දේශීය වගාකරුවන්ට රුපියල් 135,000ක වට්ටමක් සහ තවත් ප‍්‍රතිලාභ රැසක් සමඟ නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් අත්කර ගැනීමට මග සලස්වන ලීසිං ප‍්‍රවර්ධනය කොමර්ෂල් බැංකුව සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (AMW) සමාගම නැවත දියත් කර ඇත.
සමාගම් දෙකේ ජනප‍්‍රිය ‘ඇග්රි ලීස්’ (Agri Lease) ප‍්‍රවර්ධනය මගින් වට්ටම් මිලට අමතරව අඩු මාසික ලීසිං වාරික, නොමිලේ RMV ලියාපදිංචිය, ශ‍්‍රම ගාස්තු රහිත සේවා තුනක් සහ නොමිලේ මෙවලම් කට්ටලයක් ද ලබාදෙන මෙම ප‍්‍රවර්ධනය 2023 අවසානය දක්වා ක‍්‍රියාත්මක වන බව බැංකුව පැවැසීය.
මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ කැපී පෙනෙන අංගයක් වන්නේ, ගොවීන්ගේ ආදායම් රටාවට අනුරූප වන පරිදි සකස් කරන ලද ලීසිං පැකේජයක් හරහා කොමර්ෂල් බැංකුවේ ‘කන්න වාරික’ විකල්පය ක‍්‍රියාත්මක වීමය. එහිදී වාරික ගෙවීම ක‍්‍රියාත්මක වන්නේ අස්වැන්න නෙළනා කාලය තුළදී පමණි.
මෙම ප‍්‍රවර්ධනයේ ප‍්‍රධාන අරමුණ වන්නේ, ගොවි ප‍්‍රජාව නවීන තාක්‍ෂණය සහ උපකරණ වෙත ප‍්‍රවේශවීම සඳහා සවිබලගැන්වීමත්, එමගින් ආදායම් වැඩිදියුණු කිරීම සහ ජාතික ආර්ථික සංවර්ධනයට සහාය වීම බව බැංකුව ප‍්‍රකාශ කරයි. කොමර්ෂල් බැංකුවේ කෘෂිකර්ම හා ක්‍ෂුද්‍ර මූල්‍ය ඒකකයේ නිලධාරීන් සහ AMW සමාගමේ විකුණුම් කණ්ඩායම් නිලධාරීන් විසින් කෘෂිකාර්මික ප‍්‍රදේශවලදී මෙම ප‍්‍රවර්ධන කටයුතු සිදුකරණු ලැබේ.
ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.