කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව ව්‍යාපාර සැලසුම් පුහුණු වැඩමුළුවක් සංවිධානය කරයි

Acted Workshop Img 2 (LBN)

කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව සංවිධානය කරන ලද දින 3ක සුවිශේෂී ව්‍යාපාර සැලසුම් පුහුණු මඟින් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සම්පත් එකතු කරන්නන් 32 කට පමණ ප්‍රතිලාභ සලසා දෙන ලදී. කර්මාන්ත සේවා කාර්යාංශය විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවේ උපදේශකයින් ලෙස ප්‍රධාන පුහුණුකාර අශෝක හේරත්න මහතා සමඟ සහකාර පුහුණුකරු මහින්ද වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙහිදී වැඩමුළුව සඳහා සහභාගී වූ සියලු දෙනාට අනාගත දියුණුව වෙනුවෙන් තමන්ට ගැලපෙන ව්‍යාපාර සැලසුම් පිළිබඳව දැනගැනීමට මෙන්ම සේවකයින්, විවිධත්වය සහ වර්ධනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව උදා විය. එසේම මෙම වැඩමුළුවේදී විශේෂයෙන් ප්ලාස්ටික් එකතු කිරීම ඉහළ නැංවීම, ඉලක්කයන් සපුරා ගැනීම සහ ව්‍යාපාර නගා සිටුවීමේ උපාය මාර්ගයන් තුළින් ණය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සරල බවට පත් කිරීම පිළිබඳච අවධානය යොමු කිරීමද විශේෂත්වයකි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව