කාර්ට් එස්. එල්, ලිෂා ග්‍රින් හා අත්වැල් බැඳ ගනිමින්සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු කිරීමේ විසඳුම් හඳුන්වා දෙයි

cart-sl

පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු කිරීම් නිෂ්පාදන විසඳුම් ඉදිරිපත් කිරීමේ දීමේ ප්‍රමුඛයා වන කාර්ට් එස් එල්, පිරිසිදු කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳ පොළ සැලකිලිමත් වන අවශ්‍යතා සපුරන ලිෂා ග්‍රීන් නිෂ්පාදන බෙදා හැරීම පිණිස දැන්, ශ්‍රී ලංකාවේ අංකුර ව්‍යවසායකයින් හට සහය සලසන සිය අන්තර්ජාල අවකාශය වන https://istockup.store/cartsl හි ඉඩකඩ වෙන් කර තිබේ. අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය පාරිභෝගිකයින් හට පහසු මිලට සැපයීමේ අවශ්‍යතාව අවබෝධ කර ගනිමින්, ඒ සඳහා  ස්ථිරසාර හා සෞඛ්‍යාරක්ෂිත විසඳුම් ලබා දීමට කාර්ට් එස්. එල් අපේක්ෂා කරයි.

COVID 19 ව්‍යාප්තිය හේතුවෙන්, පිරිසිදු කිරීමේ නිෂ්පාදන සඳහා ඉල්ලුම ඉහළ නැංවුණු අතර, ඒවා නිරන්තර භාවිතයද වැදගත් කාරණයක් බවට පත් වෙමින් තිබේ. කාර්ට් එස්. එල් මේ වන විට, හෑන්ඩ් වොෂ් 500ml, හෑන්ඩ් සැනිටයිසර් 100ml/500ml, ඩිෂ් වොෂ් 475ml හා ජෙනරල් සැනිටයිසර් 4l බෙදා හරිමින් අලෙවි කරයි. මෙම සෑම නිෂ්පාදනයක් සඳහාම තොග ඇණවුම් සඳහා ලබා දිය හැකි අතර, නිවාස හා කාර්යාල ප්‍රයෝජනය සඳහා  මෙම නිෂ්පාදන නිර්දේශිත ය.

පාරිභෝගිකයින් හට සරල පියවර තුනකින් මෙම නිෂ්පාදන iStockUp store මගින් හරහා ඇණවුම් කළ හැකි අතර, ඇණවුම් නිවස් වෙත බෙදා හැරීමේ කාර්යක්ෂම ක්‍රම වේදයක් පවතී. මේ වන විට, කොළඹ, නුගේගොඩ, නාවල, වැල්ලවත්ත, ගල්කිස්ස, දෙහිවල හා කොහුවල යන ප්‍රදේශවල බෙදා හැරීම් ක්‍රියාත්මක වන අතර,  අනෙකුත් දිස්ත්‍රික්ක සඳහාද බෙදා හැරීම් සේවාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.

ඇල්කොහොල් පාදකර ගත් ලිෂා ග්‍රීන් හෑන්ඩ් සැනිටයිසර් නිෂ්පාදනයේදී‍්, ඒ සඳහා වන WHO හි සම්මත උපදෙස් මාලාව අනුගමනය කරමින් නිෂ්පාදන කරනු ලබයි. මෙම නිෂ්පාදනයන්හි 65% -76% අතර ප්‍රමාණයක ඇල්කොහොල් අඩංගු කර ඇති අතර, ජලය සමග හෝ වෙනත් කිසිදු ද්‍රව්‍යයක් සමග තනුක කර නොමැත. ලිෂා ග්‍රීන් නිෂ්පාදන පෙළ නිපදවනු ලබන්නේ දිරාපත් වන සංඝටක භාවිතයෙන් වන අතර පරිසර හිතකාමී මෙන්ම හරිත  නිෂ්පාදනාගාරයක ඒවා නිෂ්පාදනය කෙරේ.

නිෂ්පාදනයේදී සෞඛ්‍යාරක්ෂාව සඳහා ප්‍රමුඛස්ථානයක් හිමි වන අතර, වෙළඳපොළෙහි ඇති සැලකිය යුතු අවශ්‍යතා හඳුනා ගනිමින්,  තිරසාර හරිත විසඳුම් පිළිබඳ නව සංකල්ප ලිෂා ග්‍රීන් භාවිතා කරයි. ලිෂා ග්‍රීන් පිරිසිදු කිරීමේ නිෂ්පාදන පාරිභෝගික සෞඛ්‍යයට හිතකර වන අතර, පරිසරයේ යහපැවැත්ම වෙනුවෙන්ද සවිඥානිකය. පරිසර හිතකාමී පිරිසිදු කිරීමේ නිෂ්පාදනයන්හි වටිනාකම් පිළිබඳව දැනුවත් කිරීමට කාර්ට් එස්. එල් හා ලිෂා ග්‍රීන් බලාපොරොත්තු වන අතර, තිරසාර හා සෞඛාරක්ෂිත නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමටද අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතිය, Rocketeer Labs හා iStockUp store සමග අත්වැල් බැඳ ගනිමින්, පෙළඹීම හා දැනුවත් කිරීම සඳහා වේදිකාවක් වන PR Wire Impact මගින් ක්‍රියාත්මක කෙරේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තිරසාර වටිනාකම් සුරක්ෂිත බව සහතික කරමින්, ව්‍යාපාරික අරමුණු හා අභිලාශ සාක්ෂාත් කර ගැනීමට ආයතනයන්ට සහාය වන PR Wire Impact, කුඩා පරිමාණ ව්‍යාපාර සහ අනාගත ව්‍යවසායකයින් හඳුනා ගැනීම කෙරෙහි නිරතුරු අවධානය යොමු කරයි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව