කැළණිවැලි වැවිලි සමාගම 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී රනින් බැබළෙයි

Image 01 (LBN)

 


 

 

හේලීස් වැවිලි සමාගමෙහි සාමාජිකයෙකු වන කැළණිවැලි වැවිලි සමාගම (KVPL), 2023 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමාජ වගකීම් සහ පාරිසරික දැනුවත්භාවය සඳහා වන රන් සම්මානය දිනා ගනියි.

KVPL හි මානව සම්පත් සහ ආයතනික තිරසාරභාවය පිළිබඳ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගමගේ මහතා සමාගම තුළ ධනාත්මක සහ තිරසාර වෙනස්කම් සිදුකිරීමේ කාර්ය භාරය වෙනුවෙන් මෙම සම්මාන උළෙලේදී උපහාරයට පාත‍්‍ර විය. එහිදී එතුමාට ”සංවිධාන දැනුම කළමනාකරණය ව්‍යාපාර විශිෂ්ටත්වයට වෙනස් කිරීමේ උත්පේ‍්‍රරක” ^Catalyst for Change in Organisational Knowledge Management into Business Excellence& සම්මානය හිමි විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල නමින් හැඳින්වෙන මෙම උත්සවය සිංගප්පූරුවේ පෑන් පැසිෆික් හෝටලයේදී පැවැත්වුණු අතර, ඔවුන් සමාජයට දක්වන අගනා දායකත්වය හඳුනා ගනිමින් සේවයේ විශිෂ්ටත්වය තහවුරු කරන, පාරිභෝගිකයින්ට ප‍්‍රමුඛත්වය දෙන, පරිත්‍යාගශීලී අරමුණු සඳහා සහයෝගය දක්වන, සදාචාරාත්මක හැසිරීම් විදහා දක්වන සහ පාරිසරික තිරසාරත්වය ප‍්‍රවර්ධනය කරන සංවිධාන ඇගයීමට ලක්කරනු ලබයි.

හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ විශිෂ්ටත්වය සහ පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම සඳහා ඔවුන්ගේ කැපවීම තිරසාර ප‍්‍රයත්නයන් වැඩිදියුණු කිරීමට ඔවුන්ව මෙහෙයවන බවයි. ඔවුන්ගේ ක‍්‍රියාකාරකම්වල සෑම අංශයක් හරහාම පරිසරික ආරක්ෂාව තහවුරු කරන අතර එය තිරසාර අනාගතයක් උදෙසා ඉතා වැදගත් බව ඔවුහු විශ්වාස කරති.

තේ වැවිලි කර්මාන්තය තුළ වගා ක්ෂේත‍්‍රවල සිට කර්මාන්තශාලාව දක්වා තිරසාර අනාගතයක් නිර්මාණය කිරීමට හේලීස් වැවිලි සමාගම කැපවී සිටී. එමෙන්ම හේලීස් වැවිලි සමාගම මෙම අංශයේ සැලකිය යුතු වෙනසක් වෙනුවෙන් 2023 ජූලි මාසයේ පැවැත් වූ ජාත්‍යන්තර වැවිලි තිරසාර සමුළුව වැනි සුවිශේෂී මුලපිරීම් දියත් කරයි.

KVPL මෙම ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමට මූලික සාධකයක් වූයේ එහි වාර්ෂික වාර්තාව සහ එය ඉදිරිපත් කරන ආකාරය තුළින් ඔවුන් තිරසාරභාවය සහතික කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබෙන බව කැපී පෙනීමයි.

KVPL හි අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් මහතා අවධාරණය කළේ තම සමාගම සමාජ වගකීම් සහිත උපාය මාර්ග සඳහා කැපවී තිබීම නිසා ජෛව විවිධත්ව තක්සේරුව, ජල හා බලශක්ති කළමනාකරණය, තිරසාර වන වගාව සහ කාබන් විමෝචනය මැනීම ඇතුළු විවිධ මුල පිරීම්වලට මග පෑදු බවයි. ඔවුන්ගේ සමාජ සහ පාරිසරික බැඳීම් තක්සේරුකරණයේදී දේශීය හා ගෝලීය ප‍්‍රමිතීන් සැකසීම ඔවුන්ගේ අරමුණයි.

KVPL, එහි මව් සමාගම වන හේලීස් සමූහයේ ආදර්ශය අනුගමනය කරමින්, KVPL හි Corporate DNA ලෙස හැඳින්වෙන තමන්ගේම ESG කේන්ද්‍රීය සැලැස්ම හඳුන්වා දුන්නේය. මෙම සැලැස්ම KVPL හි ප‍්‍රායෝගික ක‍්‍රියාවන් තුළින් සමාජ සහ පාරිසරික වගකීම් සඳහා කැපවීම පිළිබිඹු කරයි.

විද්‍යාව පදනම් කරගත් ඉලක්ක තැබීමෙන් KVPL පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත් කරගෙන ඇත. ඔවුන් එක්සත් ජාතීන්ගේ CEO Water Mandate අනුගමනය කරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ප‍්‍රාදේශීය වැවිලි සමාගම වන අතර ඒ හරහා ජලය ඉතිරි කිරීම සඳහා වූ කැපවීම අවධාරණය කරයි. එය ප‍්‍රධාන ක්ෂේත‍්‍ර හයක් පුරා විහිදෙයි. දේශගුණික මධ්‍යස්ථභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ඔවුන්ගේ කැපවීම සමඟ පෙළගැසී ඇති ගස් සිටුවීම සහ ජල සංරක්ෂණ වැඩසටහන් අගය කළ යුතුය. මෙවැනි වැඩසටහන් වල  ප‍්‍රතිඵලයක් ලෙස 2023 වර්ෂයේ හල්ගොල්ල වතුයායේ දී කරන ලද ජෛව විවිධත්ව තක්සේරුව, 2018 වර්ෂයට සාපේක්ෂව සසඳන විට 39% ක වර්ධනයක් වාර්තා කර ඇත.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව