කොමර්ෂල් බැංකුව, බැංකුකරණ අංශයේ හොඳම වාර්ෂික වාර්තාව සඳහා වන රන් පදක්කම 16 වැනි වතාවටත් දිනා ගනී

Webp.net-resizeimage

 



 

 

කොමර්ෂල් බැංකුව, CA Sri Lanka සම්මාන උළෙලේදී සිය 2020 වාර්ෂික වාර්තාව සඳහා රන් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන හතරක් දිනා ගත්තේය. 2001 වසරේ සිට 16 වැනි වතාවට දිනාගත්, බැංකු ආයතන අතර හොඳම වාර්ෂික වාර්තාව සඳහා පිරිනැමෙන එඞ්මන්ඞ් ජේ. කුරේ අනුස්මරණ කුසලානය සහ ආයතනික පාලන හෙලිදරව් කිරීම සඳහා හිමි කර ගත් රන් සම්මානයත් මෙම සම්මානවලට ඇතුලත්ය.

මූල්‍ය වාර්තාකරණයේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් බැංකුවේ ස්ථාවරත්වය යළි තහවුරු කරමින්, 2020 වාර්ෂික වාර්තාව, ‘වාර්ෂික මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටත්වය’ සඳහා ලෝකඩ සම්මානයක් සමඟින් ද ඇගයීමට ලක් වූ අතර ‘ඒකාබද්ධ වාර්තාකරණය : ප‍්‍රාග්ධන කළමනාකරණය පිළිබඳ හොඳම ප‍්‍රකාශනය’ සඳහා වන ලෝකඩ සම්මානය ද බැංකුවට හිමි විය. සමස්තයක් වශයෙන් 2001 වසරේ සිට මූල්‍ය වාර්තාකරණය සඳහා  හොඳම සමාගම් තුන අතරට කොමර්ෂල් බැංකුව පත්ව ඇත.

මෙම නවතම ඇගයීම් පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී එස් රෙන්ගනාදන් මහතා මෙසේ පැවසීය “වාර්ෂික වාර්තාව ආයතනික සන්නිවේදන අවි ගබඩාවේ ඇති වැදගත්ම මෙවලමයි. සමාජය සහ පරිසරය ඇතුළු පාර්ශවකරුවන්ගේ වැඩිවන ඉල්ලීම් සහ අපේක්ෂාවන් සමඟින්, පෙර නොවූ විරූ මෙහෙයුම් පරිසරය විසින් ගෙන එන පීඩනයන් වාර්ෂික වාර්තාවේ වැදගත්කම නිරතුරුව වැඩි කරයි. මෙම තත්ත්වයන් තුළ, ව්‍යාපාර ආකෘතියේ ශක්තිමත් බව පෙන්නුම් කරන ප‍්‍රකාශන සමඟ, අනාගතය පිළිබඳ මගපෙන්වීම සහ සියලූම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවලට අනුව කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීනව අගයන් නිර්මාණය කිරීමට ඇති හැකියාව අත්‍යවශ්‍ය සාධක වේ. එමනිසා, බැංකුකරණ අංශයේ හොඳම වාර්ෂික වාර්තාව ලෙස 16 වැනි වරටත් ඇගැයීම් ලැබීම ගැන අපි සතුටු වෙමු.”

කොමර්ෂල් බැංකුවේ සම්මානිත 2020 වාර්ෂික වාර්තාව කාබන් නිශ්ක‍්‍රිය ලේඛනයක් වන අතර ඩිජිටල් භාවිතය ප‍්‍රවර්ධනය කිරීම සඳහා මෙම වාර්තාව බැංකුවේ වෙබ් අඩවියේ ද පළ කර තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම 100% පරිසරයට කාබන් මුදාහැරීම තුලනය කළ බැංකුව වන කොමර්ෂල් බැංකුව එම තත්ත්වය ලබා ගත්තේ මේ වසර මුලදී ය.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව