කොමර්ෂල් බැංකුව තවත් සිසු දරුවන් 7600 කට සෙත සලසමින් තවත් තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 4 ක් පරිත්‍යාග කරයි

IT lab donations 2022 (LBN Fill)

 



 

 

 

කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන ප‍්‍රමුඛතම ප‍්‍රජා ව්‍යාපෘතියක් වන පාසැල් වලට තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදීමේ වැඩසටහන යටතේ තවත් පාසැල් 4 ක් සඳහා අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර ලබාදී තිබෙන අතර ඒ තුළින් ප‍්‍රායෝගිකව තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයන් ඉගෙන ගනිමින් තවත් සිසු දරුවන් 7,600 කට පමණ ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් මේ දක්වා මෙම වැඩසටහන මගින් දිවයිනේ පාසැල් 243 ක් සඳහා තොරතුරු තාක්ෂණික විද්‍යාගාර පරිත්‍යාග කර ඇත.

තිඹිරිගස්කටුවේ මුදළිඳු ඬේවිඞ් මෙන්ඩිස් මහා විද්‍යාලය, මීගමුවේ බෝලවලාන නිමල මරියා මහා විද්‍යාලය, මීගමුවේ හරිස්චන්ද්‍ර විද්‍යාලය සහ ගම්පොළ දේවි බාලිකා විද්‍යාලය යන පාසැල් සඳහා මෙවර කොමර්ෂල් බැංකුව විසින් මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර පරිත්‍යාග කර තිබේ. මෙම පාසැල්වල තොරතුරු සන්නිවේදන තාක්ෂණික විෂය අනිවාර්ය විෂයක් ලෙස උගන්වන අතර බැංකුව විසින් මෙම වැඩසටහන ආරම්භ කර තිබෙන්නේ ජාතික පරිගණක සාක්ෂරතාවය සහ සිසුන්ගේ ඩිජිටල් ඉගෙනුම් අපේක්ෂාවන් නැංවීම සඳහායි.

මෙම විද්‍යාලවල තිබූ පරිගණක විද්‍යාගාර නවීකරණය කරමින් පුළුල් කිරීම සඳහාත්, පරිගණක, පුටු, මේස, පි‍්‍රන්ටර්, ප‍්‍රින්ටර් මේස සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් ලබාදීම සඳහා බැංකුව විසින් මෙහිදී මුදල් ආයෝජනය කර ඇත.

මුදළිඳු ඬේවිඞ් මෙන්ඩිස් මහා විද්‍යාලයේ සිසු දරුවන් 2,100 ක්, බෝලවලාන නිමල මරියා මහා විද්‍යාලයේ සිසු දරුවන් 1,200 ක්, හරිස්චන්ද්‍ර විද්‍යාලයේ සිසු දරුවන් 4000 ක්, ගම්පොළ දේවි බාලිකා විද්‍යාලයේ සිසු දරුවන් 300 ක් තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට ලියාපදිංචි වී තිබේ. මෙම පාසැල්වල 01 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර 06 වන ශ්‍රේණියේ සිට අනිවාර්ය විෂයක් ලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වයි. බැංකුව විසින් මෙම විද්‍යාගාර පරිත්‍යාග කිරීමට පෙර මෙම සිසු දරුවන්ට මෙම විෂය ඉගෙනීම සඳහා ප‍්‍රමාණවත් පහසුකම් නොතිබුණි.

සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ සාමාජිකයින් මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර විවෘත කිරීමට සහභාගී වූ ආකාරය සහ පළමු වරට මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර සිසු දරුවන් භාවිතා කරන ආකාරයයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + 18 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව