කොමර්ෂල් බැංකුව ‘World Class’ ගෝලීය කාර්ය සාධන සම්මානය දිනයි

Global Performance Excellence Award 2022 (LBN Fill)

 



 

 

ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී (Global Performance Excellence Award) කොමර්ෂල් බැංකුව හැදෑරිය යුතු ව්‍යාපාරික ආකෘතියක් ලෙස ඉහළම ඇගයීමට ලක්වී ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නවසීලන්තය පදනම් කරගත් ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ 2022 වසරේ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ‘World Class’ සම්මානය දිනාගත් ජාත්‍යන්තර ආයතන 08 අතර විය.

කොමර්ෂල් බැංකුව වෙත ‘World Class’ සම්මානය ලබාදීමට පදනම් වූයේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ජාතික ගුණාත්මක තත්ත්ව සම්මාන ප‍්‍රදානෝත්සවය (SLNQA) සඳහා Baldrige විශිෂ්ටතා රාමුව පදනම් කරගනිමින් දැක්වූ විශිෂ්ටත්වය පිළිබඳව ඉදිරිපත් කර තිබෙන කරුණුය. ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනයේ තරගය සඳහා එම ඉදිරිපත් කිරීම යෝග්‍ය යැයි ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් නිර්දේශ කර ඇත.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව සිය බැංකු සේවකයින්ට ලබාදුන් පද්ධති ප‍්‍රවේශය කළමනාකරණය කිරීම වෙනුවෙන් APQO ජාත්‍යන්තර යහ ක‍්‍රමවේද (AIBP) රන් සම්මානයද දිනාගන්නා ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ සේවා, කි‍්‍රයාවලි හෝ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය අභියෝගාත්මක සමයක වුවද අඩු නොකළ යුතු යැයි අපගේ විශ්වාසයයි. අපගේ කාර්ය සාධනයට බාහිර සාධක බලපෑම් එල්ල කරන විට ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී World Class අංශයේදී සම්මානයක් දිනාගත් පළමු සහ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වීම තුළින් පිළිඹිබු වන්නේ කොමර්ෂල් බැංකු පවුලේ සෑම මට්ටමකම මෙම විශ්වාසය තිබෙන බවයි.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + eighteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව