකු විසින් දරා තිබීම කැපී පෙණුනු කාරණයකි.

මේ අතර, කොවිඞ්-19 තුරන් කිරීමේ මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටින රෝහල් තෝරා ගනිමින් ඒවාට අවශ්‍ය ශ්වසනාධාර උපකරණ සමාගම විසින් පසුගිය කාලයේදී රෝහල් කිහිපයක් වෙත පරිත්‍යාග කරන ලදී.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව