කුබෝටා, ඇග්‍රොටෙක් සහ ෆාම්ට‍්‍රැක් රථ සඳහා ලීසිං දීමනා ලබා දීමට HNB, හේලීස් ඇග‍්‍රි සමඟ එක් වෙයි

Image-01-(36)

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කුබෝටා, ඇග්‍රොටෙක් සහ ෆාම්ට‍්‍රැක් වර්ගයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට පහසු ලීසිං විසඳුම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් (Hayleys Agriculture Holdings Ltd) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත.

ට‍්‍රැක්ටර් රථ, ගොයම් සිටුවන යන්ත‍්‍ර සහ ගොයම් කපන යන්ත‍්‍ර සඳහා HNB ගනුදෙනුකාරභවතුන්ට විශේෂ වට්ටම් ලබා දෙන මෙම හවුල්කාරීත්වයට ඞීන්ස් පාරේ පිහිටි හේලීස් ඇග‍්‍රිකල්චර් කාර්යාලයේදී පැවති උත්සවයකදී අත්සන් තබන ලද අතර HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ, ජයන්ති ධර්මසේන මහත්මිය ගෞරවනීය අමුත්තන් ලෙස මෙම උත්සවයට සහභාගී වූහ.

’‘අපගේ විශ්වාසදායී ගනුදෙනුකාර පදනමට අසමසම වට්ටම් කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා විවිධාකාරයේ සුවිශේෂ ප‍්‍රතිලාභ ලබා දීමට හේලීස් ඇග‍්‍රිකල්චර් සමඟ එක් වීමට ලැබීම ගැන අප සතුටු වනවා. අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලීම සඳහා ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි නම්‍යශීලී හා නව්‍ය ලීසීං විසඳුම්, මේ ආකාරයේ හවුල්කාරීත්වයන් තුළින්, අපට ලබා දිය හැකි වනවා සේම ඔවුන්ගේ ව්‍යාපාර පුළුල් කිරීමට ද අවස්ථාව ලබා දෙනවා,’’ යනුවෙන් HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා පැවසුවේය.

එක් එක් ගනුදෙනුකරුවන්ගේ ආදායමට හා වියදමට සරිලන පරිදි සකස් කළ ආකර්ෂණීය ලීසිං පැකේජ ඇතුළුව අඩු පොළී අනුපාත, ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි ලීසීං පහසුකම් ආදී ප‍්‍රතිලාභ රුසක් මෙම හවුල්කාරීත්වය මගින් HNB ගනුදෙනුකාරභවතුන්ට ලබා දෙනු ඇති අතර අද්විතීය වගකීම් කාල සීමාවන් සමඟ විවිධ පරාසයේ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා හේලීස් ඇග‍්‍රිකල්චර් විසින් ද විශේෂ වට්ටම් ලබා දෙනු ඇත.

එමෙන්ම, නව ලීසිං ගනුදෙනුකාරභවතුන්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

‘‘කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියැලෙන අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ හැකියාවන් ඉහළ නැංවීමට අප කටයුතු කරනවා, ඒ වගේම, මෙවැනි හවුල්කාරීත්වයන් තුළින් ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට අවශ්‍ය ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහ දැරිය හැකි ලීසිං පහසුකම් සමඟ අපට ඔවුන්ට වඩා හොඳින් සේවය කිරීමට අවස්ථාව ලබා දෙනු ඇතැයි ද අප විශ්වාස කරනවා,’’ යනුවෙන් හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ, ජයන්ති ධර්මසේන මහත්මිය පැවසුවාය.

මෙම ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර දිවයින පුරා පිහිටි HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් හෝ හේලීස් ඇග‍්‍රිකල්චර් ප‍්‍රදර්ශනාගාරවලින් හෝ 011-2660330 HNB ඇමතීමෙන් හෝ 0772893387 හේලීස් ඇග‍්‍රිකල්චර් ඇමතීමෙන් ලබා ගත හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව