කැලණි කේබල්ස් සමාගම SLIM Brand Excellence- 2020 සම්මාන උළෙලේදී Restart Sri Lanka Resilience Award සම්මානය ඇතුළුව සම්මාන 2කින් පිදුම් ලබයි

Kelani -SLIM Awards -2020

ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම පසුගියදා පැවැති 19වන SLIM Brand Excellence-2020 සම්මාන උළෙලේදී Restart Sri Lanka Resilience Award සම්මානය හා අන්තර් ව්‍යාපාරකරණය වෙනුවෙන් පිරිනමන B2B Brand of the Year අංශයෙහි සම්මානයක් දිනාගැනීමට සමත් විය. ශී‍්‍ර ලංකාවේ සන්නාම විශිෂ්ටත්වය ඇගයීමට ශී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය විසින් (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පසුගියදා පැවැත්විණ. කැලණි කේබල්ස් සමාගම මෙවර සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වූ අන්තර් ව්‍යාපාරකරණය වෙනුවෙන් පිරිනමන B2B Brand of the Year සම්මානය පෙර පැවැති SLIM Brand Excellence සම්මාන උළෙලවලදීද සම්මානයට පාත‍්‍රව තිබේ.

මෙවර පැවති SLIM Brand Excellence-2020 සම්මාන උළෙලේදී පමණක් විශේෂයෙන්ම තිළිණ කළ Restart Sri Lanka Resilience Award සම්මානය කොවිඞ් වසංගත සමයේ මෙරට සමාගම් සාර්ථකත්වයට පත්වීමට අනුගමනය කළ කි‍්‍රයා පරිපාටිය සැලකිල්ලට ගනිමින් පිරි නැමූවකි. එම විශේෂ සම්මානයෙහි කැලණි කේබල්ස් සමාගමට හිමිවූයේ මහා පරිමාන සමාගම් පරිභෝගික භාණ්ඩ (Fast Moving Consumer Goods Sector) අංශය වෙනුවෙනි.

කැළණි කේබල්ස් සමාගම හිමිකරගත් SLIM Brand Excellence සම්මාන පිළිබඳව අදහස් දැක්වූ එම සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවසුවේ, ‘ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි හා සන්නිවේදන රැහැන් සමාගම ලෙසින් යළිත් වරක් SLIM Brand Excellence සම්මාන 2කින් පිදුම් ලැබීම සම්බන්ධයෙන් අප සාඩම්බරයට පත්වෙනවා. විශේෂයෙන්ම මෙවර සම්මාන උළෙලේදී පමණක් පිරිනැමූ Restart Sri Lanka Resilience Award සම්මානය හිමිවීම පසුගිය වසරවල සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය හා කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අඛණ්ඩ සාර්ථකත්වයක් පවත්වාගැනීමට අප සමාගම කටයුතු කළ ආකාරයට කදිම සාක්ෂියක් වූවා. විශේෂයෙන්ම කැළණි කාර්ය මණ්ඩලය එකා මෙන් වෙහෙසීමෙන් කටයුතුකිරීම ඇගයීමක්. එමෙන්ම මෙරට පරිසරය හා ජන ජිවිතයට හානි සිදු නොකරන වෙනත් ව්‍යාපාර වෙනුවෙන් දායකත්වය සැපයීමත් අප සමාගම බොහෝ කැපවීමෙන් යුතුව සිදු කරන්නේ එමගින් දෙවන පෙළ ව්‍යාපාර හා එයට දායකවූවන් ගොඩනැගීමේ අරමුණෙන්. වෙළෙඳ සන්නාම ඇගයීමට ලක් කෙරෙන ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම සම්මාන උළෙලවන SLIM Brand Excellence සම්මාන උළෙලේදී B2B Brand of the Year අංශය සඳහා යළිත් වරක් හිමි කරගත් මෙම සම්මාන අපේ සමාගම දකින්නේ ව්‍යාපාර ලෝකයේ වර්ධනයට හා පාරිභෝගික තෘප්තිමත්භාවය වෙනුවෙන් අප දක්වන උනන්දුව හා කැපවීමට සිදු කළ ඇගයීමක් ලෙසිනුයි.’ යන්නය.

 




 

 

මෙම සම්මාන ප‍්‍රදානයට එක්වූ කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී ආචාර්ය, අනිල් මුණසිංහ මහතා පැවසුවේ, ‘කැලණි කේබල්ස් සමාගම නිෂ්පාදන ප‍්‍රමිතියේ විශිෂ්ටත්වය කෙරෙහි දක්වන්නේ දැඩි අවධානයක් හා උනන්දුවක්. මන්ද පාරිභෝගික සංතෘප්තියට කැප වූ වෙනත් ව්‍යාපාර හා ව්‍යාපෘතිවල සාර්ථකත්වයට අප සමාගමේ තිබෙන සබඳතාව අතිවිශාලයි. අප සමාගමේ ප‍්‍රමුඛතම නිෂ්පාදනයවන වයර් හා සෙසු නිෂ්පාදනවල උසස් ප‍්‍රමිතිය හේතුවෙන් මෙරට සෙසු ව්‍යාපාරවල සාර්ථකත්වය, ගෘහස්ථ හා කර්මාන්ත ගොඩනැගිළිවල සුරක්ෂිතබව හා ජනදිවිය සුවපහසු කරන සමාගමක් බව මෙම සම්මානයෙන් යළිත් තහවුරුවුණා.’ යන්නය.

SLIM Brand Excellence සම්මාන උළෙලේදී කැළණි කේබල්ස් සමාගම ලද ජයග‍්‍රහණය පිළිබඳව එම සමාගමේ වෙළෙඳ සන්නාම සංවර්ධන කළමනාකරු චන්න ජයසිංහ මහතා පැවසුවේ, ‘ඉදිකිරීම් හා ව්‍යාපෘති අංශයේ සන්නාම අතර කැලණි කේබල්ස් දිඳුළන වෙළෙඳ සන්නාමයක් බව අප සමාගමට හිමි වූ නවතම සම්මාන කදිම සාක්ෂියක්. මෙරට ව්‍යාපාරික ක්ෂේත‍්‍රය හා ජනතාවගේ ආදරය දිනූ වෙළෙඳනාමයක් ලෙසින් කැලණි කේබල්ස් කීර්තිමත් වන්නේ අප නිපදවන භාණ්ඩවල උසස් ප‍්‍රමිතිය, පාරිභෝගික අවශ්‍යතාවට සරිළන නිෂ්පාදන විවිධාංගීකරණය හා නිෂ්පාදන ප‍්‍රවර්ධනය වැනි අංග හේතුවෙනුයි. එහෙයින් සන්නාම විශිෂ්ටත්ව සම්මාන උළෙලෙහි ඇගයීමට ලක්වීම එවැනි කාර්යයන් සඳහා අප තවදුරටත් දිරිමත්කිරීමක්.’ යන්නය.

100%ක්ම දේශීය සමාගමකවන කැළණි කේබල්ස් සමාගම, ගෙවුණු 50වසර පුරා දෙස් විදෙස් හි පිරිනැමෙන බොහෝ තත්ත්ව සහතික රැසකට හිමිකම් කී සමාගමකි. ඒ අතර ISO 14001 තත්ත්ව කළමනාකරණ පද්ධති හා ISO 14001 පරිසර කළමනාකරණ සහතිකය ලබා ඇත. එමෙන්ම එම සමාගම ගෞරවනීය සම්මාන රැසක් දිනාගෙන ඇත. ඒ අතර 2017 හා 2019 වසරවලදී World Class Global Performance Excellence Awards සම්මානයෙන්ද පිදුම් ලැබූ කැලණි කේබල්ස් සමාගම වසර 2012, 2013, 2016, 2017 හා 2019 යන වසරවලදී SLIM Brand Excellence හි B2B Brand of the Year අංශයේ රන් සම්මානය, 2018 SLIM Brand Excellence හි B2B Brand of the Year අංශයේ රිදී සම්මානය කැලණි කේබල්ස් සමාගම දිනාගත්තේය. තවද 2015 හා 2018දී SLIM Brand Excellence සම්මාන උළෙලේදී විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මානය දිනාගත් කැලණි කේබල්ස් සමාගම වසර 2016දී සමාජ කතිකා හා වැඩපොල සහයෝගීතා රන් සම්මානය හා National HR Excellence රීදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම එම වසරේදීම ‘ජනාධිපති පරිසර සම්මාන උළෙල – 2016 දී ^Presidential Environmental Awards& විශිෂ්ටතම හරිත වාර්ථාකරණය වෙනුවෙන් පිරිනැමෙන රන් සම්මානය හා ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් පිදෙන ජාතික තත්ත්ව සම්මානය හිමි කරගැනීමට සමත්විය. තවද 2015 හා 2016 වසරවලදී ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය’ හිමිකරගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත්විණ. එයට අමතරව එම සමාගම 2015 ජාතික හරිත සම්මානය, GEO Responsibility Award -2014, ‘ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මානය 2012 හා 2013’ හිමිකරගෙන ඇත. එමෙන්ම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන SLITAD People Development – 2013 රන් සම්මානය දිනාගැනීමට සමත් වූ කැලණි කේබලස් සමාගම කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානය 2006, 2007 2008 යන වසරවලදී දිනාගනු ලැබිණ. 2008දී කර්මාන්ත විශිෂ්ටත්ව පළිගු සම්මානය, 2006 හා 2016දී ජාතික තත්ත්ව සම්මානය, 2007දී ටයිකි අකිමොටෝ 5S රන් සම්මානය, 2010දී ජාතික සුරක්ෂිතතා රන් සම්මානය, එමෙන්ම කැළණි කේබල්ස් තිරසාර ආර්ථික, සමාජ හා පාරිසරික සංවර්ධනයට ප‍්‍රතිඥාදෙමින් National Green Reporting System ක‍්‍රමවේදයට අනුගත ශී‍්‍ර ලංකාවේ පළමු සමාගම් කිහිපය අතරට එක්වූ සමාගමකි. තවද පරිසර හිතකාමී හා වෘත්තීය සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දක්වන විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Responsibile Care ලාංජනය භාවිතාකිරීමේ සහතිකය හිමි සමාගමක් හෙයින් කැලණි කේබල්ස් නිෂ්පාදනවලට අපනයන වෙළෙඳපොලේ විශේෂිත පිළිගැනුමක් හිමිවේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව