කොමර්ෂල් බැංකුව වැඩසටහන් 20කට අධික සංඛ්‍යාවක් සමඟින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

Women's Day 2025 (LBN)

කොමර්ෂල් බැංකුව විසින් කාන්තා දිනය සැමරීම සඳහා පවත්වන ලද වැඩසටහන් මාලාවක කොටසක් ලෙස, ‘අනගි’ කාන්තා ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට මාර්තු මාසය පුරා පුද්ගලික ණය, නිවාස ණය සහ ලීසිං සඳහා වන ලියකියවිලි ගාස්තු වලින් 50% ක් අඩු කර ඇති අතර ණය ලබා දීම් වෙනුවෙන් මනාප පොලී අනුපාත ලබා දෙන බව නිවේදනය කර ඇත.

 



 
මීට අමතරව මාර්තු මාසය තුළ මිල දී ගැනීම් සිදු කිරීමට අනගි ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට 50% ක් දක්වා සුවිශේෂී වට්ටම් ලබා දීම සඳහා බැංකුව වෙළඳ ආයතන 60 කට වැඩි සංඛ්‍යාවක් සමඟ හවුල් වී ඇති බව ද බැංකුව පවසයි.

කාන්තා ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා බැංකුව විසින් සංවිධානය කරනු ලැබූ අනෙකුත් වැඩසටහන් අතරට කලාප 14 ක පැවැත්වූ ‘අනගි’ වෙළඳ ප්‍රදර්ශන සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ඇතුළත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් 500 කට වැඩි පිරිසක් වැඩමුළු සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගී වූ අතර වෙළඳ ප්‍රදර්ශනයේ කුටි 200 ක ඔවුන්ගේ නිෂ්පාදන හා සේවා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි විය. බැංකුවෙහි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගනුදෙනුකරුවන්ගෙන් 50%ක් පමණ කාන්තාවන් වේ.

මෙම වෙළඳ ප්‍රදර්ශන බත්තරමුල්ලේ දියත උයන, මොරටුවේ කේ සෝන් සහ මහනුවර, කුරුණෑගල, චෙන්කලඩි සහ යාපනය බැංකු ශාඛා වල පැවැත්වුණි. මූල්‍ය සාක්ෂරතාවය, ව්‍යාපාර කළමනාකරණය සහ ඩිජිටල් කුසලතා කෙරෙහි අවධානය යොමු කරමින් සංවිධානය වූ ධාරිතා සංවර්ධන වැඩසටහන් කොළඹ, ගම්පහ, මීගමුව, ගාල්ල, කදුරුවෙල, මතුගම සහ මහනුවර යන නගරවල පැවැත්විණි.

බැංකුව ජනප්‍රිය ගුවන් විදුලි මධ්‍යස්ථාන වල සහයෝගය ඇතිව හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය, වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණය සහ බැංකුවේ යාපනය ශාඛාවේදී ජනතාවට තමන්ගේ ජිවිතයේ සුවිශේෂී කාන්තාවන් පිළිබඳව ගුවනින් කතා කිරීමට අවස්ථාව ලබා දුන් අතර ඔවුන්ට තෑගි ප්‍රදානය කරන ලදි.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය වූ මෙම වැඩසටහන් තුලින් බැංකුවේ කාන්තා කාර්ය මණ්ඩලය ද අනාවරණය විය. ඔවුන් වෙනුවෙන්ම සංවිධානය කරන ලද දැනුම බෙදා ගැනීමේ සැසියකදී, 5 Hour International Corporation හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කස්තුරි විල්සන් මහත්මිය; ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ශෂී කණ්ඩම්බි මහත්මිය සහ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිනිය සහ ප්‍රවීණ බැංකුකරුවෙකු වන අරුණි ගුණතිලක මහත්මිය ඇතුළු කර්මාන්තයේ කීර්තිමත් කාන්තා නායිකාවන්ගේ අදහස් ඉදිරිපත් කරන ලදී. අනෙක් පළාත් ශාඛාවල සේවකයින්ට ද සහභාගීත්වය පුළුල් කරමින්, මාර්ගගත ආකාරයෙන් සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන ලදී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව