කාන්තා ව්‍යවසායකයින් බල ගැන්වීම වෙනුවෙන් ‘DIVA දෑතට දිරිය’ වැඩසටහන දියත් කරයි

Image of the Hemas Team, WIM Team and the Participants (LBN)

 



 

 

සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක් වී, කාන්තාවන් විසින් සිය පවුලට, සමාජයට සහ රටට සිදු කරනු ලබන සුවිශේෂී දායකත්වය අගයනු වස් කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහි දී ඔවුන්ගේ ගෘහස්ථ නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා  සහයෝගය ලබා දීමට ද කටයුතු කරයි. මෙම වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන  2023 ජනවාරි මාසයේ දී දංකොටුව ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, එය ජාතික වැඩසටහනක් වශයෙන් මුළු දිවයින ම ආවරණය කිරීමට නියමිත ය. දින නවයක කාලයක් පුරා පැවති මෙම පුහුණු සැසිය නිමා කළ කාන්තාවන්ගේ දක්ෂතා සහ නිපුණතා ඇගයීම වෙනුවෙන් සම්මාන උළෙලක් ද DIVA විසින් පවත්වන ලදී. එමෙන් ම මෙම වැඩසටහනට සමගාමී ව සහභාගිවන කාන්තාවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කෙරෙන අතර, අවසානයේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා කාන්තා ව්‍යවසායකයින්ගේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම  වෙනුවෙන් මූල්‍ය ත්‍යාග පිරිනැමේ.

ආහාර පිසීම, ගේ දොර පිරිසිඳු කිරීම, රෙදි සේදීම ආදී කාර්යභාරයන් මෙන් ම පවුල රැක බලා ගැනීම සහ දරුවන් හදා වඩා ගනිමින් ඔවුන් පෝෂණය කිරීමේ කාර්‍යයන් සඳහා කාන්තාව ඉමහත් දායකත්වයක් ලබා දෙයි. ඊට අමතරව දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීම, පවුලට ජීවය එක් කිරීම, සමාජය ගොඩ නැංවීම සහ ශ්‍රම බලකායේ කොටසක් ලෙසින් ජාතික ආර්ථිකයට ශක්තිය සැපයීම වෙනුවෙන් ද කාන්තාවන් දක්වන්නේ සුවිශේෂී දායකත්වයකි. කාන්තාවන්ට ලෝකයේ හදවත් දිනා ගැනීමට හැකි වුව ද, ඇතැම්  කාන්තාවන්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක්, දැනුමක් හෝ සහයෝගයක් නො ලැබීම කණගාටුවට කරුණකි. එම නිසා ම  දක්‍ෂ කාන්තා ව්‍යවසායකයින්ට අත්වැලක් සැපයීම  DIVA දෑතට දිරිය වැඩසටහන මඟින් අපේක්ෂිත ප්‍රධානතම අරමුණ යි. ව්‍යාපාර සාර්ථක ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෘත්තීයමය උපදෙස් සහ වෘත්තීය කුසලතා නංවාගැනීම වෙනුවෙන් කාන්තාවන්ට සහයෝගය ලබා දෙන  DIVA දෑතට දිරිය වැඩසටහන මගින් ඔවුන්ගේ ව්‍යාපාරික ජීවිතය සහ සාමාන්‍ය පවුල් ජීවිතය කළමනාකරණය කර ගැනීමට උපදෙස් මෙන් ම  මූල්‍ය හා ඩිජිටල් සාක්ෂරතාව ලබා දීම ද කැපී පෙනේ. එමෙන් ම  බිම් මට්ටමේ ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් සඳහා සහයෝගය ලබා දෙමින්, කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම මගින් ජාතික ආර්ථිකයට ශක්තියක් වීම DIVA හි අරමුණයි.

මෙම වැඩසටහන පිළිබඳ ව  අදහස් දක්වමින් Hemas Consumer Brands සමාගමේ ගෘහ සත්කාරක නිෂ්පාදන අංශයේ ප්‍රධානී අනුෂ්කා සබානායගම් මහත්මිය පැවසුවේ, ” DIVA සන්නාමයේ අරමුණ කාන්තාවන් බල ගන්වමින්, ඔවුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහයෝගය ලබා දීමයි. කාන්තාවන්ට අත්වැලක් විදියට, DIVA දෑතට දිරිය වැඩසටහන හරහා ඔවුන්ගේ ව්‍යවසායකත්වයේ ගමනට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීම අපගේ ප්‍රධානතම අරමුණයි.  මෙහි දී හොඳම ජයග්‍රාහිකාවන් තිදෙනාට ඔවුන්ගේ ව්‍යවසායකත්ව සිහිනය සැබෑ කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දීමට අපි සියලු ම කටයුතු සූදානම් කරල තිබෙනවා. මෙම ව්‍යාපෘතිය DIVA සන්නාමයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහනක්. කාන්තාවන් සවි බල ගන්වමින්, අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකි වන අයුරින් ඔවුන්ගේ ජීවිත පහසු කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. ප්‍රමිතියෙන් උසස්, කාර්යක්ෂමතාවෙන් ඉහළ  නිෂ්පාදනයක් වන DIVA කාන්තාවන්ගේ එදිනෙදා වැඩකටයුතු සඳහා වැය වන කාලය අවම කරන නිසා, එසේ ඉතිරි වන කාලය ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන් වැය කිරීමේ අවස්ථාව ලැබෙන බවත් පැවසිය යුතු ම යි.”

“තොටිල්ල පදවන අත, ලෝකය පාලනය කරයි” යන සුප්‍රසිද්ධ කියමනෙන් ඇඟවෙන පරිදි  කාන්තාව මීළඟ පරපුර පෝෂණය කරන බවත්, එමඟින් රටේ සංවර්ධනය කෙරෙහි ප්‍රබල බලපෑමක් සිදු කරන බවත්, එයට නිසි ඇගයීම හා ආදරය ඇය වෙත ලැබිය යුතු බවත් අප අවබෝධ කර ගත යුතු ය. DIVA දෑතට දිරිය වැඩසටහන මගින් කාන්තාවන් සතු ශක්තිය හඳුනා ගනිමින්, අනාගතය ජය ගැනීමට නිරන්තරයෙන් ඔවුන් දිරිමත් කරයි.

වසර 20 ක සිය ගමන තුළ දී, දේශීය පාරිභෝගිකයින්ගේ දිනෙන් දින වෙනස්  වන අවශ්‍යතා මනා ලෙස හඳුනා ගනිමින්, ඒ සඳහා විසඳුම් ලබා දෙන දේශීය ගෘහස්ථ සන්නාමයක් ලෙස, උසස් රෙදි සෝදන නිෂ්පාදන නිපැයුම් හරහා  ශ්‍රී ලාංකේය ජාතියට ශක්තියක් වීමට  DIVA හට හැකි වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව