කොමර්ෂල් බැංකුව දරුවන් වෙනුවෙන් තුන්වන වරටත් ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර තරගය පවත්වයි

Print

 



 

 

කොමර්ෂල් බැංකුවේ ඉතාමත් ජනප‍්‍රිය ‘අරුණළු සිත්තම්’ චිත‍්‍ර තරගය තුන්වන වසර සඳහාත් පවත්වන බව නිවේදනය කරමින් දිවයින පුරා සිටින දරුවන්ට තමන්ගේ නිර්මාණශීලී දක්ෂතා භාවිතා කරමින් මෙම චිත‍්‍ර තරගයේදී සිය අදහස් දක්වන ලෙස බැංකුව ආරාධනය කර ඇත.

අවුරුදු 04 ත් 16 ත් අතර දරුවන්ට විවෘත මෙම චිත‍්‍ර තරගය බැංකුවේ ජනප‍්‍රිය ළමා ගිණුම වන ‘අරුණළු’ සන්නාමය යටතේ පවත්වන බව බැංකුව සඳහන් කරයි. මෙම චිත‍්‍ර තරගයෙන් ජයගන්නා දරුවන්ට මුදල් ත්‍යාග 137 ක් ලබාදෙන අතර එම ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 02 ක් වේ. මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ මෙම තරගයට සහභාගීවන තවත් දරුවන් 250 දෙනෙකු සඳහා කුසලතා සහතික පත් ප‍්‍රදානය කරන බවයි. පසුගිය වසරේදී මෙම චිත‍්‍ර තරගය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ අතර එහි සාර්ථකත්වය නිසා 2022 තරගයද අන්තර්ජාලය ඔස්සේම පවත්වන බව බැංකුව පවසයි.

මෙම තරගයේදී දරුවන්ට අංශ 05 ක් යටතේ තම චිත‍්‍ර ඉදිරිපත් කළ හැකිවේ. පෙර පාසැල් (අවුරුදු 4-5), ප‍්‍රාථමික (6-7), පසු ප‍්‍රාථමික (8-10), කණිෂ්ඨ (11-13) සහ ජ්‍යෙෂ්ඨ (15-16) යන කාණ්ඩ මෙම අංශ වලට ඇතුළත් වේ. මෙහිදී, කුඩා දරුවන් තෝරා ගන්නා කැමති මාතෘකාවක් යටතේ චිත‍්‍ර ඉදිරිපත් කළ හැකි අතර A3 ප‍්‍රමාණයේ කොලයක මෙම චිත‍්‍රය නිර්මාණය කළ යුතුවේ. බැංකුව සඳහන් කරන්නේ කණිෂ්ඨ අංශයේ තරුගකරුවන් ‘යහපත් දරුවෙකු දකින්නට නම්’ සහ ජ්‍යෙෂ්ඨ අංශවල තරගකරුවන් ‘මනුෂ්‍යත්වය’ යන මාතෘකා යටතේ අඟල් 14×18 ප‍්‍රමාණයේ කොලයක තම චිත‍්‍රය ඇඳ තරගය සඳහා ඉදිරිපත් කළ යුතු බවයි.

මෙම තරගයේදී අයදුම්කරුවන් විසින් සැප්තැම්බර් 01 වනදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා  ඕනෑම දිනයක www.arunalusiththam.lk වෙබ් අඩවියට පිවිස තම චිත‍්‍රයේ ස්කෑන් පිටපතක් අදාළ තොරතුරු සමග අප්ලෝඞ් කරමින් තරගය සඳහා ඇතුළත් විය හැකි බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී, පෙර පාසැල් අංශය යටතේ වඩාත්ම නිර්මාණශීලී චිත‍්‍ර 25 ඉදිරිපත් කරන තරගකරුවන්ට රුපියල් 10,000 ක ත්‍යාගයක් සහ සහතික පත‍්‍රයක් බැංකුව විසින් ලබාදෙයි. මීට අමතරව, මෙම අංශය යටතේ තවත් දරුවන් 50 දෙනෙකු වෙත කුසලතා සහතික ලබාදෙනු ඇත.

එසේම, අනිකුත් අංශ වල පළමු ස්ථානය දිනාගන්නා තරගකරුවන්ට රුපියල් 100,000 ක් බැගින් ලබාදෙන අතර දෙවන ස්ථානය සඳහා රුපියල් 75,000 ක්ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 50,000 ක්ද සහතික පත‍්‍රද ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, පසු ප‍්‍රාථමික, ප‍්‍රාථමික, කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ යන අංශ වලදී සෑම අංශයකම දරුවන් 25 දෙනෙකු සඳහා ඔවුන් කුසලතාවය අගය කරමින් රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක් ලබාදෙන අතර මෙම සිසුන් 100 දෙනා සඳහා සහතික පත‍්‍රද ප‍්‍රදානය කරයි. මෙම අංශවලින් එක් අංශයකින් තවත් දරුවන් 50 දෙනෙකුට කුසලතා සහතික පත‍්‍රද ප‍්‍රදානය කරනු ඇත. කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ සියළුම ත්‍යාග මුදල් ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුම් වලට බැර කරන බවයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව