කොකා-කෝලා සහ කොත්තු 2024 Coke Beat සාදය රසින් පිනවයි

Image 04 (LBN)

Coca-Cola ශ‍්‍රී ලංකා විසින් සංවිධානය කළ 2024 වසරේ පළමු Coke Kottu Beat සාදය පසුගියදා සාර්ථකව අවසන් විය. 35,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණු එම සාදයේදී පැමිණි සියලූ දෙනා හට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට කොකා කෝලා කටයුතු කරනු ලැබුවේ කොකා කෝලා සමඟින් බොහෝ දෙනා ප‍්‍රිය කරන රසවත් දේශීය ආහාරයක් වන කොත්තු සහ ෆ‍්‍රයිඞ් රයිස්, ආප්ප, බර්ගර්, බාබකියු වැනි කෑම වර්ග සමඟින් පරිපූර්ණ රසයක් භුක්ති විඳීමේ අවස්ථාව සළසා දෙමිනි.

වස්ති, සෙන්ටිගේ‍්‍රඞ්ස්, හනා ෂෆා සහ අශාන්‍යා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප‍්‍රිය ගායන තරු මෙන්ම ජනප‍්‍රිය යකා කණ්ඩායමේ (Yaka Crew) අංගයන්ගෙන් විචිත‍්‍රවත් වූ සංගීතය රස විඳින අතරතුර සුප‍්‍රසිද්ධ ‘’Coke Kottu Battle’’ දැක බලා ගැනීමේ අවස්ථාවද නරඹන්නන් හට උදා විය. උත්සව පරිශ‍්‍රයේ පිහිටුවා තිබූ කොත්තු අලෙවිසැල් රැසක් ඒ සඳහා තරඟ වැදුණි. ගෞරවණීය විනිශ්චය මණ්ඩලය විසින් එම සෑම අලෙවිසැලකින්ම කොත්තු සාම්පල ලබා ගනිමින් ඉතා සුපරීක්ෂාකාරීව ඇගයීමට ලක්කර හොඳම කොත්තු සාම්පල තෝරා ගත් අතර ජයග‍්‍රාහී කොත්තුව වෙනුවෙන් රු. 40,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද කටයුතු කරනු ලැබීය.

 


 

සංගීත රසාස්වාදය හා ආහාරපාන රස විඳින අතරතුර පරිසරය සුරැකීම වෙනුවෙන් වන සිය කැපවීම ප‍්‍රදර්ශනය කිරීමේ අවස්ථාව 2024 වසරේ පළමු Coke Kottu Beat සාදයේ ‘නැවත ජීවයක් දෙමු’ (Give Back Life) ප‍්‍රදර්ශන කුටිය තුළින් සපුරා ගැනීමට ද කොකා-කෝලා ශ‍්‍රී ලංකා කටයුතු කරනු ලැබීය. ‘Give Back Life’ ප‍්‍රදර්ශන කුටිය PET ප්ලාස්ටික් එකතු කිරීමේ හා ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව Coke Kottu Beat සාදයට පැමිණෙන්නන්ව දැනුවත් කරන ප‍්‍රධාන අංගයක් වූ අතර ඒ හරහා විවිධ ප්ලාස්ටික් වර්ග පිළිබඳව දැනුවත් කිරීම, PET ප්ලාස්ටික් හඳුනාගන්නා ක‍්‍රම හා PET ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කළ හැකි බුරුසු, කොසු, නූල්, කමිස ඇතුළු බොහෝ නිෂ්පාදන පිළිබඳව ද පැමිණ සිටි පිරිස දැනුවත් කිරීම විශේෂත්වයකි. මෙම Coke Kottu Beat සාදයේ ධනාත්මක බව හා පරිසරය සුරැකීම වෙනුවෙන් වූ ක‍්‍රියාකාරී දායකත්වය තුළින් ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාවන් අතර පරිසර හිතකාමී භාවිතයන් සම්බන්ධයෙන් ඉහළ යමින් පවතින අවබෝධය හා සහයෝගය මනාව ප‍්‍රදර්ශනය වීමද එහි තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

2023 වසරේදී මෙරට ආහාර සංස්කෘතිය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් ‘ශ‍්‍රී ලංකාවේ ජාතික ආහාරය’ ලෙස කොත්තුවල වැදගත්කම හඳුනාගත් කොකා-කෝලා පර්යේෂණයන් මඟින් කොත්තු හා සිය ජනප‍්‍රිය සන්නාමයන් අතර මනා සුසංයෝගයන් නිර්මාණය කිරීමට කටයුතු කළ අතර එය ජනතාව අතරට ගෙන ගිය අවස්ථාවක් ලෙස Coke Kottu Beat සාදය නම් කළ හැකිය. සංගීතය කෙරෙහි ඇති කැමැත්ත හා කොත්තු පිළිබඳව ඇති ආශාව එකම තැනකදී රස විඳීමේ සුවිශේෂී අවස්ථාවක් වූ මෙය වීදි ආහාර අත්දැකීම් ඉහළ නැංවීම හා ලොව පුරා ඇති සංගීත සංස්කෘතීන් සැමරීම අරමුණු කොටගත් කොකා කෝලාහි ගෝලීය ‘ඉවුම් පිහුම්’ (Is cooking) ව්‍යාපාරයේ තවත් පියවරක් මෙරට පේ‍්‍රක්ෂකයින් අතරට ගෙන ආ අවස්ථාවක්ද විය. ශ‍්‍රී ලාංකිකයින් සියලූ දෙනාට එක්ව සංගීතය සහ ආහාර රස විඳීමේ අවස්ථාව ලබා දෙමින් පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදේශ 7කදී පවත්වනු ලැබූ මෙම වැඩසටහන් මාලාව 158,000කට අධික ශ‍්‍රී ලාංකේය පේ‍්‍රක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් වර්ණවත් වූයේ ශ‍්‍රී ලාංකේය සබඳතාවන්ද තව දුරටත් ශක්තිමත් කරමිනි.

ශ‍්‍රී ලාංකිකයින් සැමට මෙම අසමසම රසය විඳ ගැනීමේ සුවිසල් අවස්ථාව හිමි කර දෙමින් Coke Kottu Beat සාදය 2024 වසරේදීද රට පුරා පේ‍්‍රක්ෂකයන් වෙත ගෙන යාමට කොකා කෝලා අරමුණු කර ගෙන සිටී.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව