කිලිනොච්චිය සහ පුදුකුඩිඉරිප්පු නගරවලදී මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්  74 සහ 75 ශාඛාවන් විවෘත කරයි

Mercantile Investments (1)

දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම  විසින් පසුගියදා සිය නවතම 74 සහ 75 වැනි ශාඛාවන් ද්විත්වය උතුරු පළාතේදී විවෘත කරන ලදී. මේ ඔස්සේ  පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පාරිභෝගික ජනතාව මුල් කරගත් මූල්‍ය සේවාවන් දියත් කිරීම සඳහා ඔවුන් දක්වන කැපවීම තවදුරටත්  තහවුරු වේ.
 



 
ඒ අනුව  කිලිනොච්චිය නගරයේ A9 මාර්ගයේ අංක 151 දරන ස්ථානයේදී මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි 74 වැනි ශාඛාව සහ පුතුකුඩියිරිප්පු නගරයේ පරන්ත පාරේ අංක 1 දරන ස්ථානයේදී ඔවුන්ගේ 75 වැනි ශාඛාව  විවෘත විය. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩට්ජි මහතා,ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය නියෝජනය කරන සාමාජිකයන් රැසක් මෙන්ම  ප්‍රාදේශීය ආරාධිත  අමුත්තන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම උත්සව අවස්ථාවන් සඳහා  සහභාගී වූහ.

මෙරට අවම පහසුකම් සහිත ප්‍රදේශයන් තුළ සිය ශාඛා ජාලය කඩිනමින් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සතු දැක්ම පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස මෙම දියත් කිරීම හැඳින්විය හැකිය. සියලුම සංස්කෘතික ,ආගමික මෙන්ම විවිධ සමාජ පසුබිම් නියෝජනය කරන ප්‍රජාවන් සඳහා සේවා සැපයීම කෙරෙහි මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වැඩි අවධානයක් යොමු කර තිබේ. ඒ ඒ පාරිභෝගික ජනතාවට ගැළපෙන පරිදි සිය සේවාව සැපයීම ඔස්සේ ඔවුන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි අවසාන අරමුණ වේ.

ලීසිං,රන් ණය ස්ථාවර තැන්පතු සහ ළමා ඉතුරුම් ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් මෙම නව ශාඛා ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත පිරිනමනු ලැබේ. මෙලෙස විවිධ පාරිභෝගික කාණ්ඩයන් වෙත සේවා සැලසීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාපාර සහ පුද්ගලයන් අතර තිරසාර සංවර්ධනයක් ඇති කිරීම මෙම සමාගමේ පරමාර්ථයයි.

එමෙන්ම සාර්ථක නව්‍ය සේවාවන් පිළිබඳ පුළුල් වාර්තාවක් සමඟ වඩාත් විශ්වසනීය , පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් අඛණ්ඩව  පිරිනැමීමට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම අපේක්ෂා කරයි.  ප්‍රජාව පරිවර්තනය කරමින් ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා කදිම ක්‍රමවේදයක් ලෙස සමාගම මූල්‍ය සේවා ප්‍රවේශය පිළිබඳ දරන විශ්වාසය මෙමඟින් ප්‍රදර්ශනය වේ.

දිවයින පුරාම තම සේවා ජාලය සවිමත් කරමින් සිය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට  මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම බලාපොරොත්තු වන අතර සිය සන්නාමයේ මූලික පදනම  වන අසමසම සබැඳියාව පහසුව සහ විශේෂඥතාව අත්විඳීමට ඔවුන් සිය පාරිභෝගික ජනතාව දිරිමත් කරනු ලැබේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව