කොමර්ෂල් බැංකුව අඛණ්ඩව 14 වන වසරටත් BT Top 40හි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත්වෙයි

BT Top 40 2021-22 post event (LBN)

 



 

 

අපේ‍්‍රල් 20 දින පැවති බිස්නස් ටුඬේ සඟරාවේ BT Top 40 සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකු ක්ෂේත‍්‍රයේ නායකත්වය සනාථ කරමින් කොමර්ෂල් බැංකුව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සුරතින් මෙම සම්මානය ලැබීය. මේ සමගින් අඛණ්ඩව 14 වන වසරටත් කොමර්ෂල් බැංකුව බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙසත් ඉහළම කාර්යසාධනයක් දැක්වූ ශී‍්‍ර ලංකාවේ සමාගම් පහෙන් එකක් ලෙසත් තේරී පත්ව ඇත. රටේ පැවති අසීරු ආර්ථික තතත්වයන් මධ්‍යයේ වුවද ධනාත්මක මූල්‍ය වර්ධනයක් වාර්තා කරමින් ඉහළ කාර්යසාධනයක් පෙන් වූ සමාගම් වල 2021-2022 ප‍්‍රතිඵල මත පදනම්ව ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇත. ශ්‍රේණිගත කරන ලද සමාගම් වල විවිධාංගීකරණය වූ කි‍්‍රයාකාරකම් ඇගයීමෙන් අභියෝග වලට මුහුණ දීමේ හැකියාව, උනන්දුව සහ කැපවීම තුළින් සමාගම් ඉපයූ ලාභ සහ කළමණාකරණය කළ අවදානම් පිළිබඳ පුළුල් චිත‍්‍රයක් ලැබෙන බව බිස්නස් ටුඬේ පවසයි. සේයාරුවෙන් දැක්වෙන්නේ කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා  සහ බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා (පිළිවෙලින් වමේ සහ මැද) ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් සම්මානය ලබා ගන්නා අයුරුයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව