‘කුබෝටාකරණ’ සංකල්පයේ නවතම අදියර ලෙසින් හේලීස් ඇග්‍රිකල්ච වෙතින් මෙරට ගොවිබිම් සඳහා නවතම යන්ත්‍ර ත්‍රිත්වයක්

Image (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් (Hayleys Agriculture Holdings Limited),  දේශීය ගොවි ජනතාවගේ ඵලදායිතාව සහ පහසුව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන කෘෂි උපකරණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. කුරුණෑගල, දම්බොක්ක පිහිටි අස්ලිය ගෝල්ඩන් කැස්න්ඩ්‍රාහිදී පසුගිය නොවැම්බර් 14 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම හඳුන්වාදීමේ උත්සවය, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
 



 
හේලීස් ඇග්‍රිකල්ච ගොවිබිම් ‘කුබෝටාකරණය’ කිරීමේ සංකල්පයේ නවතම අදියර සනිටුහන් කරමින් හඳුන්වාදුන් මෙම නවතම නිෂ්පාදන අතර, අශ්වබල 50ක ධාරිතාවයෙන් යුත් E-Kubota 2WD ට්‍රැක්ටරය සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී. මෙම නවීන ට්‍රැක්ටරය, Manual Steering සහ Power Steering යන මාදිලි ද්විත්වයකින් සමන්විත වන අතර, ශ්‍රී ලාංකීය ගොවි මහතුන්ට පහසු මිලකට මිලදී ගැනීමේ හැකියාව පවතී.

Agrotech AT110Pro අස්වනු නෙළන යන්ත්‍රය ද මෙහිදී හඳුන්වා දෙනු ලැබූ තවත් සුවිශේෂී නිෂ්පාදනයකි. නවීන තාක්ෂණයෙන් සහ විශේෂාංගවලින් සමන්විත මෙම අස්වනු නෙළන යන්ත්‍රය, දිගු කල් පැවැත්ම, වේගවත් අස්වනු නෙලීමේ හැකියාව සහ සෙන්ටර් රෝල් 6කින් යුත් ට්‍රැක් බෙල්ට් පද්ධතියක් වැනි උසස් පහසුකම්වලින් සමන්විත වේ. මීට අමතරව, අතිශය ප්‍රථම වතාවට ශ්‍රී ලාංකීය ගොවිබිම්වලට Agrotech Belt නමින් බෙල්ට් ට්‍රැක්ටරයක් ද හඳුන්වා දීමට හේලීස් ඇග්‍රිකල්ච කටයුතු කළේය. රොටරියකින් සමන්විත ට්‍රැක්බෙල්ට් මඟින් ධාවනය වන මෙම ට්‍රැක්ටරය, ගොවීන්ට ඉතා පහසුවෙන් හැසිරවීමට හැකිවන පරිදි සුවපහසු අයුරින් නිර්මාණය කර ඇති අතර, එයද ඉතා පහසු මිලකට වෙළඳපොළට නිකුත් කර ඇත.

මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා මූල්‍ය ආයතන සහකරුවන්, යන්ත්‍රෝපකරණ සැපයුම් ප්‍රධානීන්, වෙළඳ නියෝජිතයින්, ගනුදෙනුකරුවන් සහ හේලීස් ඇග්‍රිකල්ච කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩලය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. මෙම උත්සවයේ කැපීපෙනෙන අවස්ථාව වූයේ සහභාගී වූ ගොවි මහතුන් විසින් ට්‍රැක්ටර් සහ අස්වනු නෙළන යන්ත්‍ර එම අවස්ථාවේදීම මිලදී ගැනීමයි. මෙලෙස  නව යන්ත්‍ර මිලදී ගත් ගොවි මහතුන් හට, තායිලන්තයේ හෝ ඉන්දියාවේ සංචාරයකට අවස්ථාවක් සමඟින් ඔවුන් මිලදී ගත් යන්ත්‍රවල යතුරු භාර දීම ද එහිදී සිදුකෙරිණි.

මෙම නව හඳුන්වාදීම් පිළිබඳව අදහස් දක්වමින්, හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් හි කෘෂි උපකරණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී සහ ඇග්‍රෝ ටෙක්නිකා ලිමිටඩ් හි අධ්‍යක්ෂ, සුමිත් හේරත් මහතා මෙසේ පැවසීය.“ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ අපගේ පුළුල් උපාය මාර්ගයේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම නව නිෂ්පාදන එළිදැක්වීම අපට විශාල සතුටක්. “කුබෝටාකරණය” යන අපගේ සංකල්පය තුළින් අප බලාපොරොත්තු වන්නේ, ජාත්‍යන්තර ප්‍රමිතියේ උසස් තාක්ෂණික මෙවලම් දේශීය ගොවි ප්‍රජාවට පහසු මිලට ලබා දීමයි. මෙම නව ට්‍රැක්ටර් සහ අස්වනු නෙළන යන්ත්‍ර, ශ්‍රම හිඟයට විසඳුම් ලබා දෙමින්, කාලය ඉතිරි කරමින් සහ අස්වැන්න වැඩි දියුණු කරමින් ගොවීන්ගේ ලාභය ඉහළ නැංවීමට සෘජුවම දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම, මෙම උත්සවයේදීම ගොවි මහතුන් මෙම යන්ත්‍ර ක්ෂණිකව මිලදී ගැනීම, අපගේ නිෂ්පාදන කෙරෙහි ඔවුන් තබා ඇති විශ්වාසය සහ ඒවායේ කාලීන අවශ්‍යතාව මැනවින් පිළිඹිබු කරනවා.”

වසර ගණනාවක් පුරා නවීන කෘෂි තාක්ෂණයන් සහ යන්ත්‍රෝපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙමින්, දේශීය කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට හේලීස් ඇග්‍රිකල්ච සමාගම ගන්නා මෙම අඛණ්ඩ උත්සාහය, මෙරට කෘෂි ක්ෂේත්‍රයේ අනාගතය සඳහා සවිමත් අඩිතාලමක් නිර්මාණය කරයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව